Breaking News

Gossip

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ දිවි ගමනට සමුදෙයි

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores eos qui.

Published

on

ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. පසුගිය සතියේ හදිසි අසනීප තත්තත්වයක් හේතුවෙන් ඔහු රෝහල් ගතකර සිටි ඔහු මිය යන විට 68 වන වියේ පසු වුණා.

මෙරට සිංහල සිනමාවේ ප්‍රවීන රංගන ශිල්පියෙකු වන ඔහු ප්‍රකට හාස්‍ය රංගන ශිල්පියෙක් ලෙස දශක ගණනාවක් සිය රසික ජනතාවගේ හදවත් අමන්දානන්දයට පත් කරනු ලැබුවා.

Gossip

ජංගම දුරකතනයට ආශා කළ දැරියන් දෙදෙනකුට දුරකතන තෑගි කර අපයෝජනය කරලා

Published

on

පුංචි දරුවෝ ජංගම දුරකතනවලට දක්වන්නේ සුවිශේෂී ඇල්මකි.ඒ බොහෝ විට විඩීයෝ ගේම් හෙවත් විඩියෝ ක්‍රීඩාවල නිරත වීම සඳහාය.මව හෝ පියා  සේවය නිමවී නිවසට පැමිණෙන තුරු ඇතැම් දරුවන් බලා සිටින්නේ ජංගම දුරකතනය අල්ලා ගැනීමටය ඇතැම් මව්පියන් දරුවන්ට ඇති ආදරය නිසාම ඔවුන් ඉල්ලන ඉල්ලන දේ දීමට පෙළඹෙන නමුත් ඇතැමුන් එසේ කරන්නේ නැත. එවැනි අවස්ථාවල මව්පියන්ගෙන් නොලැබෙන දේවල්පි ටස්තරයන්ගෙන් හෝ ලබා ගැනීමට ඇතැම් දරුවන් පෙළඹෙන්නේ තම ආශා කරන දේ කොහෙන්, කාගෙන් හෝ ලබාගැනීමේ අරමුණෙනි.මේ බව දන්නා ඇතැම් තිරිසනුන්ටත් අත්ත මිනිසුන් හය හතර නොදන්නා පුංචි එවුන් රවටා ඔවුන් ආශා කරන දේවල් ලබාදී දරුවන්ගේ අනාගතයම විනාශ කිරීමට උත්සාහ කරන්නේ ඉතා නින්දිත ලෙසය.

ජංගම දුරකතනයට ආශා කළ පහලොස් හැවිරිදි  දැරියන් දෛදෙනකු  අමනුස්සයන් වැනි මිනිසුන් අතින් අපයෝජනයට ලක්  වූ සිදුවීම් දෙකක් පසුගියදා  නාවලපිටිය සහ වැලිකඩ පොලිස්ථාන වලිනි.වාර්තා වුනා  

මින් එක්දැරියක් වනනේ  පියුමාලියි. ඇය වයස අවුරුදු 15කි, පදිංචිව සිටියේ පූඩළුඔය ප්‍රදේශයේය. ඈය කුඩාකල සිටම වයස අවුරුදු 18ක වූ  රාජා නමැති  තරුණයකු සමග පෙමින් බැඳුණාය,  ඔහු නාවලපිටිය.රොජසන් ගම පදිංචිකරුවෙකී.  පුඩළුඔය සිටින පියුමාලිට නාවලපිටියේ සිටින පෙම්වතා, දිනපතා හමුවීමට නොහැකි නිසා ඇය එ සඳහා ජංගම දුරකතනයක පිහිට පැතුවාය.ජංගම දුරකතනයක් මිලදීගැනීමට  වත්කමක් නොතිබුන අතර ඒ සඳහා තමන්ගේ  සීයාගේ පිහිට පැතුවාය. මේ සීයාගේ වයස අවුරුදු  84කි  සීයා නාකි මනමාලයෙකී. තම සීයා එවැනි කෙනකු බව ඇය දැනසිටියේ නැත, පෙම්වතාට දුරකතන ඇමතුම් ලබා ගැනීමට සීයාගේ ජංගම දුරකතනය ඉල්ලාගෙන යන පියුමාලිට ඒ සඳහා තමන්ගේ සිරුරෙන් වන්දි ගෙවීමට සිදුවිය. පෙම්වතාට දුරකතන ඇමතුම් ගන්නට ජංගම දුරකතය දෙන සැම අවස්ථාවකම සීයා, පියුමාලි අපයෝජනය කළේ සිත්පිත් නැති අධමයකු ලෙසය.

මේ අතර රාජාගේ පියා හදිසියේ මියගියේය. පියුමාලි පෙම්වතාගේ නිවෙසට ගියේ මිතුරියකද සමගය.පෙම්වතාගේ පියාගේ අවමගුලට සහභාගිවීම සඳහාය. පෙම්වතා නිවෙසේදී එදින රාත්‍රී ඇය අපයෝජනයට ලක්වූවාය. ඒ පෙම්වතා අතිනි. කාලය මෙසේ ගෙවීයන අතරේ  පෙම්වතා පියුමාලි කී මඟ සළකුණු ඔස්සේ පියුමාලි සීයාගේ නිවෙස සොයා යන  පෙම්වතා දකින්නේ  අදහාගත නොහැකි දසුනකි. ඒ අසුහතර හැවිරිදි සීයා තම පෙම්වතිය අපයෝජනය කරන අයුරුය.  මිනීබිරියගේ පෙම්වතා මේ සිද්ධිය දුටුබව  දැනගත් සීයා නිවෙසින් පලා යන්නේ ක්ෂණිකවය.තම පෙම්වතියට සීයාකළ අපරාධය පෙම්වතා පෙම්වතියගේ මාමාට පවසන්නේ කළයුතු හොඳම දේ යැයි සිතාගෙනය. එහෙත් සිදු වූයේ වෙනකකි. මාමාගෙන් පෙම්වතාට ගුටිබැට ප්‍රහාර එල්ල වන්නේ  නොසිතූ ලෙසය.

වඳින්නට ගිය දේවාලය හිසේ කඩා වැටුණු පෙම්වතා එතැනිත් පිටවිය. ඒ අතරේ පියුමාලිද සිය නිවෙසින් ආගිය අතක් නැතිවිය.ඇගේ මව ඇය සොයා බැරිම තැන පූඩළුඔය පොලීසියට පැමිණිල්ලක් කළාය.පියුමාලි ඊට පසුවදා නිවෙසට පැමිණියාය.  මේ ගැන විමසද්ද ඇය කීවේ පෙම්වතා අතින් පමණක් අපයෝජනය වුවකි. එහෙත් ඇය වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  අනාවරණය වූයේ ඇය බොහෝවතාවක් අපයෝජනය වි ඇති බවකි.   සැකකාර පෙම්වතා පොලිසිය විසින් අත් අඩංගුවට ගැනෙන්නේ ඔය අතරය. ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කැරිණී, 84 වියැති සීයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලෙසද නාවලපිටිය මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කළේය. දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නාවලපිටිය රෝහලට ඇතුලත් කැරිණි,  


මීට සමාන අනෙක් කතාව වාර්තා වූයේ වැලිකඩ පොලිසියෙනි.. ඇය මහේෂිකාය. මහේෂිකා පදිංචිව සිටින්නේ වැලිකඩ පොලිස් වසමේය.   මහේෂිකාට සහෝදර සහෝදරියන් කීපදෙනකු ද සිටියාය. ඇගේ පියා මිය පරලොව යැමෙන් අනතුරුවමව අනියම් සම්බන්ධයක් ඇතිකර ගත්තාය.ඒ 20I8 වසරේ සිටය. ඔහු මහේෂිකාගේ නිවසේ පදිංචියට පැමිණෙන්නේ ඔය අතරය. ඔහු උඩවලවේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 64කි. මේ තැනැත්තා  මහේක්ෂිකාගේ සිත ක්‍රමයෙක් දිනා ගන්නේ විවිධ උපක්‍රම මගිනි. මහේක්ෂිකා මේ හැට පැනපු  පුද්ගලයාට රැවැටුණාය. ඔහු ඇය අපයෝජනය කරන්නේ ඇසිල්ලේය. මේ තිරිසන් පුද්ගලයා, මහේෂිකාට ජංගම දුරකතනයක් තෑගි කරන්නේ ඔය අතරේය. ඉන්පසු ඔහු, ඇය බරපතල ලෙස අපයෝජනය කරන්නේ සිත් පිත් නැත්තෙක් මෙනි. ඒ 2018 වසරේදීය. එතැනින් නොනැවතුණ මේ පුද්ගලයා රාජගිරිය, බණ්ඩාරනායකපුර පදිංචි 54 වියැති ඔහුගේ මිතුරකුටද දැරිය අපයෝජනය සඳහා අවස්ථාව සලසාදුන්නේය.

මේ අතර දැරියගේ වැඩිමල් සොයුරිය තරුණයකු සමග පෙමින් බැඳුණාය. ඔහු සමග විවාහ වීම ඇයගේ අරමුණ විය. මේ පුද්ගලයා 36 හැවිරිදි අයෙකි. පදිංචිය මහියංගනය ප්‍රදේශයේය. ඔහු වෘත්තීය හමුදා සෙබළෙක්,  අක්කා කසාද බඳින්නට ආ මේ සෙබළා නංගී වන මහේෂිකාට ඇල්ම බැල්ම හෙලන්නට විය.’වෙන්ඩ මස්සිනා’ තින් ද  ඇය  අපයෝජනය වන්නේ ඔය අතරය.  තමා, අක්කාගේ පෙම්වතා අතින් දිගින්දිගටම අපයෝජනය වන  බව මහේෂිකා මිතුරකුට කියන්නේ ඔය අල්ල පනල්ලේදීය. තම මිතුරිය මුහුණපා සිටින සන්තෑසිය ගැන කම්පාවට පත්වුණු මිතුරා, මේ ගැන  වැලිකඩ පොලීසියට පැමිණිලි කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වුණු පොලිස් නිලධාරීන් දැරීය සොයා ගොස් ඇය සහ ඇගේ මවගෙන් මේ ගැන ප්‍රකාශ ලබාගෙන තිබිණි.  දැරිය මුලින්ම අපයෝජනය කළ 64 හැවිරිදි  පුද්ගලයා ඒවනවිට පදිංචිව සිටියේ උඩවලව ප්‍රදේශයේය. ඔහු දැරියගේ මවගේ අනියම් පුරුෂයාය.සැකකරු සොයා උඩවලවට ගිය පොලස්  නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගන්නේ නිවෙසේ සිටියදීය. දැරිය අපයෝජනය කළ 54 හැවිරිදි පුද්ගලයා සහ දැරියගේ අක්කාගේ පෙම්වතාද අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවය.  මහේෂිකා අපයෝජනය කළ තවත් පුද්ගලයන් සිටිය හැකි බව විශ්වාස කරන  පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

( under the courtesy of nethgossip.lk news web)

Continue Reading

Gossip

ශ්‍රී ලාංකික කාන්තාවන්ට සමීපතම සහකරුවන්ගෙන් අත්වන ඉරණම ගැන හෙළිදරවුවක්

Published

on

ශ්‍රී  ලංකාවේ කාන්තාවන් හා ගැහැනු ළමයින් සම්බන්ධ ප්‍රපථම ජාතික සමීක්ෂුණය වන ‘Women’s Wellbeing Survey'(wwS) මගින් කාන්තාවන්ගෙන් පහෙන් එකක් (20.4%) තම සමීප සහකරුවෙකු වෙතින් කායික සහ/හෝ ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණදී ඇති බවත්, එසේම එම ප්‍රණ්ඩත්වයන්ට මුහුණ දුන් කාන්තාවන්ගෙන් තුනෙන් එකක් (35.7%) තුළත් සියදිවි නසාගැනීමේ සිතිවිලි පහළ වී ඇති බව අනාවරණය වී තිබේ.

ඒ අනුව එහිදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ,සහකරුවෙකු වෙතින් ලිංගික ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන්ගෙන් අඩක් පමණම (49.3%) ඒ සම්බන්ධයෙන් කිසිදු උපකාරක සේවයක සහය ලබාගෙන නොමැති බව. අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම දත්ත පදනම් කරගනිමින් වූ දින 16ක විශේෂ වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල, කොළඹ මහ නගර සභාව සහ ශ්රී1 ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලය එක්ව පසුගියදා පවත්වන ලද අතර, කාන්තාවන්ට තම සමීප සහකරුවෙකු ගෙන් සිදුවන ප්රසචණ්ඩත්වය ඇතුළු ස්ත්රීා පුරුෂ සමාජභාවය පදනම් කරගත් සියලු ආකාරයේ ප්ර චණ්ඩත්වයන් වැළැක්වීම සඳහා දැනුවත් කිරීමේ අරමුණින් එය සංවිධානය කර තිබිණි.

මෙම ගැටලුව අවම කිරීම සඳහා ප්රාතිපත්ති සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දෙමින් ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ උපදේශක සහ සංවර්ධන සහයෝගීතා ප්‍රධානී ඩැනියෙල් ජොලී මහතා සඳහන් කර සිටියේ,සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සහයෝගය ලබාදීමට කැනඩා රජය පියවර ගෙන ඇති බවයි.

එසේම සමීප සහකරුවන් වෙතින් ඇතිවන ප්‍රචණ්ඩත්වය හුදෙක් කාන්තාවන්ට පමණක් බල නොපාන බවත්, එමගින් දරුවන්ට සහ පවුල්වලට මෙන්ම,
සමස්ත සමාජයටම බලපෑම් එල්ල වන බවත් මෙම වැඩසටහනට සම්බන්ධ වෙමින් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ජාතික වැඩසටහන් ප්‍රධානී සහ කාන්තා හිමිකම් සහ ස්ත්‍රී  පුරුෂ සමාජභාවය සම්බන්ධ ප්‍රහතිපත්ති විශ්ලේෂිකා ශාරිකා කුරේ මහත්මිය සඳහන් කර සිටියාය.ඒ අනුව කාන්තාවන්ට එරෙහි ප්‍රණ්ඩත්වය අවසන් කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට තුඩුදෙන සම්මතයන්ට අභියෝග කිරීම සියලු දෙනාගේම වගකීමක් වන බවට ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

( under the courtesy of nethnews.lk news web)

Continue Reading

Gossip

තැනට සුදුසු නුවණින් අපයෝජකයාගෙන් බේරුණු සිසුවිය

Published

on

මහ මඟ ගමන් කරමින් සිටි පාසල් සිසුවියක් ව පුද්ගලයෙකු විසින් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

17 හැවිරිදි අදාළ පාසල් සිසුවිය ඊයේ සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව සඳහා පාසලට ගොස් නැවත නිවස වෙත එන අතරතුර එම කරදරයට මුහුණ දී තිබේ. ප්‍රධාන මාර්ග පසුකර ගමට යන අතුරු මාර්ගයේ දී ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙක් මාර්ගය හරස්කර අදාළ සිසුවියට පහර දී අසල පාළු වත්තකට රැගෙන ගොස් ඇත.

පසුව ඇයව අපයෝජනයට ලක්කිරීමට උත්සහ කිරීමේ දී එම සිසුවිය අදාළ පුද්ගලයාගේ මුහුණ හපා කා ඇති අතර, ගලකින් මුහුණට ගසා එම ස්ථානයෙන් පළාගොස් තිබේ.

පසුව ඇල්ල පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත සැකකරු සොයා වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.ගම්වාසීන් පවසා සිටියේ එම ප්‍රදේශයේ පවතින පාළු ස්වභාවය හේතුවෙන් මීට පෙර ද එවැනි ම අවාසනාවන්ත සිදුවීමක් සිදුව ඇති බවය.

ඒ පිළිබඳ අදහස් දැක්වු තවත් තරුණියක් මෙසේ කියා සිටියා,

“2014 දීත් මේ වගේම සිදුවීමක් වුණා. මගේ යාළුවෙක් ඇදගෙන ගිහින් තිබුණා කැලේට. එයාව හම්බවුණේ පහුවදා දවසක.” ඉඩම් හිමිකරුවන් විසින් එම ප්‍රදේශය එළිපෙහෙළි නොකිරීම මෙවන් අනතුරු බහුල වීමට හේතුවී ඇතැයි ගම්වාසින් චෝදනා කර සිටිනවා.

( under the courtesy of nethgossip.lk news web)

Continue Reading

Trending

Translate
Translate