Breaking News

Heart felt Quotes

හිච්චි මැනික

Temporibus autem quibusdam et aut officiis debitis aut rerum necessitatibus saepe eveniet ut et voluptates.

Published

on

තද කර නෙරිය සිහිනිග ගෝමර පිරුන
නාබිය හොරෙන් ඉස්සෙයි පැද්දෙන උකුල
හෙමිහිට තබන අඩියට සැලෙනා සලබ
දාඩිය බිංදු තෙමුවයි මගෙ රලු පපුව

උස්සා ලමැද්දේ තදවුන හැට්ට කර
හොරැහින් පෙනේ නුබෙ බෙල්ලේ කලු ලපය
කරවුන හැට්ට කට්ට මොටද කිටි කිටිය
නුබෙ දාඩියත් පුසුබයි මට ඉමිහිරිය

වෙන්නට සිතයි නුබෙ උකුලේ කලගෙඩිය
පැද්දෙන තාලෙ හැකි වේ ඉග තෙමන්නට
ගිගිරිහඩ පරදන නුබෙ කටහඩට
සත්තයි මං විතරද මැනිකේ ලෝබ

ඉර පායා ඉර අවරට යන කලට
සීපද ඇසෙන රෑසීතල රාවයට
පෙති සමන් ඇහැරෙනා රෑ හිරිකඩට
පාලුව මකන්නේ මැනිකේ නුබෙ දොලට

Arina Glory

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Heart felt Quotes

යටගිය ආදරය

Quis autem vel eum iure reprehenderit qui in ea voluptate velit esse quam nihil molestiae consequatur, vel illum qui.

Published

on

By

❤❤❤❤❤❤❤❤❤❤

මුමුනන කොදුරන තෙරපන ලා සිහිනයක
ඇවිදින් මිමිනුවා දවසක් නුබ අරුමයක
ආදර බැලුම් මා නෙත් යුග දැවටුමක
රන්දා පෙමින් බැදුනා යටගිය දවසක….

පාසල් සේවයේ නුබ වුනි රියැදුරු
මා වෙමි අන්තිම ඇසුනේ නුබෙ සිතේ සොරූ
පැති කන්නාඩියෙන් නුබෙ වත පෙනෙන යුරු
දැක කිලිපුනා කුලුදුල් පෙම වියරූ

පෙම කවි කියන්නට නැතමට අවසර
මන්ද මම තවත් සිසුවියකි සොදුර
පෙම්හසුන් ලැබෙනවිට යනෙනා අතරතුර
දැනුනා සේය රන් ලැබුනා සේ මිහිර

නුබේ හිතේ අදර හැගුමන් පෙන්නා
ආදර සිංදු මහ හයියෙන් වැකුනා
අමතර පංති මගහැර බස් නැවතුමෙනා
එක කුඩයක් යට ආදර පෙම වෙලුනා

දැනගත් විගස නුබෙ ගෙදරින් කෙනෙහෙලිය
වෙන්න්ට වූයෙ අපි අමතක කරනටය
ඉරනම අපට සරදම් පෑ හැටිය
රත්තරනේ අද අපි ඉන්නේ දෙතැනකය…

නුබ වී අද තුටින් දරු දෙදෙනෙකුගෙ පියා
මම තව හඩමි නුබෙ මතකෙන් සෙනෙහෙ තියා
නුබේ පුතුගේ පෙර පාසල් මවක වෙලා…
තවමත් විදිමි නුබේ සුවද පුතු උකුලේ තියා…

Arina Glory

Continue Reading

Heart felt Quotes

සතුට

Nemo enim ipsam voluptatem quia voluptas sit aspernatur aut odit aut fugit, sed quia consequuntur magni dolores.

Published

on

By

සතුට❤

තායි ස්පා ගොඩනැගිල්ලක
ඉදිරියෙන් නවතා තිබුනා
ප්‍රාඩෝ රියක්…..
එකෙකු මොණර කොලෙන්
සම්බාහනේ පහස විදිද්දී..
බිම ඇතිරූ ඉදුල් බත් පතක රස
උපරිමෙන් විදින,
යාචකයෙක් උන්නා…
ස්පා ගොඩනැගිල්ලේ හෙවනැල්ල යට..

එකම අහසක්
ඉරණම් දෙකක්
දෝලනය වෙයි සතුට
ගිනියම් මද්දහනේ.
පිලුනු ඉදුල් බත් පතයි
රස නහර පිනන
ඉමිහිරි අතුරුපසයි
අතර…..

Arina Glory

Continue Reading

Heart felt Quotes

තාත්තාගේ උපන් දිනේ

Sed ut perspiciatis unde omnis iste natus error sit voluptatem accusantium doloremque laudantium, totam rem aperiam.

Published

on

By

කෝච්චියට නගින්න හදද්දි ලු දැක්කේ එක කකුලක සෙරෙප්පුවක් නැති වග..අම්ම කෑ ගහනව එන්න එන්නම සිහිය අඩුයි කියලා…ගෙදර ආපු තාත්තාගෙ කකුල් ඉදිමිලා…පැනඩෝල් පෙත්තක් බීල තෙල්.ටිකකක් ගාගෙන බිම රෙද්දක් අතුරලා දිගා උනා අනේ ඇදේ නින්ද යන්නෙ නෑ කියලා…

නොකීවට තාත්තේ ඒ දුක මට නොතේරුනා නෙවෙයි..ඇදේ ඇල නොවුනෙ කොන්දෙ අමාරුවට කදු පල්ලම් ඇති මෙට්ටෙ ඇගට දුකක් නිසා…බේත් ගන්න සල්ලි නැති කමට වත් ලෝබ කමටවත් නෙවෙයි තෙල් කුප්පියේ පිහිට පැතුවේ…ඒ අන්තිම රුපියලිනුත් ගෙදර එද්දි මුනුබුරු මිනිබිරියන්ට පේර ,රටකජු,විස්කෝතු ගේන්න නේද තාත්තේ……

තාත්තගේ සුදු දිග රැවුලට අයියා හිනා වෙනවා..උබට හිතුන්නැද්ද බන් අයියේ ඒ රැවුල සුදු වුනේ අපට තාම හම්බ කරන්න දුක් විදින හන්දා කියලා…තාත්තගේ අන්ඩ දාපු සරමටයි කබල් ෆෝන් එකටයි ඇයි බම් තරුන උබ හිනා වෙන්නෙ .. උබේ වයසේ තාත්තා ඉද්දි එයා හම්බ කරලා සීයව බැලුවා..සීයා අන්තිම කාලේ උන්නෙ හොද සැපට විශ්‍රාම සුවෙන්….

අපි දන ගාද්දිත් තාත්තා හම්බ කලා..ඉස්කෝලෙ යද්දිත් හම්බ කලා…. උපාදිය කද්දිත් හම්බ කලා…කසාද බද්දිද්දිත් හම්බ කලා…රස්සාවක් කරද්දිත් හම්බ කලා…කියන්නත් ලැජ්ජයි දරු මුනුබුරෝ දැකලත් තාම වැඩට යනවා… නැවැත්තුවට ගෙදර ඉන්නෙත් නෑ…. නිකන් ඉදලා පුරුදු නැල්ලු…මැරෙනකල් හම්බ කරලා මුනුබුරන් ට කන්න දීලා බලන් සතුටු වෙන්න ඕනිලු….

අයි පෝන් ගන්නවත් ,අවුඩියක් පදින්නවත්,හියුගෝ බොස් සැන්ට් ගාලා රජ වෙන්ට නෙවෙයි ඒ ආසාව…නිර්මල සෙනෙහෙබර හීනයක් ඒ සරල ආත්මය තුල තියෙන..

වැඩට ගිහින් එන ගමන් වෙලාව රෑ හතයි..තාත්තට සෙරෙප්පු ජෝඩුවක් ගෙනාවා… ඇවිත් බලද්දි තාත්තා වැඩ ඇරලා ඒත් ඇවිත් නෑ… කෝච්චි ඉස්ට්‍රයික් ලු…

පිටකොටුවෙ ඉදන් ඇවිත් බස් එකෙන් බැහැලා රුපියල් විස්සේ වීල් එකෙන් බාගයක් දුර ඇවිත් ඉතුරු හරිය පයින්ම ආපු තාත්තා ගෙට ආපු ගමන් තෑගි දුන්නේ මට.කොටුවෙන් ගෙනාපු ලස්සන චීත්ත රෙද්දක් .අම්මපල්ල කදුලක් ආවෙ දුකටද මා ගැන ලැජ්ජාවටද මට තාම නිච්චියක් නෑ……ළමයි තුනක් වදපු අවුරුදු තිහ පැන්න නාකි මම තාත්තට තාම බඩ පිස්සී…..

වාඩි වෙලා මහන්සියට තේක බිබී විභාගෙ ලේසිද පුතේ කියලා ආගිය තොරතුරු අහපු තාත්තට පොඩ්ඩි අතින් ගත්තු සෙරෙප්පු කුට්ටම තෑගි කලා…මට නැවෙන්නත් අමාරුයි පුතේ කීවම බිම දන ගහගෙන තාත්තගෙ කකුලට සෙරෙප්පු දාලා බලද්දි දාන්න බෑ…….

කකුල් ඉදිමිලා…
නිය මල කාලා කැඩිලා ගිහින් නියපොතු..
කරගැට හැදිලා කකුල් පැලිලා….
……………
Arina Glory
කොලඹ අහස යට…..

Continue Reading

Trending

Translate
Translate