fbpx

“ඇස් ගහන කෙල්ල” හෙවත් “Oru Adaar Love” හි නිළිය වන ප්‍රියාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට සිදු වූ දේ…

May 16, 2020

ඉතා පුංචි වීඩියෝවකින් මුළු ලෝකයේම අවධානය දිනාගත් නිළියක වන ප්‍රියා වාරියර් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම අක්‍රිය කර තිබෙනවා. එසේ සිදු කිරීමට ඇය මේ දක්වා කිසිදු පැහැදිලි කිරීමක් සිදු කර නැති බවයි ඉන්දීය සිනමා මාධ්‍ය වාර්තා කරන්නේ.

විසි හැවිරිදි වියේ පසුවන ප්‍රියා 2019 වසරේදී තිරගත වූ “Oru Adaar Love” නම් මලයාලම් චිත්‍රපටියේ රඟපෑම නිසා බෙහෙවින් ප්‍රසිද්ධියක් ලැබුවා. ඒ චිත්‍රපටියත් සමඟ “ඇස් ගහන කෙල්ල” යන අන්වර්ථ නාමයෙන්ද ඇය හඳුන්වනු ලැබුවා.

සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා ඇය සිය රසික රසිකාවියන් සමඟ ඉතා සමීපව කටයුතු කළ බවද සඳහන් වෙනවා. එම ගිණුමේ අනුගාමිකයින් මිලියන 7.2 ක පිරිසක් සිටි බවයි තව දුරටත් වාර්තා වන්නේ.

කෙසේ නමුත්, ඇයගේ නිල ෆේස්බුක් ගිණුම එලෙසම පවතින අතර එය අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ පසුගිය මස 22 වනදාය. පසුගිය 3 වනදායින් පසුව ප්‍රියා වාරියර්ගේ ට්වීටර් ගිණුමද යාවත්කාලීන කර නැහැ.

(under the courtesy of hirugossip web)

Add your Comments

Related Gossips