fbpx

“අක්කිට එක දෙයක් පොරොන්දු වෙන්න පුලුවන් ඔයාට, ජීවිතේ මොන දේට මූණ දුන්නත් ඔයා කවමදාවත් තනිවෙන්නේ නෑ” – කාවින්ද්‍යා අධිකාරි

November 05, 2020

කාවින්ද්‍යා අධිකාරි ලෙස කිවූ පමණින් ඔබ කවුරුත් හදුනන ඇය ශ්‍රී ලාංකීය සංගීත කේෂ්ත්‍රයේ ප්‍රභලයන් දෙපළක් වන සමිතා මුදුන්කොටුව හා අතුල අදිකාරී යන ගායන ශිල්පීන් දෙපලගේ දියණියයි. කාවින්ද්‍යා ද සිය මා පිය උරුමය සනිටුහන් කරමින් මෙරට සංගීත කේෂ්ත්‍රය තුළ ගායිකාවක් ලෙස ප්‍රේක්ෂක හදවත් වැලදගෙන ඇත. තවත් විටෙක නිවේදිකාවක් ලෙසද ඇය සිය දක්ෂතාව කේෂ්ත්‍රය තුළ පතුරුවමින් සිටියි.

කාවින්ද්‍යා ඊයේ සිය සොහොයුරාගේ උපන්දිනයට සුභ පතා අපූරූ සටහන් සිය ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා. අදාළ ෆේස්බුක් සටහන පහළින්,

 මගේ මැණිකට සුබම සුබ උපන්දිනයක්…
ඔයාට දැන් 18 ක්, ඒත් අක්කට ඔයා තාම චූටි මැණිකක්.
මෙච්චර කල් අම්මි, අක්කී ඔයාව පණ වගේ බලාගත්තා, දැන් ඔයාට හුඟාක් ආදරේ දෙන, ඔයාට හැමදේම කියලා දෙන්න කෙනෙකුත් එකතු උනා. අපේ පුංචි පවුල මොන දේට මුහුණ දුන්නත් අපි හැමදාම එකට ඉන්නවා කියලා මම දන්නවා. මේ ජීවිතේ ඉස්සරහට යන්න හරි අමාරුයි චූටී, ඒත් අක්කිට එක දෙයක් පොරොන්දු වෙන්න පුලුවන් ඔයාට, ජීවිතේ මොන දේට මූණ දුන්නත් ඔයා කවමදාවත් තනිවෙන්නේ නෑ. මගේ අම්මිගේ බඩින්මයි ඔයත් ආවේ… ඒක නිසා මට ඔයාව මගේ ඇස් දෙකටම වඩා වටිනවා මැණික.
අක්කිට මේ පාර උපන්දිනේට කියන්න වචන නැති තරම් මොකද ඔයා ලොකු වෙනවා දකිද්දී අක්කිට දුකයි. ඔව්, අක්කී ආත්මාර්ථකාමී එහෙම හිතන්න, ඒත් ඒක එහෙම තාමයි.
ආදරෙයි මම මගේ අන්තිම හුස්ම තියෙනකල්… ඊට පස්සේ උනත්, අක්කි ඔයා දිහා බලන් ඉන්නවා ඉන්න තැනක ඉඳ්න්
-අක්කී- 

Add your Comments

Related Gossips