Breaking News

Astro

2020 දෙසැම්බර් මස 22 වන අඟහරුවාදා – අද දවස ඔබට කොහොමද?

Nulla pariatur. Excepteur sint occaecat cupidatat non proident, sunt in culpa qui officia deserunt mollit anim id est laborum.

Published

on

මේෂ ලග්නය

ඔබගේ දියුණුව සාර්ථකත්වය හොඳින් පවතින දවසක් වෙනවා. ඒ වගේම බාධක දුරු කරගෙන ඉදිරියට යා හැකි බවක් පෙන්නුම් කරනවා. යාලු මිත්‍රයන්ගෙන් ඉතා හොඳින් සහයෝගය ලැබෙනවා. ඔබට නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත් වන්නට හැකි නම් ඔබේ එන්නට තිබෙන බාධක ජය ගන්නට ඔබට හැකි වේවි.

වෘෂභ ලග්නය

පසුගිය කාලයේ තිබුන බාධක ජය ගන්නට හැකි වේවි. තිබුන නීතිමය ගැටළු මගහරවා ගන්නට හැකි වේවි. දුර බැහැර මිත්‍රයෙකුගේ ආගමනයක් සිද්ධ වෙන්නටත් ඉඩ තිබෙනවා. විදෙස් ගමන් සාර්ථක වේ. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් කිරි පිඬු පුජාවක් පවත්වන්න ඔබට තිබෙන ගැටළු මගහරවා ගන්නට හැකි වේවි.

මිථුන ලග්නය

ඔබ කරන වැඩ කටයුතු පිලිබඳ වෙනදාට වඩා සැලකිලිමත් වෙන්න. ගෘහ ජීවිතයේ ද යම් යම් බාධක ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ වගේම ඔබ පිලිබඳ දුෂ්‍යමාන ආරංචි පැතිරෙන්නටත් ඉඩ තිබෙනවා. ඔබට හැකි නම් විභීෂණ දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත්වන්න ඔබේ තිබෙන ගැටළු මගහරවා ගන්නට හැකි වේවි.

කටක ලග්නය

ඔබ කරන බොහෝ දේ සාර්ථක කර ගන්නට හැකියාව ලැබේවි. අද දවසේ ඔබගේ ආර්ථිකය ශක්තිමත් වේවි. ඒ වගේම ධනය වර්ධනය වන දවසක්. ඔබේ කටයුතු වඩාත් සාර්ථක කර ගන්නට දස දිසා පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න ශ්‍රවනය කරන්න.

සිංහ ලග්නය

ඔබට අද දවස රැකියාවේ දියුණුවක් ඇති වෙන දවසක්. ඒ වගේම රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටි අයට ඒවා සාර්ථක කර ගන්නට හැකි වේවි. ඔබට හැකි නම් සාමනේර හිමි නමකට පොත් පත් ටිකක් දැන් දෙන්න ඔබට සාර්ථක දවසක් උදා කර ගත හැක.

කන්‍යා ලග්නය

ඔබේ අද දවසේ වැඩ කටයුතු අවුල් වන නිසා වෙන් මානසික පීඩා ගෙන දෙන්න පුළුවන්. දුර බැහැර ගමන් යෙදෙන්නට පුළුවන්. වගේම විදෙස් ගමන් වලට සුබයි. රැකි රක්ෂා කටයුතු කටයුතු වලට ද බාධා ඇති වෙන්න පුලුවන්. ඔබට හැකි නම් විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත්වන්න ඔබට එන්නට තිබෙන බාධක අවම කර ගන්නට හැකි වේවි.

තුලා ලග්නය

ඔබගේ දියුණුව සාර්ථකත්වය රජයන දවසක්. ආර්ථික අපහසුතා මර්ධනය කරගෙන ධනය වර්ධනය කර ගත හැකි දවසක්. ප්‍රභූන්ගේ උදව් උපකාර නොමදව ලැබෙන දවසක්. ඒ වගේම කාලයක් තිස්සේ බලාගෙන සිටි කර්තව්‍යක් සාර්ථක කර ගන්නට හැකි වේවි. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත් වන්නට ඔබගේ කටයුතු තවත් සාර්ථක කර ගන්නට හැකි වේවි.

වෘශ්චික ලග්නය

අද දවසේ ඔබ කරන කටයුතු වලින් සපල ප්‍රතිපල ලබන්නට හැකි වෙන දවසක්. සෙම් ආශ්‍රිත රෝග පීඩා බහුල කරන දවසක්. ඔබ අද දවසේ කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් ඔබට ඔබේ කටයුතු වඩාත් සාර්ථක කර ගන්නට ඔබට හැකි වේවි. ඒ වගේම මුල්‍ය ආයතන වල සහය ද හොඳින් ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඔබට හැකි නම් විෂ්ණු දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත්වන්න ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට ඔබට හැකි වේවි.

ධනු ලග්නය

ඔබගේ සාර්ථකත්වයට මන්පෙත් විවර වන දවසක්. ඒ වගේම රැකියා වල ප්‍රබෝධයක් ඇතිවෙන දවසක්. විදෙස් ගමන් බලාපොරොත්තු වුවා නම් ඒවා සාර්ථක වේවි. නව ව්‍යාපාර ආයෝජනයටද අද සුබ දවසක්. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් කිරි පිඬු දානයක් ලබා දෙන්න ඔබේ තිබෙන්නා වූ ගැටළු මග හරවා ගන්නට හැකි වේවි.

මකර ලග්නය

ඔබ අද දවසේ යම්කිසි බරෑරුම් තීරණයක් ගන්නට සිටියා නම් ඒවා කල් දැමීම සුබ බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම ඔබගේ ජීවිතයට වැදගත් වන්නාවූ තීන්දු තීරණ ගැනීමෙන්ද වැළකී සිටීම වැදගත්. ඔබ කරන වැඩ කටයුතු පිලිබඳ වෙනදාට වඩා කල්පනාකාරී වීමත් වඩාත් වැදගත්. අනතුරුදායක රැකියා වල නිරත අයත් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම වාහන පදවන අයත් ප්‍රවේසම් වීම වැදගත්. ඔබට හැකි නම් විභීෂණ දෙවියන් වෙනුවෙන් පුජෝපහාරයක් පවත් වන්නට ඔබට ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

කුම්භ ලග්නය

ඔබ අද දවසේ ඉවසීමෙන් සහ බුද්ධියෙන් යුතුව කටයුතු කරන දවසක් වෙනවා. කාලයක් තිස්සේ කරන්නට බලාපොරොත්තු වූ කටයුත්තක් සාර්ථකව කරන්නටත් හැකියාව ලැබේවි. ගෘහ ජීවිතයෙද පවැති යම් යම් ගැටළුකාරී තත්වයන් මග හරවා ගන්නට හැකි වේවි. කෙසේ වෙතත් කාර්යබහුලත්වය ඉහල යන දවසක් වේවි. ඔබට හැකි නම් මොර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්න ශ්‍රවනය කරන්න ඔබේ තිබෙන ගැටළු නිරාකරණය කර ගන්නට ඔබට හැකියාව ලැබේවි.

මීන ලග්නය

ඔබගේ තිබෙන රෝග පීඩා උත්සන්න වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම සතුරු පීඩාවන්ට ඉඩකඩ පවතින දවසක් නිසා වෙන්ම කල්පනාකාරී වීම වඩාත් වැදගත් වෙනවා. දු දරුවන් වෙනුවෙන් ටරමක් කාලය වැය කරන්නට සිදුවන දවසක්. කාලය කළමනාකරණය කර ගැනීම මේ නිසා වැදගත් වෙනවා. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන්ට සුදු මල් වට්ටියක් පුජා කරන්නට ඔබේ කටයුතු සාර්ථක කර ගන්නට හැකි වේවි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Astro

2021 පෙබරවාරි මස 04 වන බ්‍රහස්පතින්දා – අද දවස ඔබට කොහොමද?

Neque porro quisquam est, qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit, sed quia non numquam eius.

Published

on

By

මේෂ ලග්නය

අද ඔබට මිශ්‍ර පල ගෙනෙන දවසක්. විවාහය සම්බන්ධ තීන්දු තීරණ ගනිද්දී ඉතා කල්පනාකාරී වෙන්න. ඒ වගේම ප්‍රේම සම්බන්ධතා වලට බාධක යෙදෙන්න පුළුවන්. ආර්ථික අපහසු තත්වයන් මතු වන්නට පුළුවන්. ඔබට හැකි නම් දවස අරඹන්නට පෙර විෂ්ණු දෙවියන්ට නිල් මල් වට්ටියක් පුජා කරන්න ඔබේ දවස සුබ වේවි.

වෘෂභ ලග්නය

ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදට වැඩ කල්පනාකාරී වෙන්න. සෙම් රෝග උදරය අශිර්ත රෝග ඇති වෙන්න පුළුවන්. සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. අද දවසේ කටයුතු වලට ද බාධක ඇති වෙන්න පුළුවන්. ඔබට හැකි නම් ගිලන් වූ අයට ඇප උපස්ථාන කරන්න ඔබේ අද දවස සුබ වේවි.

මිථුන ලග්නය

අද දවසේ කරන කටයුතු වලින් සාර්ථක ප්‍රතිපල ලබන්නට හැකි වේවි. ගමනේදී බිමනේදී ඉතා කල්පනාකාරී වෙන්න. ඔබට ඔබේ ප්‍රේම සබඳකම් ත්හවුරු කර ගන්නටද හැකි වේවි. ඒ වගේම අලුත් ප්‍රේම සබදකම් ඇති කර ගන්නට සුබ දවසක්. ආර්ථිකය අතින්ද ඔබට අද යහපත් දවසක්. ඔබට හැකි නම් සුමන සමන් දෙවියන් වෙනුවෙන් සුදු මල් වට්ටියක් පුජා කරන්නට ඔබට අද දස සුබ වේවි.

කටක ලග්නය

ඔබට අද දවසේ රැකි රක්ෂා වල ප්‍රගතියක් දක්නට ලැබේවි. පොත පත සහ බුද්ධිය වෙහෙසවා කරන කටයුතු වලින් ජයග්‍රහණ ලබන්නට හැකි වේවි. ගෘහ ජීවිතයෙද සාර්තක දවසක් ලෙසින් හඳුන් වන්න පුළුවන්. දුර බහැර ගමන් යෙදෙන්නටත් පුළුවන්. ඔබට හැකි නම් මෝර පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබේ අද දවස සුබ වේවි.

සිංහ ලග්නය

ඔබට අද තරග විභාග සම්මුඛ පරීක්ෂණ අදින් ජය ගන්නට හැකි වේවි. ඔබගේ වචනය බලවත් වෙන දවසක් ලෙසින්ද හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කිරීමට සුබ දවසක්. ඒ වගේම අලුත් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට හැකිවන දවසක්. ව්‍යාපාර කටයුතු වලට ඉතා යහපත් දවසක්. ඔබට හැකිනම් දවස අරඹන්නට පෙර ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ශ්‍රවනය කරන්නට ඔබේ දවස සුබ වේවි.

කන්‍යා ලග්නය

ඔබගේ දියුණුව සාර්ථකත්වය වෙනුවෙන් වැඩිපුර කැපවෙන දවසක්. භුමිය ආශ්‍රිතවත් ව්‍යාපාර කටයුතු වලිනුත් යහපත් ප්‍රතිපල ලබන්නට හැකි වේවි. මුල්‍ය ආයතන වල සහය ඉතා හොඳින් ලැබෙන දවසක්. ඔබට හැකි නම් දවස අරඹන්නට පෙර විභීෂණ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත් වන්න ඔබට අද දවස සුබ වේවි.

තුලා ලග්නය

ඔබගේ විදෙස් ගමන් පිලිබඳ තිබු බලාපොරොත්තු සාර්ථක කර ගන්නට හැකි වේවි. අධ්‍යාපනික කටයුතු වල නිරත අයට ඉතා යහපත් දවසක්. උදරාශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මිල මුදල් සම්බන්ධ රැවටීම් වලට හසු වෙන්නත් පුළුවන්. ඔබට හැකි නම් නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත්වන්න ඔබට අද දවස සුබ වේවි.

වෘශ්චික ලග්නය

ඔබ අද දවසේ ගන්න තීන්දු තීරණ පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත් වන්න. ඒ වගේම පාද ආශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්. හදිසි අනතුරු ද ඇති වෙන්නට ඉඩ තිබෙන නිසා පරෙස්සම වන්න. ගෘහ විදුලි උපකරණ භාවිත්දීත් ඉතා ප්‍රවේසම් වන්න. මුදල් ගනුදෙනු වලදී කල්පනාකාරී වෙන්න. ඔබට හැකි නම් අද දවස අරඹන්නට පෙර බෝධියකට කිරි පිඬු පුජවක් පවත්වන්න ඔබට අද දවස සුබ වේවි.

ධනු ලග්නය

අදායම් පාර්ශවය සුබ වේවි. අලුත් අය දන හඳුනා ගන්නටත් හැකියාව ලැබේවි. නව ව්‍යාපාර අරබන්නටත් සුබ දවසක් වෙනවා. අද දවස ඔබට ඉතා සාර්ථක දවසක් වෙනවා. ඔබට හැකිනම් අද දවස අරඹන්නට පෙර ජය පිරිත වරක් හෝ සජ්ජායනා කරන්නට ඔබේ අද දවස සුබ වේවි.

මකර ලග්නය

අද දවසේ ඔබගේ ආර්ථික මට්ටම යහපත් වේවි. ස්ථාන මාරුවීම් බලාපොරොත්තුවෙන් සිටි ඔබට ඒ දේවල් සාර්ථක කර ගන්නට හැකි වන දවසක් වේවි. දුර බැහැර ගමන් යෙදෙන නිසා තරමක් කාර්යබහුල දවසක් වෙන්නට පුළුවන්. ඔබට හැකි නම් නාථ දෙවියන් වෙනුවෙන් පුජාවක් පවත්වන්න ඔබට අද දවස සුබ වේවි.

කුම්භ ලග්නය

අද ඔබට තිබුන ආර්ථික අපහසුත මගහැරෙන දවසක්. ඒ වගේම ඔබට ගෘහ ජීවිතයේද තිබුන බාධක මගහැරෙන දවසක්. ඔබට හැකි නම් කද සුරිඳුන් වෙනුවෙන් පුජාවක් පවත්වන්නට ඔබේ අද දවස සුබ වේවි.

මීන ලග්නය

අද දවසේ අනතුරුදායක රැකියාවල නිරත අය නම් ඉතාමත් කල්පනාකාරී විය යුතුයි. ඔබ බලාපොරොත්තු වන තරමට කරන කටයුතු සාර්ථක කර ගන්නට නොහැකි වන නිසා ඔබට චිත්ත පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම හදිසි තීරණ ගැනීමෙන් වලකින්න. සතුරු කරදර ඇති වන්නටත් නව සතුරන් ඇති වන්නටත් ඉඩ තිබෙන නිසා ප්‍රවේසම් වන්න. අද දවස අරඹන්නට පෙර ඔබට හැකි නම් නිල් මල් වට්ටියක් පුජා කරන්නට ඔබේ අද දවස සුබ වේවි.

Continue Reading

Astro

2020 ඔක්තෝබර් මස 07 වන බදාදා – අද දවස ඔබට කොහොමද?

At vero eos et accusamus et iusto odio dignissimos ducimus qui blanditiis praesentium voluptatum deleniti atque corrupti.

Published

on

By

මේෂ ලග්නය

දුර බැහැර අධ්‍යාපන කටයුතු හෝ විදේශයන්ට ගොස් අධ්‍යාපනික කටයුතු කිරීමට බලාපොරෙත්තු වන අයට යහපත් ඵල ලැබේ. නිධන්ගත රෝග මතුවීමට ඉඩ ඇත. සාමූහික තීරණ වලින් අශුභ ඵල උදාවේ.

වෘෂභ ලග්නය

රැකිරක්ෂා හා වෙළෙඳ ව්‍යාපාර ආදියෙන් මූල්‍ය පාඩු සිදුවිය හැකිය. ගේ දොර ආශ‍්‍රිත සමගියට සහජීවනයට බාධා ඇති වේ. ඉවසීම ප‍්‍රගුණ කල යුතුවේ. රාජ්‍ය අංශයට සම්භන්ධ කටයුතු වලට බාධා ඇතිවේ. ආහාර දිරවීමේ දුර්වලතා වලට ලක්වීමට ඉඩ ඇති බැවින් නිසි වෙලාවට ආහාර ගැනීම පිළිබඳ සැලකිලිමත් වන්න.

මිථුන ලග්නය

කරන කියන කටයතු මෙන්ම අළුතින් ආරම්භ කිරීමට යන කටයුතු සියල්ල සාර්ථක කරගත හැකිවේ. තරඟ විභාගවලින් සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ඉහල ජය ලැබේ. ගේ දොර ඉඩකඩම් යාන වාහන ආදියේ දියුණුවක් ඇති කරවන දිනයකි. උගුර ආශ‍්‍රිත ආසාදන තත්වයන් හටගත හැකි බැවින් පරෙස්සම් වන්න.

කටක ලග්නය

වියදම් බහුල කරවයි. දුරදිග නොබලා කරන ගණුදෙණු අලාභ ඇති කරවයි. මූල්‍ය ශක්තිය අඩාල වන දිනයක් වුවත් නිසි මූල්‍ය කළමනාකාරීත්වයෙන් මෙම තත්ව පාලනය කරගත හැකිය. ජලාශ‍්‍රිත විපත් ඇති විය හැකි නිසා ගංගා ඇළ දොළ ආශිතව ස්නානාය කිරීමේදී පරෙස්සම් වන්න.

සිංහ ලග්නය

බුද්ධිය මෙහෙයවා කටයුතු කල යුතු දිනයකි. අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය සහ අනුන්ව පමණට වඩා විශ්වාස කිරීම අශුභ ඵල ගෙන දේ. අතරමැදි ව්‍යාපාර වලට නීතියෙන් බාධා ඇතිවිය හැකිය. උෂ්ණාධික රෝග සහ ලේ විෂවීම ආදී රෝග වැල\ීමට ඉඩ ඇත.

කන්‍යා ලග්නය

ස්ථිර තීරණ නොමැතිකම නිසා අලාභ, පාඩු සිදුවේ. නව ආදායම් මාර්ග විවෘත වූවත් මානසික ඒකාග‍්‍රතාව නොමැති කමින් ඒවා මගහැරී යාමට ඉඩ ඇත. බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්. සෙම්රෝග පීඩා, පපුවට හිසට අහිතකර තත්ව ඇතිවීමට ඉඩ ඇත.

තුලා ලග්නය

ප‍්‍රසිද්ධිය කීර්ති උදෙසා කරන කටයුතු සාර්ථක වේ. ගුප්ත විද්‍යා කටයුතු කෙරෙහි යොමුවීමෙන් සාර්ථක ඵල ලැබේ. දරුඵල බලාපොරෙත්තුවෙන් සිටි අයගේ අරමුණු ඉටුවේ. පෙර තිබූ නීති ගැටළු නිරාකරණය වන දිනයකි. වම් පාදය ආශ‍්‍රීතව ආබාධ ඇතිවිය හැකි බැවින් වාහන වල ගමන් යාමේදී කල්පනාකාරී වන්න.

වෘශ්චික ලග්නය

විදේශ රැකියා ගැන තිබූ බලාපොරොත්තු ඉටුවේ. ප‍්‍රභූවරුන්ගේ උදව් උපකාර ලැබේ. පැරණි හිතවත්කම් අළුත් වේ. යාන වාහන වල ගමන් බිමන් වලදී ආරාක්ෂාව ගැන සැලකිලිමත් වන්න.

ධනු ලග්නය

රැකි රක්ෂා වෙළෙඳ ව්‍යාපාර වල තිබූ ගැටළු නිරාකරණය කරගැනීමට අන් අයගේද සහාය ලැබී කටයුතු සියල්ල සාර්ථක වන්නාවූ දිනයකි. ප‍්‍රධානීන් අතර ඇතිව තිබූ නොහොඳ නෝක්කාඩු අවසන් වේ. රැකියා කටයුතු සතුටින් කරගෙන යාමට හැකි වනු ඇත. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථක බව නිසා සතුටට පත්වීමට අවස්ථා උදාවේ. වැටීම් තැලීම් වලට ලක්විය හැකි බැවින් පරීක්ෂාකාරී වන්න.

මකර ලග්නය

දැනට කරගෙන යන සහ ඉදිරියේදී කරන්න බලාපොරෙත්තු වන කටයුතු පිළිබඳ වෙනදාට වඩා සැලකිල්ලක් දැක්විය යුතුවේ. සෞඛ්‍ය පීඩා මෙන්ම සතුරු උවදුරුද ඇති විය හැකිය. ප‍්‍රධානීන් සමග හොඳහිත පළුදු වීමට ඉඩ ඇති බැවින් ඉවසීමෙන් කටයුතු කල යුතු වේ. පවුල් ජීවිතයේ අනවශ්‍ය අර්බුධ ඇතිවීමට ඉඩ ඇත.

කුම්භ ලග්නය

පවුල් ජීවිතයේ මතගැටුම් ඇතිවිය හැකිය. සමගියට සහයෝගයට බාධා ඇතිකරවයි. ඉවසීමෙන්, උපේක්ෂාවෙන් කටයුතු කල යුතු වේ. දුර බැහැර ගමන් යෙදීමෙන් නිෂ්ඵල වියදම් දැරීමට සිදුවේ. නිසි මූල්‍ය කලමණාකාරීත්වයෙන් එම තත්ව මගහරවා ගත හැකිය.

මීන ලග්නය

සතුරු කරදර බාධා ඇතිවේ. තමන්ගෙන් උදව් උපකාර ලබාගත් අය පවා තමන්ට විරුද්ධ වන දිනයකි. අධික අනුකම්පාව, දැඩි පරිත්‍යාගශීලීත්වය සහ අනුන් පමණට වඩා විශ්වාස කිරීම නොකල යුතුම දිනයකි. අනපේක්ෂිත කරදර ඇති වේ. උණ, සෙම්ප‍්‍රතිෂ්‍යාව ආදිය වැලඳීමට ඉඩ ඇත.

Continue Reading

Trending

Translate
Translate