Breaking News

Sinhala News

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඉල්ලා අස්වෙයි

Neque porro quisquam est, qui dolorem ipsum quia dolor sit amet, consectetur, adipisci velit, sed quia non numquam.

Published

on

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර පෞද්ගලික කරුණක් හේතුවෙන් එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ අදාල ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ඔහු විසින් භාරදුන් බවයි.

ඒ අනුව කෘෂිකර්ම අමාතයංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුළපතිවරයා පත්කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Sinhala News

ගෑස් ගැන සොයන්න ජනපති කමිටුවක් පත්කරයි

Published

on

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොළ ගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අජිත් ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඩබ්.ඩී.ඩබ්. ජයතිලක, මහාචාර්ය ප්‍රදීප් ජයවීර, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය නාරායන් සිරිමුතු, කාර්මික තාක්ෂණ ආයතනයේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුදර්ශන සෝමසිරි, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ජේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂක සුජීව මහගම පත්කර ඇත.

අවශ්‍ය සියලු පාර්ශ්වයන්ගේ හා දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කමිටුවට උපදෙස් දී ඇත.

( under the courtesy of nethnews.lk news web)
 

Continue Reading

Sinhala News

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරය ඩයනා ගමගේට

Published

on

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පත්කර තිබෙනවා. ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකාකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ පාර්ලිමේන්තුවට අදාළ 09 වැනි නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීමේදීයි. 

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් විශේෂ ආරාධිතයා වශයෙන් ඊට සහභාගිවී සිටියා. 

එහිදී ශ්‍රී  ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම්වරයා වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී  මහාචාර්ය චරිත හේරත් ද උප සභාපතිවරුන් වශයෙන් අරවින්ද් කුමාර්, වීරසුමන වීරසිංහ සහ මර්ජාන් ෆලීල් යන මන්ත්‍රීවරුන් ද තේරී පත්වී තිබෙනවා. 

( under the courtesy of nethnews.lk news web)

Continue Reading

Sinhala News

රට වහන්න බෑ – නත්තල් පොකුරකට ඉඩ නොතබන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලයි

Published

on

එළඹෙන උත්සව සමයේ දී රට වසා දැමීමට රජය බලාපොරොත්තු නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා .

( under the courtesy of nethnews.lk news web)

Continue Reading

Trending

Translate
Translate