fbpx

කොරෝනා එන්නත ඉක්මනින්ම දෙන්නැයි ජනාධිපති ලඛිතවම ඉල්ලයි..

January 11, 2021

කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ලබා දෙන්නැයි තමන් ඉන්දීය අගමැතිට හා චීන ජනාධිපතිට ලිපි දෙකක් පුද්ගලික යැවූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවට එන්නත් යම් කොටසක් නොමිලේ ලබා දෙනු ඇති බවත් පවසන ජනාධිපතිවරයා ඉතිරි කොටස මිලදී ගැනීමට සිදුවන බවද සඳහන් කළේය.

එන්නත් අවශ්‍ය අයට ලබාදීමේ වැඩපිළිවෙළ දැනටමත් ආරම්භ කැර ඇතැයි ද රාජපක්ෂ මහතා පැවසීය.

මුල් වරට පැමිණි වෛරසයේ ප්‍රභේදය සාර්ථක ලෙස පාලනය කරගත නමුත් දෙවැනි වර පැමිණ ප‍්‍රබේදය ඉතා ඉක්මනින් බෝ වන නිසා එම තත්වය තේරුම් අරගෙන ජනතාව පරිස්සම් විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

(under the courtesy of lankacnews.com news web)

Add your Comments

Related News