fbpx

හිටපු DIG නාලක සිල්වා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කර ගනියි

September 15, 2020

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප‍්‍රභූන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශයට පත් කරන ලෙසට ඉල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඔහු විසින් ඉල්ලා අස්කර ගනු ලැබුවා.

මෙම පෙත්සම ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බවට නාලක සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

පෙත්සම්කරුගේ ඇතැම් ඉල්ලීම් සම්බන්ධයෙන් ව උත්තරකාර පාර්ශවයන්ගේ එකගතාවය හිමිව ඇති බැවින් පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව පෙත්සම්කරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමේ පදනම මත මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

නාලක ද සිල්වා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්, පොලිස්පති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක , නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ප‍්‍රභන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගත් බවත් එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප‍්‍රකාශ කරන ලෙසත් එම අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පෙත්සම්කාර නාලක ද සිල්වා විසින් සිය පෙත්සම මඟින් ඉල්ලා තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News