fbpx

උඩවලව රක්‍ෂිතයේ අක්කර 40ක් එලි කරයි…

September 14, 2020

උඩවලවේ රක්ෂිතයට අයත් ඉඩම් අක්කර 40 ක පමණ ප්‍රමාණයක් ඩෝසර් කර මහාපරිමාණ විනාසයක් සිදුකර ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරති.

හෙනලි පෙහෙලි කර ඇති රක්ෂිත ප්‍රදේශය අලින්, මුවන්, ගෝනුන් ඇතුළු වන සතුන් ජීවත්වන ප්‍රදේශයක් යයිද ඔවුන් කියා සිටිති.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෝධාගම ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙම විනාශය සිදුව ඇත.

මේ සම්බන්ධයෙන් වනජීවි කාර්යාලය, පොලිසිය දැනුවත් කළ ද එය නවතා ගැනීමට නොහැකි වූ බවද ප්‍රදේශවාසී පවසති.

(under the courtesy of lankacnews.com news web)

Add your Comments

Related News