fbpx

ඉන්ධන සාම්පල ගැනීමට සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ කණ්ඩායමක් ගිනිගත් නෞකාවට

September 14, 2020

ගිනි ගැනීමට ලක්වු ”එම් ටී නිව් ඩයමන්ඞ් ”නෞකාවේ ඇති සියලූ‍ ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද සිදු කෙරෙනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා පැවසුවේ, ඒ සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ විශේෂ කණ්ඩායමක් මේ වන විට නෞකාව වෙත ගොස් ඇති බවයි. ”එම් ටී නිව් ඩයමන්ඞ් ”නෞකාව මේ වනවිට දිවයිනට මුහුදු සැතපුම් 52 කට ආසන්න මුහුදේ ස්ථානගත කර තිබෙන බව ද නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර නීතිපතිවරයා සහ නෞකාවේ ගිනි ගැනීමේ කටයුතු පාලනය කිරීම සඳහා කටයුතු කළ සියලූ‍ ආයතනවල ප‍්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

අදාළ සාකච්ඡාව සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව, වරාය අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ වෙළෙඳ නැව් දෙපාර්තමේන්තුව යන ආයතනවල නිලධාරීන් සහභාගී වීමට නියමිතයි. එම්.ටී නිව් ඩයමන්ඞ් නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News