fbpx

මාස 03 කට පසු පාසල් අද යළි විවෘත වෙයි

June 29, 2020

කොරෝනා වසංගතය හේතුවෙන් මාස 03 කට අධික කාලයක් තාවකාලිකව වසා දැමුණු රජයේ පාසල් අද (29) සිට විවෘත කෙරෙනවා. පළමු අදියර යටතේ අද සිට ලබන ජූලි මස 05 වනදා දක්වා පාසල් වෙත කැඳවා ඇත්තේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයයි. ඒ අනුව අද සිට ලබන 05 වනදා දක්වා පාසල් පරිශ‍්‍ර පවිත‍්‍ර කිරීම, විෂබීජහරණ කටයුතු, දෑත් සේදීමේ පරිශ‍්‍ර සහ ගිලන් කාමර සූදානම් කිරීම ඇතුළු සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් සකස් කෙරෙනු ඇති. 

දරුවන් පාසල් වෙත කැඳවීමෙන් පසු ඉදිරි කි‍්‍රයාවලිය පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීම ද විදුහල්පතිවරුන් ප‍්‍රමුඛ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල වෙත පවරා ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පැවසුවේ. 

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News