fbpx

නිරෝධායන නීති උල්ලංඝනය කළැයි කළුතර නගර සභා සභාපති අත්අඩංගුවට

June 29, 2020

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් දේපළවලට අලාභ හානි සිදුකළ බවට සැක පිට කළුතර නගර සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍යබ කොට්ඨාසය පැවසුවේ, අද (29) දිනයේ දී කළුතර දකුණ පොලිස් නිලධාරීන් විසින් නිරෝධායනය උල්ලංඝනය කිරීම, අයුතු ජනරාශිය සහ දේපළවලට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සභාපතිවරයා අත්අඩංගුවට ගත් බවය.

සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මේ අතර, 2020.06.23 වන දින කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රිඩාංගනයේ ඉබි යතුරු කඩා ක්‍රීඩංගනයට ඇතුළු වීම සම්බන්ධයෙන් එහි කළමනාකරු විසින් කළ පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගත් කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු දෙදෙනෙක් ද ඇප මත මුදා හැර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Add your Comments

Related News