fbpx

තැපැල් සේවකයෝ වර්ජනයක් අරඹති

June 29, 2020

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මැතිවරණ තැපැල් රාජකාරි සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ බලධාරීන් ගත් තීරණයකට විරෝධය පළ කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ මධ්‍යම තැපැල් හුවමාරු ශාඛාවේ සභාපති අනුරුද්ධ බණ්ඩාර නෙත් නිවුස් වෙත පැවසුවේ. 

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් මෙලෙස වර්ජනයක් ආරම්භ කර තිබෙන්නේ එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පති‍්‍රකා හෙට දිනයේදී තැපෑලට යොමු කිරීමට නියමිතව තිබෙන පසුබිමක් තුළයි. බලධාරීන් තවදුරටත් අත්තනෝමතික ලෙස කටයුතු කරන්නේ නම් සියලූ තැපැල් වෘත්තීය සමිති එක්කර ගනිමින් මෙම වර්ජනය දිවයින පුරා කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බවයි ශ‍්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවා සංගමයේ මධ්‍යම තැපැල් හුවමාරු ශාඛාවේ සභාපති අනුරුද්ධ බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.  

(under the courtesy of nethnews.lk news web)

Add your Comments

Related News