fbpx

සජිත් පරාජය වූ සැණින් එජාප නියෝජ්‍ය නායකත්වයෙන් පන්නයි.. අලුත් නියෝජ්‍ය නායක සූදානම්..

November 15, 2019

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් ඒ සමගම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් කරනු ඇති බව එම පක්‍සයේ කොළඹ නාගරික මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක් සදහන් කර තිබේ.

තම දේශපාලන හිතවාදීන් කිහිප දෙනකු සමග තමන්ට ඉහළින් ලැබුණු විශ්වාස කටයුතු තොරතුරු බව පවසමින් ඔවුන් මේ බව සඳහන් කරමින් ඇත.

කොළඹ ටාජ් හෝටලයේදී එසේ අදහස් පල කර ඇති එක් මන්ත‍්‍රීවරයෙකු සදහන් කර ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා මෙවර ජනාධිපතිවරණයෙන් පරාජය වූ වහාම ඔහු පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් කර විවේක ගන්වා වෙනත් අයකු ඒ සඳහා පත් කිරීමට දැනටමත් තීන්දු කර ඇති බවයි.

(under the courtesy of lankacnews.com news web)

Add your Comments

Related News