Breaking News

Sinhala News

ලෝක කුසලානයට ඔන්න මෙන්න තිබියදී වෙනස් වෙන ක්‍රිකට් නීති

Published

on

ක්‍රිකට් පිටියේ අලුත්වන නීති එළඹෙන ඔක්තෝබර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

මෙම නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළට එකතු කිරීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණි.ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙම නව නීති යටතේ පැවැත්වෙයි.

එහිදී ඉදිරිපත් කර ඇති එක් නීතියක් වන්නේ පිතිකරුවෙකු උඩපන්දුවක් ලබා දී දැවී යන අවස්ථාවකදී එම පන්දුවාරය නිම නොවේ නම් නව පිතිකරුවා ඊළඟ පන්දුව සඳහා පහරදීමය.

මීට පෙර එම නීතිය පැවතියේ උඩපන්දුවක් ලබාදී පිතිකරු දැවී යන අවස්ථාවේදී උඩපන්දුව රැකගන්නා අවස්ථාව වනවිට පිතිකරුවන් දෙදෙනා ලකුණක් කරා පැතිමාරු කරගැනීමේදී එකිනෙකා පසුකර ඇත්නම් නව පිතිකරු වෙනුවට පිටියේ රැඳී සිටි අනෙක් පිතිකරු පන්දුවට පහරදීම සිදුකළයුතු බවටය.මේ අතර පන්දු යවන්නා විසින් යොමුකරන ඕනෑම පන්දුවක් තණතීරුවෙන් ඉවතට යන අවස්ථාවක එය නිපන්දුවක් ලෙස හැඳින්වීමටද නව නීති තුළින් කටයුතු කර තිබේ.

එසේම ක්‍රිකට් පිටියේ අතිශය දුර්ලභ අවස්ථාවක් වන පන්දු යවන්නා පන්දුව යොමුකිරීමට පෙර පිතිකරු දුවද්දී දවාගැනීමට හසුකරගැනීම සඳහා ඔහු දෙසට පන්දුව දමා ගැසීමක් සිදුකළහොත් එම අවස්ථාව මීට පෙර නිපන්දුවක් ලෙස හැඳින්වූ අතර එය ඉදිරියේදී නව නීතියට අනුව එය අජීවී පන්දුවක් ලෙස නම්කරනු ලැබෙයි.

මේ අතර මන්කාඩ් ක්‍රමයට දවාගැනීම මීට පෙර අසාධාරණ ක්‍රමයක් ලෙස හැඳින්වූ අතර එය නව නීතියට අනුව දුවද්දී දවාගැනීමක් ලෙස හඳුන්වා ඇත.එසේම පන්දු යවන්නෙකු පන්දු යැවීමට දිව යන අවස්ථාවේදී එම කණ්ඩායමේ වෙනත් පන්දු රකින ක්‍රීඩකයෙකු පිටියේ ස්ථාන මාරු කරමින් චලනයක් සිදුකරයි නම් ඊට අදාළ පන්දුව අජීවී පන්දුවක් ලෙස නම්කිරීමට නව නීති ඔස්සේ බලය පැවරීමක් සිදුකර තිබේ.

ඊට අමතරව එවැනි චලනයක් සිදුකරන අවස්ථාවකදී පිතිකරණයේ නිරතවන කණ්ඩායමට ලකුණු 5ක් ලබාදීමට ද පියවර ගෙන ඇත.මේ අතර කොරෝනා අවදානම හේතුවෙන් තාවකාලිකව තහනම් කර තිබුණු “පන්දුවේ ඛේටය තැවරීම” තවදුරටත් තහනම් කිරීමට මෙම නව නීති ඔස්සේ පියවර ගෙන තිබේ.එසේම මින් ඉදිරියට තරගයක් තුළ ක‍්‍රීඩක ආදේශකයක් සිදු වූ විට එම ආදේශ කරන ක‍්‍රීඩකයා හට අනෙක් ක‍්‍රීඩකයා සිදු කර ඇති දවා ගැනීම් සහ වැරදි අයත් වන අයුරින් නව නීති සකස් කර ඇත.

එසේම නීතිවිරෝධී ලෙස වෙනත් පුද්ගලයෙකු සත්වයෙකු හෝ යම් දෙයක් ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවකදී එම අවස්ථාවේ යොමුකරන පන්දුව අජීවී පන්දුවක් බවට පත්කිරීමට නව නීති යටතේ තීරණය කර තිබේ.එක්දින සහ ටෙස්ට් පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී තිබූ කාලය මිනිත්තු දෙකක් දක්වා අඩුකිරීමට පියවර ගෙන ඇත.එසේ නොවන අවස්ථාවන්හිදී ප්‍රතිවාදී කණ්ඩායමේ නායකයාට අදාළ පිතිකරුට එරෙහිව කල් ඉකුත්වීමේ අභියාචනය විනිසුරු වෙත ඉදිරිපත්කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

මීට පෙර එම කාලය මිනිත්තු තුනක් ලෙස පැවතිණි.කෙසේ වෙතත් විස්සයි විස්ස තරගවලදී පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසෙන පිතිකරුට පන්දුවට පහරදීම සඳහා සූදානම් වීම සඳහා ලබා දී ඇති තත්පර 90ක කාලය නොවෙනස්ව පවතී.

( Under the courtesy of adaderana.lk news web)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sinhala News

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

Published

on

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එවීමේදී මෙම සිදුවීම් වැඩි වශයෙන් ඇතිවන බවය.

එම නිසා භාණ්ඩ මෙරටට එවීමේදී රේගුවේ ලියාපදිංචි ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස රේගුව දැනුම් දෙයි.මේ අතර මෙරටට ආනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේදී පවතින නීතී සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් සහ කාගෝ සංගමයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා වේ බව ප්‍රකාශ කළේය.

( Under the courtesy of adaderana.lk news web)

Continue Reading

Sinhala News

නාසා Dart මෙහෙයුම සාර්ථකයි

Published

on

ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් සාර්ථක වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර්තා වන්නේ නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුමයි.මෙහිදී කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය වීමට සලස්වා තිබේ.

එමගින් නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ පෘථිවියේ ඝට්ටණය වීමේ අවධානමක් ඇති ග්‍රහක කොටස්වල ගමන් මාර්ගය වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලීමය.

ඉතිහාසයේ සඳහන් වන පරිදි වසර මිලියන 65කට පමණ සිදුවූ දැවැන්ත ග්‍රහකයක ඝට්ටනයක් හේතුවෙන් පෘථිවියේ සමස්ථ ජීවයෙන් සියයට 75ක ප්‍රතිශතයක් වඳවීමට ලක්ව ඇති බවය.

ඉදිරියේදී පෘථිවිය වෙත එල්ලවිය හැකි එවැනි අවදානමකින් ගැලවීම සඳහා මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම මෙහෙයුමට අදාළව නාසා ආයතනය විසින් ගෙන ආ සජීවී විකාශය පහතින් නරඹන්න.

( under the courtesy of adaderana.lk news web)

Continue Reading

Sinhala News

උපන්දිනය දා දියේ ගිලී අතුරුදන්වූ පාසල් සිසුවා

Published

on

පයාගල, කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු සිය 17වන උපන්දිනදා මිතුරන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටියදී මුහුදේ ගිලී අතුරුදන්ව ඇතැයි පයාගල පොලිසිය පැවසීය.

රන්මුතු ඩෙරන් සිල්වා නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකු මෙසේ මුහුදේ ගිලී අතුරුදහන්ව තිබේ.

මිතුරන් කිහිප දෙනෙකු උපන්දින සාදයට අවශ්‍ය ත්‍යාග රැගෙන ඒමට ගොස් ඇති අතරතුර එයට සහභාගිවීමට පැමිණි තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඔහු පයාගල, කලමුල්ල සාන්ත අන්තෝනි පාර කෙලවර මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

තිදෙනා එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, අසල සිටි තරුණයෙක් වහා දියට පැන එක් සිසුවෙකු බේරාගෙන තිබුණි.

අනෙක් සිසුන් දෙදෙනා ලී කොටයක එල්ලී සිට ඇති බවත් ඉන් එක් සිසුවෙකු බේරාගැනීමේදී අතුරුදහන් සිසුවා එක්වරම දියේ ගිලී නොපෙනී ගිය බවත් බේරාගැනීමට මුල්වූ තරුණයා පැවසීය.

අතුරුදහන්ව ඇති සිසුවා කළුතර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි දක්ෂ සිසුවෙකු බවත්, ඔහු මේවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටි බව වාර්තා විය.

( Under the courtesy of adaderana.lk news web)

Continue Reading

Latest News

Translate
Translate