Breaking News

Novels

තරු මල් හැඩුවා රහසේ – 4

Published

on

4 කොටස

නේහා ඔෆිස් එකට ඇවිල්ලා ඉක්මනට වැඩ ටික ඉවර කරන්න පටන් ගත්තේ ලන්ච් අවර් එකේදි කොහොමහරි ඔෆිස් එකෙන් එළියට පැනගන්න හිතාගෙන. හදිස්සියේවත් සදෙව් වෙනුවෙන් නිවාඩුවක් ගන්න ඕන වුනොත් ඒක එච්චරම ගැටළුවක් වෙන්නේ නැති බව දැනගෙන හිටියත් පස්සට ඕන වුණොත් කියලා නේහා නිවාඩු ඉතුරු කරගන්න හිතුවා.

නේහා E.D. ඉන්ඩස්ට්‍රීස්වල ජොබ් එක කරන්න පටන් අරන් දැනට අවුරුදු දෙකක් වුණත් මේ අවුරුදු දෙකටම නේහා නිවාඩු ගත්තේ දවස් 3 ක් විතරයි. සෙනසුරාදා, ඉරිදා කොහොමත් නිවාඩු නිසා නේහාට නිවාඩුවල අවශ්‍යතාවයක් ලොකුවට තිබ්බේ නෑ. නේහාට කැම්පස් එකේ ලෙක්චර්ස් තිබ්බෙත් වීක් එන්ඩ් එකේ නිසා බොරුවට නිවාඩු ටික නාස්ති කර ගන්න ඕන වුණේ නැහැ. මෙඩිසින් සිලෙක්ට් වෙන්න ලකුණු ටිකක් මදිවෙච්ච නිසා නේහා එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් පටන් ගත්තා. සීයා කොච්චර කිව්වත් ආයේ දෙවැනි සැරේ ට්‍රයි කරන්න කියලා තව අවුරුද්දක් A/L වලට නාස්ති කරලා දාන්න නේහාට ඕන වුණේ නෑ. කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි වුණත් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් මට්ටමේ හොඳ රිසාල්ට් එකක් නේහාට ලැබිලා තිබ්ඹා සීයා නේහාව රට යවලා මෙඩිසින් කරවන්න හැදුවත් නේහා ඒකට කැමති වුණේ නැත්තේ, විශීත් නැති එකේ නේහාත් ගියොත් සීයා තනිවෙන නිසා.

ඩිග්රි එක කරන ගමන් සීයාගේ කම්පැණි එකේම ජොබ් එකක් කරන්න හිතුවේ කවදාහරි නේහාගේ තාත්තාගේ බිස්නස් බලාගන්න ඕන කරන එක්ස්පීරියන්ස් ලබා ගන්න. දැනට ඒ සේරම බිස්නස් හැන්ඩ්ල් කරේ විශීගේ සීයා. ඒත් සීයාගේ පස්සෙත් ඒවා කවුරුන් හෝ ඉදිරියට ගෙන යා යුතුයි. විශී ගැන බලාපොරොත්තුවක් නම් කොහාමටවත් තබා ගත නොහැකියි. තාත්තාගෙන් මතකයක් විදියට නේහා ළඟ තිබ්බේ එච්චරයි. සීයා මෙච්චර කල් හොඳට කරගෙන ආව බිස්නස්වලට එක පාරටම එක්ස්පීරියන්ස් නැතුව අත දාන්න නේහා බයවුණා. නේහාට ඕන වුණේ තාත්තා ආදරෙන් බලාගත්තු බිස්නස් තාත්තා, සීයා වගේම හොඳින් කරගෙන යන්න. තාත්තා ගැන ලොකුවට මතකයක් නැතත් තාත්තා කියලා හිතාගෙන නේහා තාත්තාගේ බිස්නස්වලට ආදරේ කළා. එක්ස්පීරියන්ස් නැතුව බිස්නස් එක අනාගන්න නේහාට ඕන වුණේ නැහැ. වෙන තැනක ජොබ් එකක් කරනවටත් සීයා කැමති වුණේ නැති නිසා, නේහා සාමාන්‍ය සේවකයෙක් විදියට සීයාගේ කම්පැණි එකේම වැඩට ගියා. සීයාගේ කනෙක්ෂන් එක ගැන දැන ගත්තොත් වැඩ කරන තැන හරියට වැඩ කරන්න බැරිවෙන නිසා සීයාගේ කැමැත්තත් ඇතුව නේහා නෝමල් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් විදියටම අවුරුදු දෙකම වැඩ කරා. ඒකෙන් නේහාටත් ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතුන නිසා සීයාත් නේහාගේ කැමැත්තට ඉඩ දීලා ඔෆිස් එකේදි නේහාගේ ටෘෘ අයිඩෙන්ටිටි එක හැංගුවා.

දවල් දොළහා වෙන්න විනාඩි පහක් විතර තියෙද්දි නේහා සදෙව් බලන්න යන්න ඔෆිස් එකෙන් එළියට පැන ගත්තා. හොස්පිට්ල් එකට යන පාරෙම නේහා අඳුරන ආච්චි අම්මා කෙනෙක් හිටියා. නේහා උදේ ගෙදරින් එද්දිම මේ ගමන ප්ලෑන් කරගෙන ආවේ සදෙව්ගේ දවල් කෑම එක හදාගන්න. නේහා ආච්චි අම්මව අඳුරගත්තේ දිනුලි එක්ක යන දවසක අච්චාරු ගන්න ගිහින්. දිනුලිගේ නෑදෑ අක්කා කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්දැද්දි දිනුලි නේහා එක්ක මෙතනින් අච්චාරු ගෙනිහින් තියෙනවා. නේහාත් ගොඩක් දවසට මෙතනින් අච්චාරු කනවා. අච්චාරු විකුණලා හම්බවෙන පුංචි මුදලෙන් ජීවත් වුණත් ආච්චි අම්මා කවදාවත් වංචාවෙන් වෙළඳාම කළේ නැහැ. පිරිසිදුවට බිස්නස් එක කරගෙන ගිය නිසා නේහාට වුවමනාවක් නැතත් මෙතනින් යද්දි උදව්වක් විදියට ගොඩක් දවසට අච්චාරු ගත්තා. පඩි දවසට පුංචි හරි දෙයක් ගෙනහින් දෙන්නත් නේහා පුරුද්දක් කරගෙන හිටියා. හිතවත්කම වැඩි වෙච්ච හින්දා ආච්චි අම්මා නේහාට ඉඳලා හිටලා දවසක කෙසෙල් කොලේ ඔතපු බත් මුලක් එහෙම ගෙනත් දෙනවා. නේහා වගේ කෙනෙක්ට ඊට වඩා දෙයක් දෙන්න ඇයට පුළුවන්කමක් තිබුණේ නෑ. අදත් නේහා ආච්චි අම්මාව හොයාගෙන ගෙදර ගියේ පුළුවන් නම් කෙසෙල් කොලේ ඔතපු බත් එකක් ඉල්ලගන්න කියලා හිතාගෙන. මේ වෙලාවට බත් කන්න ආච්චි ගෙදර යන බව නේහා දැනගෙන හිටියා.

නේහා ගෙට ගොඩවුණාම ආච්චි අම්මගේ මූණේ ඇඳුනේ හරිම අහිංසක හිනාවක්. ආච්චිට හිතුණේ කාත් කවුරුත් නැතුව පාළුවට තියෙන ගෙදරම එළිය වැටුණා කියලා.

”සුදු දෝණිට සෑහෙන්න දවසකින් මාව මතක්වෙලා වඟේ…”

ආච්චි අම්මා කිව්වේ අමනාපයකින් නම් නෙමෙයි කියලා නේහාට හිතුණා.

“අනේ නෑ ආච්චි අම්මේ… පහුගිය දවස් ටිකේ ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුණා. ඒකයි එළියට එන්න බැරි වුණේ…”

“ආච්චි අම්මේ… පුළුවන්ද මට උදව්වක් කරලා දෙන්න…”

“අනේ මේ දුප්පත් මට සුදු දෝණි වගේ කෙනෙක්ට කරන්න පුළුවන් උදව්ව මොකක්ඳ..?”

ආච්චි අම්මාගේ මූණේ ඇඳිච්ච බයාදුකම දැකලා නේහාගේ හිතට දුකක් ආවත් ආව වැඩේ කරගන්න ටික වේලාවකට ඒ දුක පැත්තකින් තිබ්බා.

“ආච්චි අම්මට පුළුවන්ද කෑම උයලා නම් තියෙන විදියකට මට බත් එකක් ඔතලා දෙන්න. මට නෙමේ මගේ යාළුවෙක්ට…”

“අනේ සුදු දෝණි ලොකුවට දෙයක් නම් හදාගත්තේ නෑ. මං අර එහා ගෙදර කොලුවට කියලා කොස් ගෙඩියක් කඩාගෙන ඒකට කිරි ටිකක් දැම්මා. අද උදේ එළියට බහිද්දි කාක්කෙක් අඩපු නිසා නිකමට වගේ හිතුණා සුදු දෝණිත් ඒවිදෝ කියලා. ඉතින් කීර මිටියකුත් හැදුවා. යාළුවෙකුට කිව්ව හින්දා ඒ දෙක විතරක් මදි වෙයි නේඳ..?”

“අනේ කමක් නෑ ආච්චි අම්මේ… ඒ හොඳටම ඇති… ආච්චි අම්මා එකක් හැදුවත් ඒකත් එක්ක වුණත් කන්න පුළුවන්… රසයි ගුණයි වගේම පිරිසිදුයි… මට කෙසෙල් කොලේකම ඔතලා දෙනවඳ..?”

“ඉන්නකෝ මිරිස් කරලකුයි කරවල කෑල්ලකුයි බැදලා දෙන්නම් ඩිංගිත්තක් ඉන්න පුළුවන් නම්…”

“කරදරයක් නැත්නම් පිං සිද්ධ වෙනවා…”

ආච්චි අම්මා වියපත් දෑත් ඉක්මන් කරේ නේහාට බත් මුලක් හදලා දෙන්න. නේහා වගේ කෙනෙක් එයාගේ යාළුවෙකුටත් තම දුප්පත් පැලෙන් බත් මුලක් ගෙනහින් දෙන්න තරම් තමාට නම්බු §ම ගැන හිතෙද්දි ඇස්වලට ආපු කඳුළු නේහාට නොපෙනෙන්නට පිසදමා ගත්තා.

“ඒ දරුවවත් දවසක එක්ක එන්න තියෙන විදියට කෑම ටිකක් කාලා යන්න…”

බත් මුලත් ඔතලා නේහා අතට දෙන ගමන් ආච්චි අම්මා කිව්වේ යාළුවා කවුද කියලා හිතන ගමන්.

“සනීප වුණාම මං එක්ක එන්න බලන්නම්කෝ… එයා දැන් ඉස්පිරිතාලේ ඉන්නේ… ආච්චි අම්මගේ කෑම කන්න පිරියයි… ඒකයි මං මෙහාට ආවේ…”

නේහා පරිස්සමට බත් මුල බෑග් එකට දාගත්තා.

“සුදු දෝණි නම් හැමදාම දවල්ට කෑම අරන් යන්නේ, මං නතර වෙලා ඉන්න දවස් ටිකට කෑම ටික හරි ගස්සලා දෙන්නම්…”

“ඒක ආච්චි අම්මට කරදරයක් නේඳ..?”

කරදර මැද්දේ ජීවත්වෙන ආච්චි අම්මට තවත් කරදර දාන්න නේහාට ඕන වුණේ නැහැ. ඒත් සදෙව්ගේ කෑම ප්‍රශ්නේ මෙතනින් විසඳගන්න පුළුවන් නම් හොඳයි කියලත් නේහාට හිතුණා.

“සනීප වෙලා ඉන්න මනුස්සයෙක්ට කන්න ටිකක් හදලා දෙන එක මොන කරදරයක්ද පුතේ… දවාලෙට විතරද ඕනා…”

“ඔව් ආච්චි අම්මේ… දවල්ට තිබුණොත් ඇති… උදේට මම ගෙදරින් ගෙනත් දෙනවා… හවසට කඩෙන් මොනාහරි අරන් දෙන්නම්…”

“දෝනි එනවද ගෙනියන්න… නැත්නම් මං වාට්ටුවට ගෙනහින් දෙන්නම්…”

“ඕන්නෑ ආච්චි අම්මේ මට එන්න බැරි දවසට මං සෝමදාසව එවන්නම්… එයා තමයි ළඟ නතර වෙලා ඉන්නේ… ආච්චි අම්මට පිං සිද්ධ වෙනවා…”

නේහා ආච්චි අම්මාගේ ගෙදරින් එළියට ආවේ අදිමදි කරද්දි බලෙන්ම වගේ දාහේ කොළ තුනක් ආච්චිගේ අතේ ගුලි කරලා.

නේහා අඩි ඉක්මන් කරේ ලන්ච් අවර් එක ඉවර වෙන්න කලින් ආයේ ඔෆිස් එකටත් යන්න ඕන නිසා. හොස්පිට්ල් එකට එන්න නේහාට වැඩි වෙලාවක් ගියේ නැහැ. වෝඩ් එක කිට්ටුවට එද්දි නම් මේ වෙනකං හිතේ තිබ්බ හයිය නේහාගේ හිතෙන් ටික ටික දියවෙලා යන්න පටන් ගත්තා. තාම එක දවසක්වත් සදෙව් එක්ක කතා කරලා තිබ්බේ නැති නිසා අද ෆස්ට් ටයිම් සදෙව් එක්ක කතා කරන එක නේහාට ලොකු ප්‍රශ්නයක් වුණා. වෝඩ් එක ඇතුළට යද්දි සදෙව් හිටියේ ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා. තාමත් ඇස් බැන්ඩේජ් කරලා තියෙන එක නම් හොඳයි කියලා නේහාට හිතුණේ සදෙව්ව දැක්කම. නේහා ටික ටික ඇඳ කිට්ටුවට එද්දි සදෙව්ගේ මූණට ලස්සන හිනාවක් ආවා. ඒ හිනාවට නම් වයසක ආච්චිලත් වශී වෙයි කියලා නේහාට හිතුණා. අඩි සද්ද නොකර නේහා සදෙව් ළඟට ගිහින් ටිකක් වෙලා හිටියා. කතා කරන්නේ මොනාද කියලා නේහාට හිතාගන්න බැරි වුණා. අඩු තරමේ මේ වෙලාවේ ඕනම කෙනෙක්ගේ කටට එන “දැන් කොහොමද ඔයාට…?” කියන වචන ටිකවත් නේහාගේ ඔලුවට ආවේ නෑ.

“මිස්ට මං නිසා හරිම කරදරේ නේඳ..?”

අර හිනාවත් මූනේ තියාගෙනම සදෙව් නේහාගෙන් ඇහුවා.

“කොහොමද දන්නේ මම ආවා කියලා…?”

නේහා වටපිට බැලුවේ ළඟපාතක නර්ස් කෙනෙක්වත් ඉන්නවද කියලා බලන්න. එහෙම අහද්දි සදෙව්ගේ මූණේ තිබ්බ හිනාව තවත් ලස්සනට අළුත් වුණා.

“මට ජස්මින්ස් සුවඳක් ආවා…”

“ඉතින් ජස්මින්ස් සුවඳක් ආවම ඒ මමයි කියලා දැන ගත්තේ…?”

“මට පේන්නේ නැති නිසා මට ඕන වුණා මට උදව් කරපු කෙනා කොයි වගේද කියලා දැනගන්න…”

“ඉතින්…”

සදෙව් කතා කරද්දිත් අමුතු ලස්සනක් තියෙනවා කියලා නේහාට හිතුණා. සදෙව්ගේ ඇක්සන්ට් එක නිසා. සදෙව් සිංහල කතා කරේ නුහුරු විදියට.

“ඉතින්… මම මේ සෝමදාසගෙන් ඇහුවා ඔයා කොයි වගේද කියලා…”

නේහාට ඒ වෙලාවෙයි සෝමදාස එතන ඉන්නවා කියලා මතක් වුණේ. නේහා සෝමදාස දිහා බැලුවම සෝමදාස බිම බලාගෙන කකුලෙන් බිම හාරන්න පටන් ගත්තා.

“ඉතින්….”

“ඉතින් මෙන්න සෝමදාස කිව්වා සමාධි මිස් පිච්ච මලක් වගේ කියලා… ඔයා කොයි වගේද කියලා ඇහුවම ඕක තමයි මිනිහා කිව්වේ…”

සදෙව් බෙල්ල මුලින්ම සෝමදාසව අල්ලලා දුන්නා. නේහා සෝමදාස දිහා බැලුවේ බොරුවට බුම්මගෙන.

“හරි හරි ඒ අහිංසකයට රවන්න එපා… එයාට ඔයාව පේන විදියනේ කිව්වේ… ඔයා කියලා ගියපු විදියටම මෑන් මාව හොඳට බලාගත්තා…”

“ඒ වුණාට පැහිච්ච කතානේ කියලා තියෙන්නේ…”

“බැන්ඩේජ් කරලා තිබ්බට මෙයාට පොඩ්ඩක් හරි පේනවද කොහේඳ…” එහෙම හිතුවත් නේහා ඒක කියන්න ගියේ නෑ.

“මම රැව්වේ නෑ එයාට… රැව්වද නැද්ද කියලා ඔයා කොහොමද දන්නේ…?”

“ගර්ල්ස්ලා සාමාන්‍යයෙන් එහෙමනේ…”

කෙල්ලෝ ගැන නම් මෙයා හොඳට දන්නවා වඟේ.

“ඉතින් මං මේ සෝමදාස එක්ක කතා කර කර ඉන්නකොට මට ජස්මින්ස් සුවඳක් ආවා. මං හිතුවා ඔයා එන්නැති කියලා…”

නේහාට හිනා ගියේ ඇත්තටම නේහා යූස් කරන්නේ ජස්මින්ස් ෆේග්‍රන්ස් තියෙන පර්ෆියුම් එකක් නිසා.

“කොහොමද දැන් ඔයාට…?”

නේහා ඇහුවේ කතාව මාරු කරන්න කියලා හිතාගෙන.

“ඇඟේපතේ අමාරුව ඇරෙන්න ඉතින් ඇස් පේන්නැති එක විතරයි දැනට තියෙන ලොකුම අමාරුව… ඒක නෙමෙයි බ්‍රෙක්ෆස්ට් වලට තැන්ක්යූ… හුඟ කාලෙකින් මං කිරිබත් කෑවේ… ඇඳුම්, පිලෝස් හැමදේකටම තැන්ක්යූ වෙරි මච්… හැම දේකටම වඩා මාව පාරේ දාලා එන්නේ නැතුව බේර ගත්තට පිං සිද්ධ වෙනවා…”

ඒ ටික නම් සදෙව් කිව්වේ ගොඩක් හැඟීම්බර විදියට.

“ඔයාගේ ගෙදර කාවවත් තාම කන්ටැක්ට් කරගන්න බැරි වුණාඳ..?”

“මාව මේ විදියට බලන්න එන එක ඔයාට කරදරයක් නේඳ..?”

ඒ සැරේ නම් සදෙව් හොඳටම හිත රිදෝගෙන කියලා නේහාට හිතුණා. බලන්න එන එක නෙමෙයි ළඟ නතර වෙන්න දුන්න නම් ඒකත් කැමැත්තෙන්ම කරනවා කියලා කියන්න හිතුනත් ඒක කියන්න ගියේ නෑ.

“කරදරයක් නිසා නෙමෙයි… ඔයාගේ ගෙදර අය දන්නෙ නැද්ද ඔයාට මෙහෙම කරදරයක් වුණා කියලා…”

නේහා ඇහුවේ සදෙව්ගේ ගෙදර විස්තර ටිකක් දැනගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතාගෙන.

“මගේ පේරන්ට්ස්ලා කවුරුත් මෙහේ නැහැ… මං ඉන්නේ මගේ යාළුවෙක් එක්ක… එයා ඒවි අද මාව බලන්න…”

දුක්වෙන්න ඕන වුණත් නේහා සතුටු වුණා… ගෙදර කවුරුත් මෙහෙ නැත්නම් හැමදාම වුණත් නේහාට මෙහෙ එන්න බය වෙන්න ඕන නෑ.

“මොනවද ඇත්තටම වුණේ ඔයාට…?”

**************

නැවත හමුවෙමු…

මන්දාරම් අකුරු සිත්තම  (චලනි M. අලහකෝන්)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Novels

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

Published

on

2022 වසර සඳහා වන අයවැය යෝජනාවලට අදාළ, දින 07 ක අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. අද සිට ලබන 22 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි. 

අයවැය විවාදයේ කාරක සභා විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ සඳහා වෙන් කර ඇති දින ගණන 16 ක්. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙනවා.

අයවැය විවාදය සමයේ පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 09 යි 30 ට ආරම්භ වන අතර පෙරවරු 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ සඳහා වෙන් කර තිබෙනවා. විවාදය සඳහා වෙන් කර ඇත්තේ පෙරවරු 10 යේ සිට පස්වරු 05 දක්වා කාලයයි.

පස්වරු 05 හේ සිට පස්වරු 05 යි 30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන බවයි. 

අයවැය විවාදයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සූදානම්.

(Under the courtesy of nethnews.lk news web)

Continue Reading

Novels

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය හෙටයි

Published

on

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියාව 
සහ නවසීලන්තය අතරයි.

මේ අතර ලෝකයේම අවධානය දිනා ගනිමින් ඉකුත්දා පැවති දෙවන අවසන් පූර්ව තරඟයට පාකිස්තාන කණ්ඩායමේ පිතිකරු මොහොමඩ් රිස්වාන් ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඔහු එම තරගයට ක්‍රීඩා කර ඇත්තේ ඩුබායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ පැය 36 ක් වෛද්‍ය පර්යේෂණයට ලක්වීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඒ මොහොමඩ් රිෂ්වාන්ගේ පපුවේ ඇති වූ දැඩි ආසාදන තත්ත්වයක් හේතුවෙන්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය ඉකුත් 11 වනදා පැවති අතර ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත්තේ ඉකුත් 09 වනදායි.

ශාරීරිකව යෝග්‍ය බව තහවුරු කර ගැනීමෙන් පසු මොහොමඩ් රිස්වාන් තරඟයට එක්වූ අතර එහිදී ඔහු පන්දු 52 දෙකකදී ලකුණු 67 ක් රැස් කළා. එහිදී ඔහු මෙම වසරේ පන්දුවාර 20 පිටියේ ලකුණු දහසේ සීමාව පසු කළ පළමු පිතිකරු බවට පත්වුණා. වසරක් තුළ මේ දක්වා එවැනි දස්කමක් දැක්වූ එකම පිතිකරු ද ඔහුයි. (under the courtesy of nethnews.lknews web)

Continue Reading

Novels

තරු මල් හැඩුවා රහසේ – 3

Published

on

By

3 කොටස

”මිස් අද උදේ ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාපු පේශන්ට්…”

නේහා හෙදියගෙන් ඇහුවේ සැකෙන් වඟේ.

”අා… මිස්ටර් සදෙව් ද? අපි එයාව වෝඩ් සික්ස් වලට මාරු කරා. බෙඩ් ත්‍රී එකේ ඇති…”

හෙදියට ස්තූති කරපු නේහා හයේ වාට්ටුව හොයාගෙන ගියා. “සදෙව්… ලස්සන නමක්” යන ගමන් නේහාට හිතුණා. නේහා සදෙව් ළඟට යද්දී සදෙව් හිටියේ හොඳ නින්දකට වැටිලා. උදේ උදව් කරපු මනුස්සයා කොයි වගේ මනුස්සයෙක්ද කියලාවත් හරියට බලාගන්න බැරිවුණ නේහාට දැන් නම් ඕන තරම් වෙලාව තිබ්ඹා සදෙව් දිහා ටිකක් වෙලා බලන් හිටපු නේහාට හිතුනේ ඒ නම ඒ මූණට කොච්චර ගැළපෙනවද කියලා. හරි අපූරුවට නිදාගෙන හිටපු සදෙව්ව නේහාට පෙණුනේ දිව්‍ය ලෝකෙන් හොස්පිට්ල් එකේ ඇඳක් උඩට ගොඩ බැහැපු දිව්‍ය කුමාරයෙක් වඟේ. වැඩිපුරම තුවාල වෙලා තිබුණේ සදෙව්ගේ ඔලුව. ඔලුවේ තිබ්බ තුවාල වලට අමතරව සදෙව්ගේ ඇස් දෙක බැන්ඩේජ් කරලා තිබ්බා. උදේ තිබ්බ ලේ පැල්ලම් නම් එකක්වත් දැන් මූණේ තිබ්බේ නෑ තැලුම් පාරවල් ඇරෙන්න. යටිතොල එක තැනකිල් පුපුරලා ගිහින් තිබ්ඹා අත් පා වලට නම් ඒ හැටි තුවාල වෙලා තිබුණේ නැහැ.

සදෙව් හොඳට නිදාගෙන හිටපු නිසා නේහාට මේ ඔක්කොම දේවල් බලා ගන්න හොඳ හැටි වෙලාව තිබ්බා. සදෙව් තවමත් ජීවත් වෙනවා කියලා නේහාට දැණුනේ හුස්ම ගන්නකොට හිමීට උස් පහත් වෙන පපුවෙන්. හුස්ම ගන්නේද රටාවකට කියලා සදෙව් දිහාම බලන් හිටපු නේහාට හිතුණා. ඒත් ඇස් දෙක බැන්ඩේජ් කරලා තිබ්බ එක ගැන නම් නේහාගේ හිතේ බයක් ඇති වුණා. හොඳ සැපට නිදාගෙන හිටපු සදෙව්ගෙන් ඇස් අහකට ගන්න නේහාට ලෝබ හිතුණා. කොල්ලෙක්ට මෙච්චර ලස්සන වෙන්න පුළුවන්ඳ නේහා හිතාගෙන හිටියේ ලස්සන තියෙන්නේ කෙල්ලන්ට විතරයි කියලා. ඒත් සදෙව් දිහා බලපුවහාම හින්දි, කොරියන්, තායි ඔක්කොම නළුවො පරාදයි කියලා නේහාට හිතුණා.

නේහා නර්ස් කෙනෙක් හොයාගෙන ගියේ සදෙව්ගේ තත්ත්වය කොහොමද කියලා දැනගන්න.

“මිස් බෙඩ් නම්බර් ත්‍රී එකේ ඉන්න පේශන්ට්ට දැන් කොහොමද? මං දැන් එයා ළඟ ඉඳලා ආවේ. එයාට හොඳටම නින්ද ගිහිල්ලා…”

“ඔයාට කොහොමත් තව සති දෙකක්වත් ඉන්න වෙයි. එයාගේ තුවාල සනීප වෙනකන්. කොහොමත් ඇස් දෙකේ බැන්ඩේජස් අයින් කරන්න නම් තව ටික දවසක් යාවි…”

“අැයි මිස් එයාගේ ඇස්වලට මොකද වෙලා තියෙන්නේ…?”

නේහා ඇහුවේ කලබලෙන්.

”ලොකු ඩැමේජ් එකක් වෙලා නෑ. පුංචි පුංචි වීදුරු කටු කෑලි තිබ්ඹා ඇහැ ඇතුළට ඩැමේජ් වෙලා නෑ. උඩින් විතරයි හීරිලා තියෙන්නේ…”

“පේශන්ට්ට සිහිය ආවට පස්සේ අපි එයාගෙන් විස්තර ගත්තා. ඒත් තාම ගෙදර කෙනෙක්ව කන්ටැක්ට් කර ගන්න බැරි වුණා. ඔයාට පුළුවන් නම් එයාට අඳින්න ඇඳුම් ටිකකුයි කොට්ටෙකුයි ගෙනත් දෙන්න…”

නේහා අත් ඔරලෝසුව දිහා බැලුවේ තවත් කොච්චර වෙලා තියෙනවද කියලා දැන ගන්න. දැනටමත් හවස හය වෙන්න විනාඩි ගානයි තිබ්ඹේ ගෙනාපු පලතුරු ටිකත් සදෙව්ගේ ඇඳ ළඟ තිබ්බ පුංචි කබඩ් එක උඩින් තියලා නේහා ඉක්මනට එළියට ආවේ තවත් රෑ වෙන්න කලින් ඕන කරන දේවල් ගන්න යන්න හිතාගෙන. හොස්පිට්ල් එක ළඟ තිබ්බ පුංචි ෂොප් එකෙන් ඕන කරන දේවල් ගන්න නේහාට හිත දුන්නේ නෑ. ඒක සදෙව්ගේ රූපෙට මදිපුංචි කමක් කියලා නේහාට හිතුණා. රෑ වුණත් කමක් නෑ කියලා හිතාගෙන අන්තිමට ටවුන් එකට යන්න තීරණය කළේ හොඳම දේ ගන්න හිතාගෙන. පුරුද්දට වගේ නේහා ගිහින් නතර වුණේ කැන්ඩි සිටි සෙන්ටර් එක ළඟ.

කොට්ටයක්, කොට්ට උර දෙකක්, සුදු පාට බෙඩ්ශීට් එකක්, රේසර් එකක්, සබන්, ෂැම්පු බෝතලයක්, කෝප්පයක්, පිඟානක්, හැන්දක් හා ඇඳුම් දෙක තුනකුත් හිතේ තිබ්බ විදියට නේහාට හොයා ගන්න පුළුවන් වුණා. පර්ෆියුම් එකක අඩුව දැනුනත් සුවඳ බල බල හොඳ එකක් තෝරාගන්න තරම් වෙලාවක් නේහාට ඉතුරු වෙලා තිබ්බේ නෑ. ජෙන්ට්ස් පර්ෆියුම් ගැන එච්චර දැනීමක් නේහාට තිබ්බෙත් නෑ. ඕන කෙනෙක් බේබ් කොලෝන්ග් සුවඳට කැමතියි කියලා නේහාට හිතුණා. ජොන්සන්ස් බේබ් කොලෝන්ග් බෝතලයකුත් මල්ලට දාගත්තේ හිත හිත නාස්ති කරන්න තරම් වෙලාවක් ඉතුරුවෙලා තිබ්බේ නැති නිසා. රෑට කන්න කෑම එකකුත් ළඟ තිබ්බ කඩේකින් අරගෙන නේහා හොස්පිට්ල් එකට එනකොට වෙලාව අටටත් කිට්ටු වෙලා තිබ්ඹා හොස්පිට්ල් එක ළඟින්ම සදෙව්ගේ ළඟ නතර කරවන්න මනුස්සයෙක්වත් හොයාගන්න නේහාට පුළුවන් වුණා.

නේහා සෝමදාසත් එක්ක වෝර්ඩ් එකට එනකොට සදෙව් ඇඳේ හිටියේ නැහැ. එහා පැත්තේ ඇඳේ හිටපු සීයා කිව්වේ ඇටෙන්ඩන්ට් කෙනෙක් එක්ක වොෂ් රූම් ගියා කියලා. සදෙව් එනකංවත් එතන තව රැඳෙන්න වෙලාවක් නේහාට තිබ්බේ නැහැ. දැනටමත් සීයාගෙනුයි දිනුලිගෙනුයි කෝල්ස් සෑහෙන ඇවිල්ලා තිබ්ඹා ගෙනාපු බඩු ටික ඔක්කෝම සෝමදාසගේ අතේ තියලා නේහා එළියට ආවේ රෑ නමය වෙද්දිවත් ගෙදර යන්න හිතාගෙන.

නේහා ගේට් එකෙන් ඇතුළට එනකොට එඩ්වින් හිටියේ දොරකඩ ළඟ එහාට මෙහාට ඇවිද ඇවිඳ අත් දෙකත් පස්සට බැඳගෙන එහාට මෙහාට ඇවිදින සීයාව දැක්කම නං පරක්කු වෙච්ච එකේ මෝඩකම හොඳටම තේරුණා. නේහා ගේ දිහාට ආවේ මුකුත් නොවිච්ච ගානට.

“කොහේද ගියේ මෙච්චර රෑ වෙනකං…?”

කටහඩ සද්දෙන්ම සීයට කේන්ති ගිහිල්ලා තියෙන තරම නේහාට හිතා ගන්න පුළුවන් වුණා. ගත වෙච්ච අවුරුදු ගානටම සීයා මෙච්චර සද්දෙට කතා කරපු දවසක් නේහාට මතක තිබ්බේ නෑ. සීයාගෙන් බැනුම් අහන්න වෙන විදියේ හැසිරීමක් නේහා ළඟ තිබ්බෙත් නෑ. මේ මෙච්චර රෑ වෙලා ගෙදර ආපු පළවෙනි වතාව.

”සීයේ මගේ යාළුවෙක් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා. එයාව බලන්න ගියා හවස. ට්‍රැෆික් නිසා එන්න රෑ වුණේ…”

නේහා අමාරුවේ වචන ගලපා ගත්තා.

“ඉතිං රෑ වෙනවනං කෝල් කරලා කියන්න තිබ්බනේ. හෑන්ඩ් ෆෝන් කියලා ජාතියක් මේ ලෝකේ තියෙන්නේ ඒකටත් එක්ක තමයි. ෆෝන් එක කොහෙද දාගෙන තිබ්ෙබ්. බලනවා මම කී සැරයක් අරගෙන තියෙනවද කියලා…”

සීයට තරහා ගිහින් තිබ්බේ රෑ වෙච්ච එකටත් වඩා ෆෝන් එක ආන්සර් නොකරපු එකටයි. සීයාගේ කටේ සැර තාමත් බාල වෙලා තිබ්බේ නැහැ.

“ෆෝන් එක ඔෆිස් එකේදි සයිලන්ට් කරනවනේ සීයේ. කලබලෙන්ම ආපු නිසා මට ඒක බලන්න බැරි වුණා. රෑ වෙද්දි කෝල් එකක් ගන්න තරම් ෆෝන් එකේ බැට්‍රි තිබ්බේ නෑ. ඊයේ මං රෑ මූවි එක බැලුවෙත් ෆෝන් එකෙන්නේ. චාර්ජ් කරගන්න වෙලාවක් හම්බුනේ නෑ. අද ගෙදරින් යද්දිම බැට්‍රි බැහැලා තිබ්බේ මේ…..

නේහා ෆෝන් එක සීයා දිහාට දික්කරේ, සීයා ඒක අතට අරන් බලන්නේ නෑ කියලා දැනගෙන හිටිය නිසා. සීයාව රවට්ටන්න නම් නේහාට ඕනකමක් තිබ්බේ නෑ. ඒත් මේ වෙලාවේ ඔක්කොම ඇත්ත සීයාට කියන්නත් නේහාට ඕන වුණේ නෑ.

නොදන්න මනුස්සයෙක්ට මෙච්චර උදව් කරන්න ගියපු එක ගැන දැන ගත්තොත් නම් සීයාගේ අදහස් දිනුලිගේ අදහස් වලටත් වඩා අන්ත බව නේහා දැනගෙන හිටියා. මනුස්සයෙක්ට උදව්වක් කරන එකට නම් සීයා මුකුත් කියන එකක් නැහැ. ඒත් නිතර නිතර බලන්න යන්න නම් සීයාගෙන් අවසර නොලැබෙන එක ගැන නේහාට අමුතුවෙන් හිතන්න ඕන වුණේ නැහැ.

“පුතා යාළුවන්ට උදව් කරාට කමක් නෑ. මීට පස්සේ ඔයා එන්න රෑ වෙනවනම් ගෙදර කාටහරි කියන්න…”

“හ්ම්… දැන් යන්න ගිහින් වොෂ් එකක් දාගෙන එන්න කන්න…”

සීයාට ඔලුවත් වනාගෙනම නේහා අඩියට දෙකට කාමරේට පැන ගත්තා. බාතෘඋම් එකට ගිහින් උදේ ඉඳන් වෙච්ච මහන්සිය හේදිලා යන්න කියලා හිතාගෙන පැයක් විතර වෙලා යනකං ඇති තරම් හොඳට නා ගත්තා. ඇස් පියවෙන හැම වෙලාවකම නේහාට පෙනුණේ ඇඳක් උඩට ලො සැපට නිදාගෙන හිටපු සදෙව්ව. නේහාටත් නොදැනීම නේහාගේ හිත සදෙව් ළඟ නතර වෙලා තිබ්ඹා සදෙව් ළඟ නතර වෙලා තියෙන හිත ආපසු ඇදගන්න නේහාටත් ඕනකමක් තිබ්බේ නෑ.

ඞ්ඞෙයාට මොනවා වෙන්න ඇද්ද? මට හිතෙන විදියට කාත් එක්ක හරි රණ්ඩුවකට ගිහිල්ලා… නැත්නම් ඔහොම තුවාල වෙන්න විදියක් නෑනේ… ලංකාවේ කෙනෙක් නෙමෙයිද මන්ඳා.. නේහාට එහෙම හිතුනේ සදෙව්ගේ ස්කින් කලර් එක මතක් වෙලා. සදෙව්ට තිබ්බේ යුරෝපියන්ස්ලාගෙයි සවුත් ඒෂියන්ස්ලගෙයි අතර මැද කලර් එකක්. නේහාට හිතුණේ වැඩිපුරම කහපාටක් කියලා. නේහා රාජිට කියලා රෑ කෑම එක උඩට ගෙන්න ගත්තේ ඉක්මනට කාලා නිදාගන්න යන්න හිතාගෙන. අද දවස ඉක්මනට ඉවර කරලා දාන්න නේහාට ඕන වුණා. හෙට උදේට නම් සදෙව් බලන්න හොස්පිට්ල් යන්න වෙන්නේ නෑ කියලා හිතෙද්§ පපුව ඇතුළේ කොහෙන් හරි පුංචි වේදනාවක් එනවා වගේ නේහාට දැනුණා. උදේ හය වෙද්දි හොස්පිට්ල් එක ළඟ ඉන්න නම් ගෙදරින් 5.20 ට විතරවත් යන්න ඕනා. ඒ වෙලාවට නම් තනියම යන්න සීයාගෙන් කොහොමටත් ඉඩ ලැබෙන්නේ නැති බව නේහා දැනගෙන හිටියා. මේ ගමනට ගෙදර කාවවත් දැන්ම සම්බන්ධ කරගන්න නේහාගේ බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ඇඳට පැනලා නිදාගන්න හැදුවට සෑහෙන්න වෙලාවක් යනකං නින්ද නේහා අහලකටවත් ආවේ නැහැ.

********************

වෙනදටත් වඩා උදෙන්ම නේහා නැගිට ගත්තේ සදෙව්ට උදේට කන්න ගෙනහින් දෙන්න මොනාහරි හදාගන්න හිතාගෙන. ගොඩක් වෙලාවට නේහා මොනාහරි කන්න ආස වුණාම කුස්සියට ගිහින් තනියම හදාගෙන කන දවස් තිබ්ඹා ඒ නිසා නේහා ඉඳලා හිටලා හරි කුස්සියට එන එක ගෙදර කාටවත් අමුත්තක් වුණේ නෑ. අදත් නේහා කුස්සියට ආපු එක ගැන කාටවත් සැක හිතුණේ නෑ. හැබැයි අද නම් සුදු මැණිකෙගේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා සිංදු කිය කියා කිරිබත් හදන නේහා දිහා බලං හිටපු රාජිට තේරුණා. ඒත් රාජි මුකුත් අහන්න ගියේ නෑ. නේහාත් රාජි එක්ක ඕනෑවට වඩා කතාවට නොගියේ, කතාවට ගිහින් රාජි ඔක්කොම කටින් අල්ලගනීද කියලා බය හිතුණ නිසා. රාජි නම් ඒකට උපන් හපනෙක් කියලා නේහා අත්දැකීමෙන් දැනං හිටියා. රාජි තමන්ගේ හොර ඔක්කොම අල්ල ගන්නේ කතාවට ගිහිල්ලා. රාජි කොච්චර නේහාට ලෙන්ගතු වුණත් දැන්ම සදෙව් ගැන රාජිට කියන්න නේහා කැමති වුණේ නැහැ. රාජිත් මුකුත් අහන්න ගියේ නැත්තේ මිතුරියක් වගේ ආශ්‍රය කළත් තමන් මෙහි සේවිකාවක් කියලා මතක් වුණ හින්දා.

නේහා ඉක්මනට කිරිබතකුයි ලුණු මිරිසකුයි හදාගෙන ඒක රාජිට ඔතන්න දීලා ලෑස්ති වෙන්න ගියේ පරක්කු වුණොත් අදත් දිනුලිව මඟහැරෙන නිසා.

රාජි ඔතලා දීපු කිරිබත් පාර්සලෙත් අරන් නේහා මුලින්ම ගියේ හොස්පිට්ල් එකට. ලෙඩ්ඩු බලන වෙලාව ඉවරවෙලා තිබුණ නිසා සෝමදාසට කෝල් එකක් දීලා එළියට ගෙන්න ගත්තා. සදෙව් කියන්නේ කවුද කියලා හරියටම තාම දන්නේ නැති නිසා නේහා සෝමදාසට දීලා තිබ්බේ ඩේලි යූස් කරන නේහාගේ පර්සනල් නම්බර් එක නෙමෙයි. සෝමදාසට කිරිබත් පාර්සලෙයි සල්ලියි දීලා, දවල්ටත් ආයේ එනවා කියලා ඉක්මනට හොස්පිට්ල් එකෙන් එළියට ආවේ දිනුලිව අල්ල ගන්න.

නේහා එනකං දිනුලි හිටියේ බස් හෝල්ට් එකට වෙලා ෆෝන් එකෙන් මැසේජ් කර කර. දිනුල්ගේ මැසේජ් කෙටිල්ල රෑ දොළහට එකටවත් නතර වුණේ නෑ. නින්දෙන් නැගිටලා මැසේජ්වලට රිප්ලයි කරලා ආයේ නිදාගන්නවා. ආයේ එකක් ආවොත් ආයේ නැගිටලා ඒකටත් රිප්ලයි කරලා ආයේ නිදාගන්නවා. නේහාට හිනා ගියේ දිනුලිගේ කට දැකලා. හරියට දිනුලි දිහා බලන් හිටියොත් ටයිප් කරන වචනෙත් බලන් ඉන්න කෙනාට ගෙස් කරන්න පුළුවන් කට හදන විදිහට.

“ගුඩ් මෝර්නින්…”

නේහා දිනුලි ළඟට පැන්නේ පිටිපස්සෙන් තට්ටුවකුත් දාගෙන. ලස්සන හිනාවකුත් මූණේ පුරවාගෙන හැරිලා බලපු දිනුලිගෙන් නම් ගුඩ් මෝර්නින් එකක්වත් පිළිතුරු හිනාවක්වත් ලැබුණේ නෑ.

“ම්… මූණේ තියෙන පාට නම් හරි නෑ සුදු මැණිකේ…”

”ඇයි මොන පාටද තියෙන්නේ…?”

“පෙම් පාට තමයි ඉතින් වෙන මොනාඳ.. දැන් මැඩම්ගේ සමාජ සත්කාර වැඩ ඉවරද…?”

ඊයේ තිබ්බ තරහා තාමත් ටිකක් දිනුලිගේ හිතේ තියෙනවා කියලා දිනුලිගේ කටහඩින් නේහාට තේරුණා.

“තාම නෑ…”

“තාම නෑ… හරි කමක් නෑ… දැන් කියන්නකෝ මොකද වුණේ කියලා…”

නේහා දිනුලි එක්ක ඊයේ ඉඳන් මේ වෙනකං වෙච්ච දේවල් කියද්දි දිනුලි හැමදාම කරන විදියට නේහාගේ විස්තරේට අනුව කටත් හද හදා, තියන්න ඕන තැන්වලදී හූමිටි තිය තියා කතාව අහගෙන හිටියා. කතාව ඉවරවුණාට පස්සේ නේහා දිහා ටිකක් වෙලා බලන් හිටියේ නේහාගේ හිතේ මොනාද තියෙන්නේ කියලා දැනගන්න. හිතේ මුකුත් හොරයක් නැතුව පුංචි කාලේ ඉඳන් දන්න නේහා සමාධි නම්, නොදන්න මනුස්සයෙක්ට මෙහෙම උදව් කරන්නේ නැති බව දිනුලිට හොඳටම විශ්වාසයි.

“ඉතින් දැන් ඔයා මොකද කරන්න හිතාගෙන ඉන්නේ…?”

“මුකුත් නෑ… මම එයාගේ ගෙදරින් කවුරුහරි එනකං එයාව හැමදාම බලන්න යනවා…”

නේහා කිව්වේ මිතුරියගේ පිළිතුර අනුමාන කරගෙන.

“පිස්සු හැදිලද…? හරි… මෙහෙමයි. ඔයා ඒ මනුස්සයා කරදරේ වැටිලා හිටපු වෙලාවේ එයාට උදව් කළා. අමනුස්සයෙක් නෙමෙයි නම් ඕන කෙනෙක් ඒ වගේ වෙලාවකදී ඔයා කරන දේම කරයි. ඒත් නේහා දැන් ඇති… ආයේ එහෙම ඔයා හොස්පිට්ල් පැත්තේ යන්න හිතන්නවත් එපා…”

“ඇයි ඒ…?”

“ඇයි කියන්නේ යෝදියේ ඕකවත් තේරුම් ගන්න මොලයක් නැද්ද…?”

“හා… මොලයක් නෑ ඉතින් කියන්නකෝ ඇයි කියලා…”

“ඒ මනුස්සයට සිහිය ආවට පස්සේ නම ගම විස්තර දෙන්න පුළුවන් වුණා නම්, ගෙදර කෙනෙක්ව ගෙන්න ගන්න මෙලහකට හොඳටම වෙලාව ඇති… අපේ ගෙවල්වලින් අපි චුට්ටක් රෑ වුණත් ගෙදර මිනිස්සු කුලප්පු වෙන තරම දන්නවනේ… මට විතරක් නෙමෙයි අපේ අයියා රෑ වුණත් එහෙම්මම තමයි…”

“ඉතින්…”

”ඉතින් කියන්නේ… අපි වගේ කෙනෙක් නම් මෙයාවත් මෙලහකට ගෙවල් වලින් හොයාගෙන ඇවිල්ලා… කෝල් කරලවත් තාම ගෙදරින් කෙනෙක් ඇවිත් නෑ කියන්නේ මෙතන මොකක්හරි අවුලක් තියෙනවා…..

“හ්ම්… ඒකනේ අපි එයාට උදව් කරන්න ඕනා…”

“අනේ මේ නේහා මගෙන් කුණුහරුප අහගන්න එපා… ආයේ එහෙම ඔය මිනිහව බලන්න ගිහින් තිබ්බොත් මං සීයට කියනවා හරිද… ඔයා ඔය කුණු ගොඩවල්වලට පැටලෙන්නේ නැතුව ඉන්න… “

“මට හිතෙන්නේ නෑ දිනූ එයා නකර කෙනෙක් කියලා… මට හිතෙන්නෙම එයා දිහා බලපුවහම කාගෙන් හරි උදව්වක් ඕන කියලා…”

“මෝඩයෙක් වගේ හිතන්න පුරුදු වුණේ කොහොමද…? මොකක් හරි මැඩ වැඩකට අනිවාර්යයෙන්ම සම්බන්ධ ඇති. නරක වුණත් හොඳ වුණත් අපට වැඩක් නෑ… කවුද දන්නේ අන්ඩර් වර්ල්ඩ් ලොක්කෙක්ගේ පුතෙක්ද කියලා… උන්ගේ ළමයින්ව තමයි ගොඩක් වෙලාවට පිටරටවල්වල පරිස්සමට හංගලා හදන්නේ. ඔය ෆොරින් කලර් එකක් ඇවිල්ලා තියෙන්නේ ඒක තමයි… දන්නැත්නම් දැනගන්න…”

“තව දෙයක්… නිකම් මනුස්සයෙක්ව අල්ලගෙන කවුරුත් ඔහොම ගුටිබැට දෙන්නේ නෑනේ… මැරයෙක් නෙමෙයි නම් අඩු තරමේ කෙල්ලෙක්ගේ පස්සෙන් ගිහිල්ලා චාටර් වෙලා කෙල්ලගේ අයියාගෙන් ගුටි කන්නැති…”

නේහා ටිකක් වෙලා කල්පනා කරේ ඒ කතාවෙත් හිතන්නට දෙයක් තියෙනවා කියලා තේරුණ නිසා. ඒත් සදෙව් ගැන දිනුලි කියන විදියට පිළිගන්න නේහාට හිත දුන්නේ නැහැ.

”සමහර විට හොඳ දෙයක් කරන්න ගිහින් ඒ වගේ දෙයක් වුණාද දන්නේ නෑනේ… කාව හරි බේරගන්න නැත්නම් උදව් කරන්න ගිහින් වුණත් ඔය වගේ දෙයක් වෙන්න පුළුවන් නේ…’

“ආ  ඔව්… දුප්පතාගේ හිතවතා රොබින්හුඩ් වෙන්න ඇති එහෙනං මැරෙන්න බලාගෙන උදව් කරන්නේ… අනේ මේ නිකං හිටපන් බං…”

“හ්ම්… රොබින් හුඩ් කෙනෙක් වෙන්නැති…”

නේහා නම් හිටියේ මේ ලෝකේ නෙමෙයි කියලා දිනුලිට තේරුණා.

“ඔව් ඔව් මං දැක්කා දුන්නයි ඊතල ටිකයි මග හැලිලා තියෙනවා… අනේ මේ සුදු මැණිකේ පිස්සු නටන්නැතුව ඉන්න… සීයට කිව්වම ඔය ගමන නිකන්ම නතර වෙයිනේ…”

“මනුස්සයෙක්ට උදව් කළා කියලා මෙයාට ඔච්චර ඩෝං යන්න ඕනද… මල විකාර…” එහෙම හිතුවත් නේහා ඒක කියන්න ගියේ නෑ. දිනුලිව තරහ කර ගත්තොත් මේ ගමන මෙතනින්ම නතර වෙනවා. අද දවල්ට කොහොම හරි සදෙව් බලන්න යන්න ඕනා. දිනුලි ඕක සීයාගේ කනේ තිබ්බොත් සදෙව් බැලිල්ල තියා ඔෆිස් ගමනත් නතර කරන්න වෙයි. එහෙම වුණොත් එළියට බහින එකත් බොරු. නේහා දිනුලිව ශේප් එකේ තියාගත්තේ තව දවසක් හරි සදෙව් බලන්න යන්න ඉඩ හදාගන්න.

“හරි හරි ඔයා ඕක සීයාට කියන්න ඕන නෑ… මම නොයා ඉන්නම් කෝ…”

“ඕකේ… එහෙනම් රොබින්හුඩ් ගේ චැප්ටර් එක ඉවරයි… යං… කැම්පස් එකට ගිහිල්ලා එසයිමන්ට් එකත් දාලාම ඔෆිස් එකට යං…”

නේහාගේ හොස්පිට්ල් ගමන මෙතනින්ම නතර වෙච්ච එක ගැන දිනුලි අවංකවම සතුටු වුණා. දිනුලිට හිතුනේ නේහා බොරුකාරයෙක්ට හරි මැරයෙක්ට හරි අහුවෙන්න යනවා කියලා. එහෙම සම්බන්ධෙක නේහා පැටලුනොත් එහෙම සීයාගෙන් ඕකට කවදාවත් කැමැත්තක් ලැබෙන්නේ නැති බව දිනුලිට සීයට දෙසීයක් විශ්වාසයි. එහෙම දෙයක් නිසා සීයායි නේහායි අතර ප්‍රශ්න ඇතිවෙනවා දකින්න දිනුලි කැමති වුණේ නැහැ. ඉස්කෝලේ යන කාලෙදිත් නේහා කොල්ලොත් එක්ක පැටලෙන්න ගියේ නැත්තේ නොදන්නකමට යාළුවෙලා සම්බන්ධකම් දුරදිග ගිහින් බැරි වෙලාවත් පවුලට ගැළපෙන්නේ නැති කෙනෙක් වුණොතින් ඒක මත්තෙම නැහිලා සීයාට දුකක් දෙන්න බැරි නිසා. පවුල් පසුබිම් තරාතිරම් දැනගන්නේ යාළුවුණාට පස්සේ. ඒත් සීයා, කෙනෙක්ව හොයලා දෙන්නේ මුලින්ම ඒ හැමදෙයක් ගැනම හොඳට හොයලා බලලා. ඒ නිසා නේහා ඒ දවස්වල ඉඳලම කිව්වේ කවදාහරි සීයා හොයලා දෙන කෙනෙක්ට කැමති වෙනවා කියලා. අනෙක් යාළුවෝ ඒකට හිනාවෙද්දි දිනුලි හැමදාම නේහාගේ පැත්තේ හිටියේ පුංචි කාලේ ඉඳලම නේහාගේ පවුලේ විස්තර ඔක්කොම දන්න නිසා. නේහාගේ සීයා නේහාව බලාගත්තේ එයාගෙම දරුවෙක්ගේ ළමයෙක් ගානට කියලා දිනුලි දැනගෙන හිටියා. එහෙම බැඳීමක පළුද්දක් ඇතිවෙනවා දකින්න දිනුලිට ඕන වුණේ නැහැ.

**************

නැවත හමුවෙමු…

මන්දාරම් අකුරු සිත්තම  (චලනි M. අලහකෝන්)

Continue Reading

Trending

Translate
Translate