Breaking News

Novels

තරු මල් හැඩුවා රහසේ – 2

Published

on

2 කොටස

*******************

”නේහා කෝල් එකක්…”

හීනේ හොඳම හරියේ හිටියත් නේහා අඩියට දෙකට දොර ළඟට දිව්වේ සීයාව තවත් දොර ළඟ රස්තියාදු කරවන්න හොඳ නෑ කියලා හිතුන නිසා.

”කවුද සීයේ…?”

”මං හිතන්නේ ඔයාගේ මැංගෝ ෆ්රෙන්ඩ් දිනුලි වෙන්න ඕනා. මං ඇහුවේ නම් නෑ කවුද කියලා…”

”මං වොෂ් එකක් දාගෙනම ගන්නම් සීයේ. සොරි සීයේ ඔයාට පඩි නගින්න වුණාට. රාජිව එව්වනම් ඉවරයිනේ. ඇයි සීයා කරදර වුණේ…”

කෝල් එකක් වගේ පුංචි දේකට සීයාට පඩි නැගගෙන උඩට එන්න වෙච්ච එක ගැන නම් නේහාට එයා එක්කම තරහා ගියා. පුංචි දේකට වුණත් සීයා මහන්සි වෙනවා දකින්න නේහාට ඕන වුණේ නැහැ.

”රාජි එවන්නැතුව මම ම ආවේ ඔයාට මොකක් හරි අසනීපයක් වත්ද කියලා බලන්න. වෙනදට ඔයා මෙච්චර දවල් වෙනකන් නිදියන්නේ නෑනේ. මොකෝ අද ඔෆිස් යන්නේ නෑ…?”

දැනටමත් උදේ 7 පහුවෙලා විනාඩි කීපයක් ගත වෙලා තිබුණ නිසා එඩ්වින්ගේ හිත කළබල වුණේ නේහාට අසනීපයක්වත් ද කියලයි. නේහා සඳගිරි මැදුරේ පදිංචියට ඇවිල්ලා අවුරුදු 18 ක් ගෙවිලා ගියත් තාමත් එඩ්වින්ගේ හිත එදා වගේම නේහා ගැන කළබල වුණා.

”මයි ගෝඩ් සීයේ දැන් වෙලාව කීයද? ශිට් මට හොඳටම නින්ද ගියානේ…”

නේහා ඇහුවේ ඔරලෝසුව දිහාට ඇස් කරකවන ගමන්.

”අයියෝ සීයේ මං ඊයේ රෑ වෙනකං ෆිල්ම් එකක් බැලුවා. කාලෙකට පස්සේ මූවි එකක් බැලුවේ…”

එඩ්වින් ඒකට මුකුත් කියන්න ගියේ නැත්තේ අවුරුදු 25 ක කෙල්ලෙක්ට ඉස්කෝලේ යන කාලේ වගේ අවවාද ඕන නැති නිසා.

”මම ටක් ගාලා වොෂ් එකක් දාගෙන එන්නම් සීයේ, රාජිට කියනවද මම අද බ්‍රෙක්ෆස්ට් ගන්න ඉන්නේ නෑ කියලා. බොක්ස් එකට දාලා දෙන්න කියන්න. මම දිනූ එක්ක කැම්පස් එකට ගිහිල්ලා කන්නම් හොඳේ. ප්ලී…..ස්…”

නේහා ප්ලීස් එක එච්චර දුරට ඇද්දේ සීයාව ශේප් කර ගන්න.

”මොකෝ අද කැම්පස් යන්නේ එක්සෑම් ද…

”නෑ සීයේ එසයින්මන්ට් එකක් දෙන්න තියෙනවා…”

”හ්ම්… ඔයාගේ යාළුවට කෝල් එකක් දීලා ඉන්න. නැත්නම් ආයේ ගන්න බැරි කමක් නෑ…”

වෙනදට පැයක් විතර ලෑස්තිවෙන්න වෙලා ගන්න නේහාට අද නම් ලෑස්ති වෙන්න ගියේ විනාඩි 10 යි. වෙනදට බාත්රෑම් එකේ පැය භාගයයි. ඉතුරු පැය භාගේ ඇඳුම් අඳින්නයි, මේකප් වලටයි. අද නම් විනාඩි 10 ට ඔක්කොම කර ගන්න වුණේ දිනුලිට පාරේ හිටගෙන ඉන්න වුණොත් කතන්දර කෝටියක් අහගන්න වෙන නිසා. දිනුලිට කෝල් බැක් කරන්නවත් පරක්කු වෙන්නේ නැතුව නේහා ඇඳගෙන කෑම පෙට්ටියත් බෑග් එකට ඔබාගෙන ගරාජ් එක පැත්තට දුවලා ගියේ කාලෙකින් එළියට ගත්තේ නැති ස්කූටිය තාමත් යහතින් තියෙනවද කියලා බලන්න. වාසනාවට දූවිලි තට්ටු ඇරෙන්න ඒක හොඳ තත්ත්වයෙන් තිබ්බා. ගරාජ් එක පැත්තට දුවපු නේහාගේ පස්සෙන් රාජිත් දිව්වේ මොකද කියලා බලන්න.

”මොකද සුදු මැණිකේ අද බයිසිකලේද යන්නේ… වෙනදට යාළුවා එක්ක බස් එකේනේ යන්නේ…”

”ඔව් රාජියෝ අද නම් හොඳටම පරක්කු වෙලා. අර ඩයිනමයිට් එකට විනාඩි 5 ක් හරි පාරේ හිටගෙන ඉන්න වුණොත් ඕක කෙලින්ම පුපුරන්නේ මගේ ඔළුව උඩ…”

”හොඳ රාජියා වගේ ඔන්න ඕකේ දූවිලි ටික පිහදාලා දෙන්නකෝ ඉක්මනට…”

”සමන්ව කතා කරගෙන යන්නකෝ සුදු මැණිකේ අදට. සෑහෙන දවසකින්නේ අද ඕකේ යන්න හදන්නේ. අනික මේ කලබලේට යන්න ගිහින් මොනවත් වුණොත් එහෙම…”

”අපෝ ඒ මනුස්සයාව උදේට ගාර්ඩ්න් එකෙන් එළියට ගන්නවට වඩා හොඳයි මම කැඩිච්ච බස් එකක් තල්ලු කරන් යනවා…”

නේහා කිව්වේ සමන් ගැන මතක් වෙද්දි ආපු කේන්තියත් එක්ක. පියදාස නැති වෙලාවකට ගමන් යන්න සමන්ව ගාර්ඩ්න් එකෙන් එළියට ගන්න පුළුවන් වුණේ සීයට විතරයි. සමන් මුළු දවසම ගෙව්වේ මල් ගස්වලට සාත්තු කරන්න. සමන්ව වෙන වැඩකට කතා කර ගන්න වුණොත් නම් ඉතින් නේහාටත් සමන්ට පින්සෙන්ඩු වෙන්න වුණා.

රාජි පිහදලා දීපු ස්කූටිය නේහා ගේට්ටුවෙන් එළියට දාගත්තේ සිග්සැග් හැඩේට. රාජි එහෙට මෙහෙට පැද්දි පැද්දී යන නේහා දිහා බලන් හිටියේ පපුවට අතකුත් තියාගෙන. හදිස්සියක්ම නෙවෙයි නම් නේහා ස්කූටිය එළියට ගත්තේ කලාතුරකින්. නේහා ඔෆිස් යන්න පුරුදු වෙලා හිටියේ දිනුලි එක්ක බස් එකෙන්. ගෙදර වාහන පාවිච්චි කරන්න නේහාගේ කැමැත්තක් තිබ්බේ නැහැ. ඩ්‍රයිවර් කෙනෙක් එක් කරගෙන ගියොත් ඕන නැති ආරක්ෂාවකුයි නිදහස සීමා වෙන එකයි වෙන නිසා නේහා ගෙදර වාහනයක් පාවිච්චි කළේ කළාතුරකින් දවසක. නේහාට ඕන වුණේ සාමාන්‍ය කෙනෙක් වගේ ඇසුරු කරන සමාජයේ ගැවසෙන්න. ඒකෙන් හොඳ මිනිස්සු, මිනිස්සුන්ගේ ඇත්ත ඇති සැටියෙන් දැන ගන්න නේහාට පුළුවන් වුණා. තමාගේ පසුබිම ගැන දැන ගත්තොත් බොහෝ පුද්ගලයන් තමාව ඇසුරු කරන්නේ මවා ගත් චරිතයකින් කියලා නේහා අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. ගොඩක් මිනිස්සු ළංවෙන්නේ ලාභ ප්‍රයෝජන බලාගෙනයි. එවන් පුහු අදහස් ඇති ආත්මාර්ථකාමී පුද්ගලයන් ජීවිතයට ළං කරගන්න නේහා බය වුණා. ඒ අතින් දිනුලි කලාතුරකින් කෙනෙක්ට ලැබෙන හොඳ යෙහෙළියකි.

ගෙදර ඉඳලා අතුරු පාර දිගේ ගිහින් ප්‍රධාන පාරට බයිසිකලය දාන්න ඔන්න මෙන්න තියෙද්දි ඩෝප් කාරයෙක් වගේ හතර අතට විසි වෙවී ආපු මනුස්සයෙක් පාර ඉස්සරහින් මතුවෙලා නේහාගේ ස්කූටියේ එල්ලුණා. ඇහි පිල්ලම් ගහන වේගයටත් වඩා ඉක්මනින් වෙච්ච දේ නිසා බැලන්ස් නැතුව පෙරළෙන්න ගියපු ස්කූටිය අමාරුවෙන් බේර ගත්තේ දිග කකුල් වලට පින්සිද්ධ වෙන්න.

”හෙල්ප් ප්ලීස්…”

තාමත් ස්කූටියේ එල්ලිලා හිටපු මනුස්සයාට කියාගන්න පුළුවන් වුණේ එච්චරයි. මනුස්සයාගේ මූණ නොපෙනෙන තරමටම මූණ පුරාම ලේ ගලමින් තිබ්බා. මේ වෙලාවේ මේ මනුස්සයාට කරන ලොකුම උදව්ව හොස්පිට්ල් එකකට ඉක්මණින්ම උස්සන් යන එක කියලා කළබලේම වුණත් නේහාගේ මොළේට කල්පනා වුණා. එහෙම හිතලා නේහා තුවාලකාරයාව අමාරුවෙන් ස්කූටියේ වාඩිකරවා ගත්තා. නේහාගේ වාසනාවට මනුස්සයා කලන්තයක් හදාගන්නේ නැතුව හොස්පිට්ල් එකට යනකන්ම නේහාගේ පිටේ එල්ලිලා හිටියා. වැඩිය දුරක් යන්න කලින්ම පිටිපස්සේ තියෙන බරත් එක්ක තව දුර යන්න අමාරුයි කියලා නේහාට තේරුණා. ස්කූටිය පාර පුරා යන්න ගත්තේ නේහාට බරත් එක්ක කන්ට්‍රෝල් කර ගන්න අමාරු වුණ නිසයි. මීට කලින් නේහාත් එක්ක ස්කූටියේ ගිහින් තිබුණේ දිනුලි විතරයි. ඒත් දවස් දෙකකි. දිනුලිටත් තිබ්බේ නේහාට වගේම කෙට්ටුත් නැති මහතත් නැති ශරීරයක්. අද ඉඳලා ඉඳලා ස්කූටිය ගත්තු දවසේම Èනුලි වගේ හතර පස් ගුණයක් බර තියෙන මනුස්සයෙක් දාගෙන යන්න වුණා. ඒකත් කෙළින් ඉන්න බැරි තුවාල කාරයෙක්.

නේහා මුලින්ම හිතුවේ ප්‍රයිවට් හොස්පිට්ල් එකකට යන්න. ඒත් පිටිපස්සේ ඉන්න මනුස්සයාගේ තත්ත්වය එච්චර හොඳ නෑ කියලා නේහාට තේරුණා. නේහා හැමදාම යන දන්න පාරේ නේහාට මුලින්ම හම්බ වෙන්නේ රජයේ රෝහලක්. දෙපාරක් හිතන්නේ නැතුවම නේහා ස්කූටිය ඒ පැත්තට හැරෙව්වා.

රෝගියාව හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරපු නේහා රෝහල් පරිශ්‍රයෙන් එළියට ආවේ දෙවෙනි ලෝක යුද්ධය අවසන් කරා වගේ හිතේ සැහැල්ලුවෙන්. බස් හෝල්ට් එකේ බංකුවක් උඩ වාඩිවුණේ උදේ ඉඳලා මේ වෙනකං වෙච්ච දේවල් ගැන ටිකක් නිවි හැනහිල්ලේ හිතලා බලන්න. මේ වගේ අත්±කීමකට මීට කලින් නේහා කවදාවත් මූණ දීලා තිබ්බේ නැති නිසා මේක නේහාට අමුතුම විදියේ වීර කි%යාවක් වුණා. ඒ ගැන ආයේ ආයේ කල්පනා කරද්දී නේහා හිතින් තමන්ටම වීරවරියක් වුණා.

”ම්ම්… මට හරියට මූණ බලා ගන්න බැරි වුණානේ. කොහේ බලා ගන්නද ඩ්‍රැකියුලා වගේ මූණ පුරාම ලේ පෙරාගෙන නේ හිටියේ…”

මේ වෙනකොටත් එක දිගටම රින්ග් වෙවී තිබ්බ හෑන්ඩ් ෆෝන් එක නේහා අතට ගත්තේ හදිස්සියේම දිනුලිව මතක් වෙච්ච නිසා.

”හෙලෝ දිනූ…”

”හෙලෝ දිනූ තමයි. කොහෙද ගෑනියේ ඉන්නේ? මං කීයේ ඉඳන්ද කෝල් කරන්නේ…”

දිනුලි හිටියේ පුපුරන්න ඔන්න මෙන්න කියලා දැක්කේ නැති වුණත් නේහාට හිතාගන්න පුළුවන් වුණා.

”දිනූ සොරි ඩාලිං… අද මාර වැඩක් වුණානේ. ඔයා කොහෙද දැන් ඉන්නේ? කැම්පස් එකේද…?”

”ඉලව් කැම්පස් එක, ඔයා එනකං බලන් ඉඳලා මට කැම්පස් යන්න පරක්කු වුණා. මං දැන් ඉන්නේ ඔෆිස් එකේ…”

මාර වැඩක් වුණා කිව්ව නිසා ඒ මාර වැඩේ අහගන්න දිනුලි ටිකක් සන්සුන් වෙලා හිටියා.

”හරි හරි එහෙනං හෙට උදේට මීට් වෙමු. මාත් දැන් ඔෆිස් එකට යන්න ඕනා. සුදූ අද හවසටත් මට ඔයා එක්ක යන්න එන්න වෙන්නේ නෑ හොඳේ. අපි හෙට උදේටම හම්බෙමු ඕකේ…”

”ඔෆිස් යන්නෙත් නැතුව මොනවද මෙච්චර වෙලා කළේ…? කොහෙද දැන් ඉන්නේ…?”

දිනුලි ඔහොම්මමයි. ප්‍රශ්න කෝටියයි. වෙච්ච දේ බාගෙට කියලත් ඹෑ ඔක්කොම ටික හරියට දැන ගන්නකං පස්සෙන් පන්නනවා.

”අයියෝ දිනූ මං දැන් හොස්පිට්ල් එකේ ඉන්නේ. කතා කරන්න වෙලාවක් නෑ. මං ඔෆිස් යන්න ඕනා…”

”හොස්පිට්ල් එකේ මොනාද කරන්නේ…?”

”මගේ යාළුවෙක්ව උදේ හොස්පිට්ල් ඇඩ්මිඩ් කරන්න වුණා…”

”කවුද මං නොදන්න ඔයාට ඉන්න යාළුවා? කොල්ලෙක්ද? මං හිතන් හිටියේ නේහා සමාධි සූරියබණ්ඩාර පුංචි මැණිකෙට ඉන්න යාළුවා මං විතරයි කියලා…”

මේ කරදරෙන් නම් ගැලවීමක් නෑ.

”දිනූ මට ඔෆිස් යන්න පරක්කු වෙනවා. ඔයාගේ ඔය හැම ප්‍රශ්නෙකටම උත්තර මම හෙට උදේට හොයලා දෙන්නම් ඕකේ…”

නේහා හැදුවේ ෆෝන් එක කට් කරන්න. ආයෙත් ෆෝන් එක කනේ තියා ගත්තේ දිනුලිගේ හෝව් හෝව් සද්දේ නිසයි.

”ඔයා හවසටත් හොස්පිට්ල් යනවද…?”

නේහා කෝල් එක කට් කරේ දිනුලිගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුවමයි. ඒකට උත්තර දුන්නා නම් තවත් ප්‍රශ්නයක් අහයි. ඔෆිස් යන්න වෙන්නේ හෙට උදේටයි.

ඔෆිස් එකට ආපු වෙලේ ඉඳලම වැඩක් කරන්න නේහාට හිත එක තැනක තියාගන්න අමාරු වුණා. දවසෙන් වැඩි හරියක් ගෙවා ගත්තේ ඔරලෝසුව දිහා බල බල. චරිත් ද නේහා වටේම කැරකුණේ මොකක් හරි අමුතු දෙයක් නේහාට අද වෙලා තියෙනවා කියලා ඉවෙන් වගේ දැනුණ නිසා.

”මිස් නේහා අද ආපු වෙලාවේ ඉඳලා ඔරලෝසුව දිහා බලන්නේ කවුරු හරි ස්පෙෂල් කෙනෙක් වත් එනවද ඔයාව බලන්න අද…?”

”අපෝ නෑ මිස්ටර් චරිත්, මම අඳුරන කෙනෙක් හොස්පිට්ල් ඇඩ්මිඩ් කරලා. හවසට එයාව බලන්න යන්න ඕනේ. ඒකයි කල්පනා කරේ…”

”මොනා වෙලාද…?”

”පොඩි ඇක්සිඩන්ට් එකක්. ලොකු අමාරුවක් නෑ. කකුලක් තුවාල වෙලා…”

”අා… ඕන නම් මගේ වෙහිකල් එකේම යමු. මම හොස්පිට්ල් එක ළඟින් දාන්නම්. කොහොමත් මමත් යන්නේ ඒ පැත්තෙන්නේ…”

”අනේ කරදර වෙන්න ඕන නෑ මිස්ටර් චරිත්, මගේ යාළුවෙකුත් එනවා මාත් එක්ක යන්න…”

”හ්ම්… ඔයාට නිවාඩු එහෙම ඕන නම් කියන්න මම ඇරේන්ජ් කරලා දෙන්නම්…”

”ඕකේ තැන්ක්යූ මිස්ටර් චරිත් ඕන වුනොත් මම කියන්නම්…”

චරිත්ට අකමැත්තෙන් වුණත් එතනින් ඉවත් වෙන්න වුණේ තවත් රැඳෙන්නට තරම් අනුබලයක් නේහාගෙන් නොලැබුණු නිසා. බලාපොරොත්තු වූ තරම් යහපත් ප්‍රතිචාරයක් නේහාගෙන් චරිත්ට ලැබුණේ නෑ.

චරිත් කියන්නේ නේහාගේ අංශ ප්‍රධානියා. අනෙක් සේවකයන්ට වඩා චරිත් තමාට විශේෂ සැලකල්ලක් දක්වනවා කියලා නේහාට ළඟකදී ඉඳලා දැනිලා තිබ්ඹා වෙන අය නම් පැනගෙන දැඟලුවාට නේහාට නම් ඒක ලොකු කරදරයක් වුණා. නේහාට ඕන වුණේ වැඩ කරන තැන අනවශහ් ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව සාමාන්‍ය විදියට වැඩ කරගෙන යන්න. චරිත් තරමක් දුරට කඩවසම් කියලා නේහාත් පිළිගත්තා. චරිත්ගේ පෝස්ට් එකත් ටිකක් ලොක නිසා ඔෆිස් එකේ කෙල්ලෝ කීප දෙනෙක්ගේම ඇස් චරිත් වටේ කැරකුණා. ඒත් චරිත්ගේ ඇස් නම් හැම වෙලේම කැරකුනේ නේහා ගාව. ඒ නිසා ඕනම තැනක වෙනවා වගේ නේහා ගොඩ දෙනෙක්ගේ ඊර්ෂ්‍යාවට අහුවෙලා හිටියා. ඔවුන් ඊර්ෂ්‍යා කළේ නේහාගේ ලස්සනට විතරක්ම නෙමෙයි. ලස්සන තවත් වැඩි කරපු නිරහංකාර කමටත් ඔවුන් ඊර්ෂ්‍යා කළා. ඒත් කිසිවෙකුත් නේහා කියන්නේ ධනවත් ඉහළ පැලැන්තියේ කෙනෙක් කියලා දැනගෙන හිටියේ නැහැ. නේහාත් හැසිරුණේ සාමාන්‍ය පවුලක තරුණියක් විදියට.

චරිත් කියන්නේ ටිකක් සෙල්ලක්කාර චරිතයක් කියලා නේහාත් දැනගෙන හිටියා. නේහා E.D. ඉන්ඩස්ට්‍රීස් එකට එන්න කලින් චරිත් කීප දෙනෙක් එක්කම දුර ගියපු සම්බන්ධකම් පවත්වලා තිබ්බා කියන එක ටික දවසක් යද්දී නේහාටත් රහසක් වුණේ නැහැ. චරිත් ඒ සම්බන්ධකම් වලට තිත තිබ්බේ නේහා ආවට පස්සෙයි. කොහොම වුණත් චරිත්ට නේහා එක්ක පටලැවිල්ලක් හදාගන්න ඕනකම තිබ්බට කසාදයක් දක්වා ඇදගෙන යන්න නම් බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ.

නේහා 4.45 ට විතර ඔෆිස් එකෙන් පිටත් වුණේ කෙලින්ම හොස්පිට්ල් යන්නයි. අතරමගින් පලතුරු වර්ග කීපයක් ද මිලට ගත්තු නේහා තවත් පරක්කු වෙන්නේ නැතුව වෝඩ් එකට ආවා. නමක් ගමක් දන්නේ නැති රෝගියෙකු හොයාගන්න නේහාට ටිකක් එහෙට මෙහෙට ඇවිදින්න සිද්ධ වුණා. පාරෙදි ස්කූටිය ඉස්සරහට කඩා පනිද්දී ඔහු ළඟ ගමන් මල්ලක් වත් කිසි දෙයක් තිබ්බේ නැති නිසා රෝහලට ඇතුළත් කිරීමේදී නේහාට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. තත්ත්වය තවත් බරපතල වුණේ බයිසිකලෙන් බිමට බැහැලා ට්‍රොලියට දාගන්නවත් එක්කම සිහි නැතිවෙච්ච නිසා. නැත්නම් රෝගියාගෙන්ම විස්තර අහගන්න තිබ්බා.

ටිකක් එහාට මෙහාට ඇවිදිද්දි නේහාට නර්ස් කෙනෙක් හොයාගන්න පුළුවන් වුණා.

”මිස් අද උදේ ඇක්සිඩන්ට් එකක් වෙලා ගෙනාපු පේශන්ට්…”

**************

නැවත හමුවෙමු…

මන්දාරම් අකුරු සිත්තම  (චලනි M. අලහකෝන්)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Novels

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

Published

on

2022 වසර සඳහා වන අයවැය යෝජනාවලට අදාළ, දින 07 ක අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. අද සිට ලබන 22 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි. 

අයවැය විවාදයේ කාරක සභා විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ සඳහා වෙන් කර ඇති දින ගණන 16 ක්. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙනවා.

අයවැය විවාදය සමයේ පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 09 යි 30 ට ආරම්භ වන අතර පෙරවරු 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ සඳහා වෙන් කර තිබෙනවා. විවාදය සඳහා වෙන් කර ඇත්තේ පෙරවරු 10 යේ සිට පස්වරු 05 දක්වා කාලයයි.

පස්වරු 05 හේ සිට පස්වරු 05 යි 30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන බවයි. 

අයවැය විවාදයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සූදානම්.

(Under the courtesy of nethnews.lk news web)

Continue Reading

Novels

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය හෙටයි

Published

on

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියාව 
සහ නවසීලන්තය අතරයි.

මේ අතර ලෝකයේම අවධානය දිනා ගනිමින් ඉකුත්දා පැවති දෙවන අවසන් පූර්ව තරඟයට පාකිස්තාන කණ්ඩායමේ පිතිකරු මොහොමඩ් රිස්වාන් ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඔහු එම තරගයට ක්‍රීඩා කර ඇත්තේ ඩුබායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ පැය 36 ක් වෛද්‍ය පර්යේෂණයට ලක්වීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඒ මොහොමඩ් රිෂ්වාන්ගේ පපුවේ ඇති වූ දැඩි ආසාදන තත්ත්වයක් හේතුවෙන්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය ඉකුත් 11 වනදා පැවති අතර ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත්තේ ඉකුත් 09 වනදායි.

ශාරීරිකව යෝග්‍ය බව තහවුරු කර ගැනීමෙන් පසු මොහොමඩ් රිස්වාන් තරඟයට එක්වූ අතර එහිදී ඔහු පන්දු 52 දෙකකදී ලකුණු 67 ක් රැස් කළා. එහිදී ඔහු මෙම වසරේ පන්දුවාර 20 පිටියේ ලකුණු දහසේ සීමාව පසු කළ පළමු පිතිකරු බවට පත්වුණා. වසරක් තුළ මේ දක්වා එවැනි දස්කමක් දැක්වූ එකම පිතිකරු ද ඔහුයි. (under the courtesy of nethnews.lknews web)

Continue Reading

Novels

තරු මල් හැඩුවා රහසේ – 4

Published

on

By

4 කොටස

නේහා ඔෆිස් එකට ඇවිල්ලා ඉක්මනට වැඩ ටික ඉවර කරන්න පටන් ගත්තේ ලන්ච් අවර් එකේදි කොහොමහරි ඔෆිස් එකෙන් එළියට පැනගන්න හිතාගෙන. හදිස්සියේවත් සදෙව් වෙනුවෙන් නිවාඩුවක් ගන්න ඕන වුනොත් ඒක එච්චරම ගැටළුවක් වෙන්නේ නැති බව දැනගෙන හිටියත් පස්සට ඕන වුණොත් කියලා නේහා නිවාඩු ඉතුරු කරගන්න හිතුවා.

නේහා E.D. ඉන්ඩස්ට්‍රීස්වල ජොබ් එක කරන්න පටන් අරන් දැනට අවුරුදු දෙකක් වුණත් මේ අවුරුදු දෙකටම නේහා නිවාඩු ගත්තේ දවස් 3 ක් විතරයි. සෙනසුරාදා, ඉරිදා කොහොමත් නිවාඩු නිසා නේහාට නිවාඩුවල අවශ්‍යතාවයක් ලොකුවට තිබ්බේ නෑ. නේහාට කැම්පස් එකේ ලෙක්චර්ස් තිබ්බෙත් වීක් එන්ඩ් එකේ නිසා බොරුවට නිවාඩු ටික නාස්ති කර ගන්න ඕන වුණේ නැහැ. මෙඩිසින් සිලෙක්ට් වෙන්න ලකුණු ටිකක් මදිවෙච්ච නිසා නේහා එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් පටන් ගත්තා. සීයා කොච්චර කිව්වත් ආයේ දෙවැනි සැරේ ට්‍රයි කරන්න කියලා තව අවුරුද්දක් A/L වලට නාස්ති කරලා දාන්න නේහාට ඕන වුණේ නෑ. කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි වුණත් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් මට්ටමේ හොඳ රිසාල්ට් එකක් නේහාට ලැබිලා තිබ්ඹා සීයා නේහාව රට යවලා මෙඩිසින් කරවන්න හැදුවත් නේහා ඒකට කැමති වුණේ නැත්තේ, විශීත් නැති එකේ නේහාත් ගියොත් සීයා තනිවෙන නිසා.

ඩිග්රි එක කරන ගමන් සීයාගේ කම්පැණි එකේම ජොබ් එකක් කරන්න හිතුවේ කවදාහරි නේහාගේ තාත්තාගේ බිස්නස් බලාගන්න ඕන කරන එක්ස්පීරියන්ස් ලබා ගන්න. දැනට ඒ සේරම බිස්නස් හැන්ඩ්ල් කරේ විශීගේ සීයා. ඒත් සීයාගේ පස්සෙත් ඒවා කවුරුන් හෝ ඉදිරියට ගෙන යා යුතුයි. විශී ගැන බලාපොරොත්තුවක් නම් කොහාමටවත් තබා ගත නොහැකියි. තාත්තාගෙන් මතකයක් විදියට නේහා ළඟ තිබ්බේ එච්චරයි. සීයා මෙච්චර කල් හොඳට කරගෙන ආව බිස්නස්වලට එක පාරටම එක්ස්පීරියන්ස් නැතුව අත දාන්න නේහා බයවුණා. නේහාට ඕන වුණේ තාත්තා ආදරෙන් බලාගත්තු බිස්නස් තාත්තා, සීයා වගේම හොඳින් කරගෙන යන්න. තාත්තා ගැන ලොකුවට මතකයක් නැතත් තාත්තා කියලා හිතාගෙන නේහා තාත්තාගේ බිස්නස්වලට ආදරේ කළා. එක්ස්පීරියන්ස් නැතුව බිස්නස් එක අනාගන්න නේහාට ඕන වුණේ නැහැ. වෙන තැනක ජොබ් එකක් කරනවටත් සීයා කැමති වුණේ නැති නිසා, නේහා සාමාන්‍ය සේවකයෙක් විදියට සීයාගේ කම්පැණි එකේම වැඩට ගියා. සීයාගේ කනෙක්ෂන් එක ගැන දැන ගත්තොත් වැඩ කරන තැන හරියට වැඩ කරන්න බැරිවෙන නිසා සීයාගේ කැමැත්තත් ඇතුව නේහා නෝමල් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් විදියටම අවුරුදු දෙකම වැඩ කරා. ඒකෙන් නේහාටත් ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතුන නිසා සීයාත් නේහාගේ කැමැත්තට ඉඩ දීලා ඔෆිස් එකේදි නේහාගේ ටෘෘ අයිඩෙන්ටිටි එක හැංගුවා.

දවල් දොළහා වෙන්න විනාඩි පහක් විතර තියෙද්දි නේහා සදෙව් බලන්න යන්න ඔෆිස් එකෙන් එළියට පැන ගත්තා. හොස්පිට්ල් එකට යන පාරෙම නේහා අඳුරන ආච්චි අම්මා කෙනෙක් හිටියා. නේහා උදේ ගෙදරින් එද්දිම මේ ගමන ප්ලෑන් කරගෙන ආවේ සදෙව්ගේ දවල් කෑම එක හදාගන්න. නේහා ආච්චි අම්මව අඳුරගත්තේ දිනුලි එක්ක යන දවසක අච්චාරු ගන්න ගිහින්. දිනුලිගේ නෑදෑ අක්කා කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්දැද්දි දිනුලි නේහා එක්ක මෙතනින් අච්චාරු ගෙනිහින් තියෙනවා. නේහාත් ගොඩක් දවසට මෙතනින් අච්චාරු කනවා. අච්චාරු විකුණලා හම්බවෙන පුංචි මුදලෙන් ජීවත් වුණත් ආච්චි අම්මා කවදාවත් වංචාවෙන් වෙළඳාම කළේ නැහැ. පිරිසිදුවට බිස්නස් එක කරගෙන ගිය නිසා නේහාට වුවමනාවක් නැතත් මෙතනින් යද්දි උදව්වක් විදියට ගොඩක් දවසට අච්චාරු ගත්තා. පඩි දවසට පුංචි හරි දෙයක් ගෙනහින් දෙන්නත් නේහා පුරුද්දක් කරගෙන හිටියා. හිතවත්කම වැඩි වෙච්ච හින්දා ආච්චි අම්මා නේහාට ඉඳලා හිටලා දවසක කෙසෙල් කොලේ ඔතපු බත් මුලක් එහෙම ගෙනත් දෙනවා. නේහා වගේ කෙනෙක්ට ඊට වඩා දෙයක් දෙන්න ඇයට පුළුවන්කමක් තිබුණේ නෑ. අදත් නේහා ආච්චි අම්මාව හොයාගෙන ගෙදර ගියේ පුළුවන් නම් කෙසෙල් කොලේ ඔතපු බත් එකක් ඉල්ලගන්න කියලා හිතාගෙන. මේ වෙලාවට බත් කන්න ආච්චි ගෙදර යන බව නේහා දැනගෙන හිටියා.

නේහා ගෙට ගොඩවුණාම ආච්චි අම්මගේ මූණේ ඇඳුනේ හරිම අහිංසක හිනාවක්. ආච්චිට හිතුණේ කාත් කවුරුත් නැතුව පාළුවට තියෙන ගෙදරම එළිය වැටුණා කියලා.

”සුදු දෝණිට සෑහෙන්න දවසකින් මාව මතක්වෙලා වඟේ…”

ආච්චි අම්මා කිව්වේ අමනාපයකින් නම් නෙමෙයි කියලා නේහාට හිතුණා.

“අනේ නෑ ආච්චි අම්මේ… පහුගිය දවස් ටිකේ ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුණා. ඒකයි එළියට එන්න බැරි වුණේ…”

“ආච්චි අම්මේ… පුළුවන්ද මට උදව්වක් කරලා දෙන්න…”

“අනේ මේ දුප්පත් මට සුදු දෝණි වගේ කෙනෙක්ට කරන්න පුළුවන් උදව්ව මොකක්ඳ..?”

ආච්චි අම්මාගේ මූණේ ඇඳිච්ච බයාදුකම දැකලා නේහාගේ හිතට දුකක් ආවත් ආව වැඩේ කරගන්න ටික වේලාවකට ඒ දුක පැත්තකින් තිබ්බා.

“ආච්චි අම්මට පුළුවන්ද කෑම උයලා නම් තියෙන විදියකට මට බත් එකක් ඔතලා දෙන්න. මට නෙමේ මගේ යාළුවෙක්ට…”

“අනේ සුදු දෝණි ලොකුවට දෙයක් නම් හදාගත්තේ නෑ. මං අර එහා ගෙදර කොලුවට කියලා කොස් ගෙඩියක් කඩාගෙන ඒකට කිරි ටිකක් දැම්මා. අද උදේ එළියට බහිද්දි කාක්කෙක් අඩපු නිසා නිකමට වගේ හිතුණා සුදු දෝණිත් ඒවිදෝ කියලා. ඉතින් කීර මිටියකුත් හැදුවා. යාළුවෙකුට කිව්ව හින්දා ඒ දෙක විතරක් මදි වෙයි නේඳ..?”

“අනේ කමක් නෑ ආච්චි අම්මේ… ඒ හොඳටම ඇති… ආච්චි අම්මා එකක් හැදුවත් ඒකත් එක්ක වුණත් කන්න පුළුවන්… රසයි ගුණයි වගේම පිරිසිදුයි… මට කෙසෙල් කොලේකම ඔතලා දෙනවඳ..?”

“ඉන්නකෝ මිරිස් කරලකුයි කරවල කෑල්ලකුයි බැදලා දෙන්නම් ඩිංගිත්තක් ඉන්න පුළුවන් නම්…”

“කරදරයක් නැත්නම් පිං සිද්ධ වෙනවා…”

ආච්චි අම්මා වියපත් දෑත් ඉක්මන් කරේ නේහාට බත් මුලක් හදලා දෙන්න. නේහා වගේ කෙනෙක් එයාගේ යාළුවෙකුටත් තම දුප්පත් පැලෙන් බත් මුලක් ගෙනහින් දෙන්න තරම් තමාට නම්බු §ම ගැන හිතෙද්දි ඇස්වලට ආපු කඳුළු නේහාට නොපෙනෙන්නට පිසදමා ගත්තා.

“ඒ දරුවවත් දවසක එක්ක එන්න තියෙන විදියට කෑම ටිකක් කාලා යන්න…”

බත් මුලත් ඔතලා නේහා අතට දෙන ගමන් ආච්චි අම්මා කිව්වේ යාළුවා කවුද කියලා හිතන ගමන්.

“සනීප වුණාම මං එක්ක එන්න බලන්නම්කෝ… එයා දැන් ඉස්පිරිතාලේ ඉන්නේ… ආච්චි අම්මගේ කෑම කන්න පිරියයි… ඒකයි මං මෙහාට ආවේ…”

නේහා පරිස්සමට බත් මුල බෑග් එකට දාගත්තා.

“සුදු දෝණි නම් හැමදාම දවල්ට කෑම අරන් යන්නේ, මං නතර වෙලා ඉන්න දවස් ටිකට කෑම ටික හරි ගස්සලා දෙන්නම්…”

“ඒක ආච්චි අම්මට කරදරයක් නේඳ..?”

කරදර මැද්දේ ජීවත්වෙන ආච්චි අම්මට තවත් කරදර දාන්න නේහාට ඕන වුණේ නැහැ. ඒත් සදෙව්ගේ කෑම ප්‍රශ්නේ මෙතනින් විසඳගන්න පුළුවන් නම් හොඳයි කියලත් නේහාට හිතුණා.

“සනීප වෙලා ඉන්න මනුස්සයෙක්ට කන්න ටිකක් හදලා දෙන එක මොන කරදරයක්ද පුතේ… දවාලෙට විතරද ඕනා…”

“ඔව් ආච්චි අම්මේ… දවල්ට තිබුණොත් ඇති… උදේට මම ගෙදරින් ගෙනත් දෙනවා… හවසට කඩෙන් මොනාහරි අරන් දෙන්නම්…”

“දෝනි එනවද ගෙනියන්න… නැත්නම් මං වාට්ටුවට ගෙනහින් දෙන්නම්…”

“ඕන්නෑ ආච්චි අම්මේ මට එන්න බැරි දවසට මං සෝමදාසව එවන්නම්… එයා තමයි ළඟ නතර වෙලා ඉන්නේ… ආච්චි අම්මට පිං සිද්ධ වෙනවා…”

නේහා ආච්චි අම්මාගේ ගෙදරින් එළියට ආවේ අදිමදි කරද්දි බලෙන්ම වගේ දාහේ කොළ තුනක් ආච්චිගේ අතේ ගුලි කරලා.

නේහා අඩි ඉක්මන් කරේ ලන්ච් අවර් එක ඉවර වෙන්න කලින් ආයේ ඔෆිස් එකටත් යන්න ඕන නිසා. හොස්පිට්ල් එකට එන්න නේහාට වැඩි වෙලාවක් ගියේ නැහැ. වෝඩ් එක කිට්ටුවට එද්දි නම් මේ වෙනකං හිතේ තිබ්බ හයිය නේහාගේ හිතෙන් ටික ටික දියවෙලා යන්න පටන් ගත්තා. තාම එක දවසක්වත් සදෙව් එක්ක කතා කරලා තිබ්බේ නැති නිසා අද ෆස්ට් ටයිම් සදෙව් එක්ක කතා කරන එක නේහාට ලොකු ප්‍රශ්නයක් වුණා. වෝඩ් එක ඇතුළට යද්දි සදෙව් හිටියේ ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා. තාමත් ඇස් බැන්ඩේජ් කරලා තියෙන එක නම් හොඳයි කියලා නේහාට හිතුණේ සදෙව්ව දැක්කම. නේහා ටික ටික ඇඳ කිට්ටුවට එද්දි සදෙව්ගේ මූණට ලස්සන හිනාවක් ආවා. ඒ හිනාවට නම් වයසක ආච්චිලත් වශී වෙයි කියලා නේහාට හිතුණා. අඩි සද්ද නොකර නේහා සදෙව් ළඟට ගිහින් ටිකක් වෙලා හිටියා. කතා කරන්නේ මොනාද කියලා නේහාට හිතාගන්න බැරි වුණා. අඩු තරමේ මේ වෙලාවේ ඕනම කෙනෙක්ගේ කටට එන “දැන් කොහොමද ඔයාට…?” කියන වචන ටිකවත් නේහාගේ ඔලුවට ආවේ නෑ.

“මිස්ට මං නිසා හරිම කරදරේ නේඳ..?”

අර හිනාවත් මූනේ තියාගෙනම සදෙව් නේහාගෙන් ඇහුවා.

“කොහොමද දන්නේ මම ආවා කියලා…?”

නේහා වටපිට බැලුවේ ළඟපාතක නර්ස් කෙනෙක්වත් ඉන්නවද කියලා බලන්න. එහෙම අහද්දි සදෙව්ගේ මූණේ තිබ්බ හිනාව තවත් ලස්සනට අළුත් වුණා.

“මට ජස්මින්ස් සුවඳක් ආවා…”

“ඉතින් ජස්මින්ස් සුවඳක් ආවම ඒ මමයි කියලා දැන ගත්තේ…?”

“මට පේන්නේ නැති නිසා මට ඕන වුණා මට උදව් කරපු කෙනා කොයි වගේද කියලා දැනගන්න…”

“ඉතින්…”

සදෙව් කතා කරද්දිත් අමුතු ලස්සනක් තියෙනවා කියලා නේහාට හිතුණා. සදෙව්ගේ ඇක්සන්ට් එක නිසා. සදෙව් සිංහල කතා කරේ නුහුරු විදියට.

“ඉතින්… මම මේ සෝමදාසගෙන් ඇහුවා ඔයා කොයි වගේද කියලා…”

නේහාට ඒ වෙලාවෙයි සෝමදාස එතන ඉන්නවා කියලා මතක් වුණේ. නේහා සෝමදාස දිහා බැලුවම සෝමදාස බිම බලාගෙන කකුලෙන් බිම හාරන්න පටන් ගත්තා.

“ඉතින්….”

“ඉතින් මෙන්න සෝමදාස කිව්වා සමාධි මිස් පිච්ච මලක් වගේ කියලා… ඔයා කොයි වගේද කියලා ඇහුවම ඕක තමයි මිනිහා කිව්වේ…”

සදෙව් බෙල්ල මුලින්ම සෝමදාසව අල්ලලා දුන්නා. නේහා සෝමදාස දිහා බැලුවේ බොරුවට බුම්මගෙන.

“හරි හරි ඒ අහිංසකයට රවන්න එපා… එයාට ඔයාව පේන විදියනේ කිව්වේ… ඔයා කියලා ගියපු විදියටම මෑන් මාව හොඳට බලාගත්තා…”

“ඒ වුණාට පැහිච්ච කතානේ කියලා තියෙන්නේ…”

“බැන්ඩේජ් කරලා තිබ්බට මෙයාට පොඩ්ඩක් හරි පේනවද කොහේඳ…” එහෙම හිතුවත් නේහා ඒක කියන්න ගියේ නෑ.

“මම රැව්වේ නෑ එයාට… රැව්වද නැද්ද කියලා ඔයා කොහොමද දන්නේ…?”

“ගර්ල්ස්ලා සාමාන්‍යයෙන් එහෙමනේ…”

කෙල්ලෝ ගැන නම් මෙයා හොඳට දන්නවා වඟේ.

“ඉතින් මං මේ සෝමදාස එක්ක කතා කර කර ඉන්නකොට මට ජස්මින්ස් සුවඳක් ආවා. මං හිතුවා ඔයා එන්නැති කියලා…”

නේහාට හිනා ගියේ ඇත්තටම නේහා යූස් කරන්නේ ජස්මින්ස් ෆේග්‍රන්ස් තියෙන පර්ෆියුම් එකක් නිසා.

“කොහොමද දැන් ඔයාට…?”

නේහා ඇහුවේ කතාව මාරු කරන්න කියලා හිතාගෙන.

“ඇඟේපතේ අමාරුව ඇරෙන්න ඉතින් ඇස් පේන්නැති එක විතරයි දැනට තියෙන ලොකුම අමාරුව… ඒක නෙමෙයි බ්‍රෙක්ෆස්ට් වලට තැන්ක්යූ… හුඟ කාලෙකින් මං කිරිබත් කෑවේ… ඇඳුම්, පිලෝස් හැමදේකටම තැන්ක්යූ වෙරි මච්… හැම දේකටම වඩා මාව පාරේ දාලා එන්නේ නැතුව බේර ගත්තට පිං සිද්ධ වෙනවා…”

ඒ ටික නම් සදෙව් කිව්වේ ගොඩක් හැඟීම්බර විදියට.

“ඔයාගේ ගෙදර කාවවත් තාම කන්ටැක්ට් කරගන්න බැරි වුණාඳ..?”

“මාව මේ විදියට බලන්න එන එක ඔයාට කරදරයක් නේඳ..?”

ඒ සැරේ නම් සදෙව් හොඳටම හිත රිදෝගෙන කියලා නේහාට හිතුණා. බලන්න එන එක නෙමෙයි ළඟ නතර වෙන්න දුන්න නම් ඒකත් කැමැත්තෙන්ම කරනවා කියලා කියන්න හිතුනත් ඒක කියන්න ගියේ නෑ.

“කරදරයක් නිසා නෙමෙයි… ඔයාගේ ගෙදර අය දන්නෙ නැද්ද ඔයාට මෙහෙම කරදරයක් වුණා කියලා…”

නේහා ඇහුවේ සදෙව්ගේ ගෙදර විස්තර ටිකක් දැනගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතාගෙන.

“මගේ පේරන්ට්ස්ලා කවුරුත් මෙහේ නැහැ… මං ඉන්නේ මගේ යාළුවෙක් එක්ක… එයා ඒවි අද මාව බලන්න…”

දුක්වෙන්න ඕන වුණත් නේහා සතුටු වුණා… ගෙදර කවුරුත් මෙහෙ නැත්නම් හැමදාම වුණත් නේහාට මෙහෙ එන්න බය වෙන්න ඕන නෑ.

“මොනවද ඇත්තටම වුණේ ඔයාට…?”

**************

නැවත හමුවෙමු…

මන්දාරම් අකුරු සිත්තම  (චලනි M. අලහකෝන්)

Continue Reading

Trending

Translate
Translate