Breaking News

Novels

තරු මල් හැඩුවා රහසේ – 1

Published

on

1 කොටස

****************

සෙල්ලම් බඩු පුරවපු කූඩෙත් අතින් ඇදගෙන පුංචි නේහා ගියේ විශීගේ කාමරය ළඟට. දොර ළඟට වෙලා හිටගෙන චුට්ටක් වෙලා කල්පනා කරේ වෙනදා වගේම විශී අදත් එළවා ගනීදෝ කියලා බය හිතුන නිසා.

විශී හිටියේ පිංතූර කොලයකින් කපා ගත්තු පළතුරු වල රූප එයාගේ පොතේ අලවලා ඒවා ඉස්සරහින් ඒ ඒ පළතුරුවලට අදාළ ඉංග්‍රීසි නම් ලියමින්. කරන වැඩේටම අවධානය යොමු කරගෙන හිටපු නිසා නේහා එන බවක් විශීට ඇහුනේ නෑ.

”විශී අපි සෙල්ලම් කරමුද?…”

බයෙන් බයෙන් වුණත් නේහා ඇහුවේ මේ ගෙදර සෙල්ලම් කරන්න විශී ඇරෙන්න වෙන කවුරුවත් නේහාට හිටියේ නැති නිසා.

නේහාගේ කටහඩ ඇහෙනවත් එක්කම විශී දොර දිහා හැරිලා බැලුවේ කරදරකාර නේහාව එලවා දමන්න හිතාගෙන.

”තමුසෙට මම කියලා තියෙනවා නේද මගේ කාමරේට එන්න එපා කියලා. මං සෙල්ලම් කරන්නේ මට ඕන අයත් එක්ක විතරයි. යනවා යන්න මෙතනින්. මට තමුසෙව පේන්න බෑ පොල්කිච්චි…”

දොරත් සද්දෙට වහල දැම්මේ කරදරකාර නේහාට ආයේ එන්න බැරි වෙන්න. හුරතලේට හැදුනු වැඩුනු විශී නපුරු වෙන්න පටන් ගත්තේ නේහා ආවට පස්සේ. සීයාගේ ආදරේ සම්පූර්ණයෙන්ම අයිති වෙලා තිබ්බේ විශීට. නේහා එන්න කලින් නේහාගේ අම්මාගෙයි තාත්තාගෙයි සම්පූර්ණ ආදරෙත් ලැබුණේ විශීට. ශාන්තිටයි අතුලටයි නේහා ලැබෙද්දි පුංචි විශීට අවුරුදු 3 ලැබුවා විතරයි. හුරතලේට දඟවැඩ කර කර හැමෝගෙම ආදරය මැද්දේ ගේ පුරා දුවලා පැනලා සෙල්ලම් කර කර හිටපු විශීට එයාගේම නොවුනත් තවත් නංගියෙක් ඒ ගෙදරට ආපු එක නම් දරා ගන්න අමාරු වුණා. රසම රස කෑම ජාති හම්බුනේ නේහා ඉන්න වෙලාවට දෙකට බෙදිලා. සීයාගේ ආදරේත් දෙකට බෙදුනා. සෙල්ලම් බඩුත් දෙකට බෙදා ගන්න වුණා. නේහා ආපු දවසට නතර වෙන්න නේහාට වෙනම කාමරයකුත් සීයා නේහාට දුන්නා.

අම්මයි තාත්තයි එක්ක ඉඳලා හිටලා විශීගේ ගෙදරට ඇවිල්ලා ගියපු නේහාට විශීගේ සීයා එඩ්වින් දිසාසේකර ගේ ගෙදර සදහටම නතර වෙන්න වුණේ නේහාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් එකකින් නැති වුණාට පස්සෙයි. හොඳම යාළුවෝ වුණත් එක්කුස උපන් සහෝදරයෝ ගානට ඇසුරු කරපු නීලක දිසාසේකරට තම මිතුරාගේ හදිසි වියෝව දරා ගන්න බැරි වුණා. නේහාට අම්මයි තාත්තයි දෙන්නම නැති වෙද්දි විශීට තාත්තාව නැති වුණා.

නේහාට වඩා වසර 3 කින් වැඩිමහළු වුණත් ඒ වෙනකොට දස හැවිරිදි වියේ හිටපු විශීට නේහාගේ පැමිණීම වගේම තාත්තාගේ වියෝවත් දරා ගන්න අමාරු වුණා. හිතේ දුක නැතිකර ගත්තේ පුංචි නේහාට කරදර කරලා. සීයා ගෙදර නැති හැම වෙලාවක්ම විහී මඟහැර ගන්නැතුව නේහාව රිද්දන්න ප්‍රයෝජනයට ගත්තා. නේහාට පැන්සලෙන් අනින එක, ලස්සන දිගට තිබ්බ කොණ්ඩ කරල කපා දැමීම, නේහාගේ සෙරෙප්පු විසි කිරීම, විශී විනෝදාංශයක් කරගෙන තිබ්ඹා හැම වෙලේම පිළිවෙළට ඇන්ද පැළැන්ද විශී නේහාගේ ඇඳුම් අවුල් කරලා දැම්මා. යාළුවෝ තෝරලා බේරලා ආශ්‍රය කරපු විශී පුළුවන් හැම වෙලාවකම නේහාව මෙහෙකරුවන්ගේ ළමුන් අතරට තල්ලු කරා. වළව් පෙළපතකට උරුමකම් කිව්ව විශී කොහොමත් හිටියේ වයසට නොගැළපෙන තරමේ ලොකු කමක් හිතේ පුරවගෙන.

විශීගෙන් කෙතරම් හිරිහැර ලැබුණත් නේහා ±වටුණේ විශී ළඟමයි. අදත් නේහා සෙල්ලමු බඩු කූඩෙත් ඇදගෙන විශීව හොයාගෙන ගියේ කැමතිම සෙල්ලම් බඩුවක් §ලා හරි විශීව යාළු කරගන්න හිතාගෙන. ඒත් අදත් වුණේ වෙනදා විදියටම කඳුළු පුරවං එළියට එන්නයි. සෙල්ලම් බඩු කූඩෙත් ඇදගෙනම නේහා පඩිපෙල බැහැලා සීයාව හොයාගෙන ගියේ වෙනදටත් නේහා මේ වෙලාවට කරන්නේ සීයාගේ උකුළට පැනලා හුරතල් වෙන එක. අද නම් නේහාගේ හිත හොඳටම රිදිලා. T.V. එක දිහාවට ඇස් යොමාගෙන හිටියත් පුංචි අඩි සද්දයට නේහාගේ සීයා එඩ්වින් දිසාසේකර හැරිලා බැලුවා.

”සීයේ මං කැතයිඳ..?”

”කවුද කියන්නේ මගේ චූටි සුරංගනාවි කැතයි කියලා. ඔයා තමයි මගේ ලස්සනම ලස්සන චූටි දුව…”

මොකකට හරි කෙල්ලගේ හිත හොඳටම රිදිලා කියලා එඩ්වින්ට හිතුණා.

”ඒහෙනම් ඇයි විශී කවදාවත් මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ නැත්තේ. එයා හැමදාම ඉන්නේ මාත් එක්ක තරහා වෙලා. හැම තිස්සේම මට බණිනවා…”

හැමදාමත් වගේ කෙල්ලගේ හිත රිදිලා තියෙන්නේ මොකටද කියලා එඩ්වින්ට තේරුණා. තවමත් වයස අවුරුදු 7 ක් වෙච්ච මිණිබිරියගේ හිත නොතැලෙන්නට උත්තරයක් හදාගන්න එඩ්වින්ට ටිකක් වෙලා ගන්න වුණා.

”කියන්නකෝ සීයේ…”

”ඔයාට ලොකු එක්සෑම් එකක් තියෙනවනේ. ඉතිං විශී ගොඩක් මහන්සි වෙලා පාඩම් කරන්න ඕනා. ඉතිං එයාට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැනේ. ඔයත් ලොකු වුණාම විශී වගේ හොඳට පාඩම් කරන්න ඕන හරිඳ..?”

”හ්ම්… ස්කොලර්ෂිප් එක්සෑම්ඳ..?”

”හ්ම්… ඔය දන්නේ මගේ පුංචි කෙල්ල…”

එඩ්වින් නේහාගේ හිස අතගෑවේ දැනටමත් දුක් විඳින මේ පුංචි කෙල්ලගේ ජීවිතයට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් තවත් කරදර නම් එන්න එපා කියලා හිතාගෙන.

”තාත්තේ…”

එඩ්වින් නේහාව බිමින් තිබ්බේ මාධිනි ආවේ මොකක් හරි බරපතල දෙයක් කියන්නට බව ඉවෙන් වගේ තේරිලා.

”චූටි දූ ඔයාටත් ස්කූල් හෝම් වර්ක් තියෙනවා නේද? යන්න ගිහිං ඒවා ඉවර කරන්න කාටුන් පටන් ගන්න කළින් හොඳ බබා වඟේ…”

මාධිනී චොක්ලට් එකක් දීලා නේහාව පිටත් කරේ තමන් ගන්නට යන තීරණය තාත්තාගේ අවධානය මුළුමනින්ම ඕන වුණ නිසා.

”මොකද දුව මුකුත් ප්‍රශ්නයක්ඳ..?”

”ප්‍රශ්නයක්මත් නෙමේ තාත්තේ, මං දන්නේ නෑ මං ගත්තු තීරණේ හරිද වැරදිද කියලා. මට තාත්තාගේ අදහසත් දැනගන්න ඕන…”

”ඔව් මොකක්ද පුතා ඔයා ගත්තු තීරණේ…?”

”තාත්තේ මම විශීවත් අරගෙන U.K. යන්න හිතුවා ටික කාලෙකට…”

”මොකක්ද පුතා මේ වගේ තීරණයක් හදිස්සියේ ගන්න තරම් හේතුව…?”

කුමක් හෝ වැදගත් හේතුවක් නොමැතිව තම ලේලිය මෙබඳු තීරණයක් නොගන්නා බව එඩ්වින් දැනගෙන හිටියා.

”හදිසියේ නෙමෙයි තාත්තේ, මං හොඳට හිතලා බලලා මේ තීරණේ ගත්තේ…”

”ඔයයි විශියි දෙන්නම ගියාම මේ කෙල්ලට මොකද වෙන්නේ? කෙල්ලෙක් හදාගන්න එක මේ වයසක මට එච්චර ලේසි නෑ කියලා මට වඩා ඔයා හොඳට දන්නවා මාධිනි…”

”මං මේ තීරණේ ගත්තේ අපේ පොඩි එවුන් දෙන්නම ගැන හිතලා තාත්තේ. නේහායි විශියි එක ළඟ ඉන්න එකෙන් අපේ කොල්ලා තවත් නපුරු වෙනවා. මට හිතා ගන්න බෑ මේක කොහෙන් කෙළවර වෙයිද කියලා…”

”විශී හැම තිස්සෙම කෙල්ල එක්ක පැටලෙන්න බලන්නේ. අවස්ථාවක් ලැබුණොත් අපි එහෙ මෙහෙ වෙනකං ඉඳලා අර බැල්කනියෙන් පහළට තල්ලු කරලා දාන්න වුනත් බැරිකමක් නෑ…”

”එකෙක් මෙතනින් අයින් කරන එක තමයි හොඳම ඳේ අපේ එකාව අයින් කරලා තියන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම ඳේ…”

එඩ්වින්ටත් හිතුනේ මේ වෙලාවේ කළයුතු හොඳම දේ එය බවයි. එයට සෑහෙන තවත් හේතු කාරණා ඕන තරම් තිබ්බත් මේ වෙලාවේ ඒවා කියලා මාදිනිගේ හිතට බරක් එකතු කරන්න එඩ්වින්ට ඕන වුණේ නැහැ. මෙලෙස කාරණා සිදු වුවහොත් එයින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සියල්ලන්ටම වන්නේ යහපතකි.

දෙමව්පියන්ගේ මරණින් පස්සේ නේහා සඳගිරි මැදුරේ නතර වුණේ මෙහි රැඳීමට කැමති වූ නිසා. නේහාගේ කැමැත්ත නිසා නීතියෙන් ද නේහාගේ අයිතිය එඩ්වින් දිසාසේකරට ලැබුණා. නේහාගේ මිත්තණිය නේහාව කැනඩාවට අරං යන්න හැදුවත් නේහාගෙන් ඊට කැමැත්තක් ලැබුණේ නැහැ. තමන්ගේම ඥාතීන්ටවත් හුරු නැති නේහාව විදේශයකට යවන්නට එඩ්වින් කොහොමටවත් එකඟ වුණේ නැහැ. නමුත් මළගම දවසේදි නේහාගේ මිත්තණිය නේහාගෙන් සමුගත්තේ ඕනෑම වෙලාවක තමා ළඟට එන්නට නේහාට අවසර දෙමින්. තමන්ගේම ලේ නෑකම් ඇති මිණිබිරියකටත් වඩා සෙනෙහසක් ආදරයක් එඩ්වින්ගේ හිතේ නේහාට තිබ්ඹා විශී කොල්ලෙක්. යන්නේ අම්මා එක්ක. නේහාට වඩා විශීට ඒ නුහුරු විදෙස් ජීවිතයට හුරු විය හැකි බව එඩ්වින්ගේ හිත කිව්වා.

”කවද්ද යන්න හිතං ඉන්නේ…?”

”වීසා ok වුණ ගමන් යනවා…”

මේ වෙලාවේ මේ සංවාදය තවත් කෙනෙක් කේන්තියෙන් පුපුරු ගසමින් අහගෙන හිටියා.

”විශී…. පුතා ඉන්න… මං කියන දේ අහන්න…”

කඳුළු පිසලමින් දුවන විශීව අල්ලගන්න මාදිනී පස්සෙන් දිව්වත් විශී අම්මට කලින් කාමරයට රිංගාගෙන දොර වහගත්තේ නේහාට හිතෙන් බැන බැන. නේහා නිසා තමාට තමාගේම ගෙදරින් යන්නට සිදුවී ඇත. ඇඳට වෙලා ඇති තරම් හඩා වැටුණේ පුංචි හිතේ දුක තුනී කරගන්න. විශීට දැණුනේ නේහා කියන්නේ කතා පොත්වල ඉන්නවා වගේ නපුරු මායාකාරියක් විදියටයි. බෙඩ්ශීට් එකෙන් ඔළුවේ ඉඳලා පෙරවා ගත්තේ නේහා එයාගේ මැජික් යෂ්ඨියෙන් විශීව පුච්චලා දායි කියලා බය හිතුණ නිසා.

*****************

එඩ්වින් මාදිනීවත් විශීවත් කටුනායක ගුවන් තොටුපොළට එක්කරගෙන ගියේ හිත ගලක් වගේ හයිය කරගෙන. මාදිනී නොදැන සිටියද මාදිනීගේ තීරණය නිසා එක් අතකින් විශීගේ ජීවිතය සුරක්ෂිත වීම එඩ්වින්ගේ හිතට සැනසීමක් ගෙනාවා. නීලක ජීවතුන් අතර නොමැති නිසා කවදා හෝ මේ සියළුම ව්යෙආපාරවල අනාගත හිමිකරු විශීයි. එබැවින් ඔහු ජීවත් විය යුතුයි.

”සීයේ මං වෙනුවට අරයව යවන්න බැයිඳ..?”

විශී සීයාගේ අතේ එල්ලුනේ අන්තිම මොහොතේ හෝ අම්මාගේ තීරණය වෙනස් කරන්න සීයාගේ උදව් ලබාගන්නයි. විශීට මොන දේ දාලා ගියත් සීයාව දාලා යන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. විශීගේ ලෝකයේ වීරයා වුණේ සීයායි.

”ඔයාට යන්නම වෙනවා මගේ කොල්ලෝ. මං පුළුවන් හැම වෙලාවකම එනවා ඔයාව බලන්න…”

කෙදිනකවත් කරන්නට නොසිතූ දෙයක් එඩ්වින් කිව්වේ විශීගේ හිත හදන්නයි. විශී ලංකාවෙන් පිටවන බවත්, ඉන්නේ කොහිද කියාත් කවුරුවත් දැනගත යුතු නැත.

”මට සීයව දාලා යන්න බෑ…”

”You must go my son…”

විශී තවත් සැරයක් සීයාව බදාගත්තේ තමාට යන්නම වෙන බව දැණුන නිසයි.

”I love you සීයේ…”

*************

නැවත හමුවෙමු…

මන්දාරම් අකුරු සිත්තම (චලනි M. අලහකෝන්)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Novels

අයවැය දෙවන වර කියවීමේ විවාදය අද සිට

Published

on

2022 වසර සඳහා වන අයවැය යෝජනාවලට අදාළ, දින 07 ක අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. අද සිට ලබන 22 වනදා දක්වා දෙවන වර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා පස්වරු 05 ට සිදු කිරීමට නියමිතයි. 

අයවැය විවාදයේ කාරක සභා විවාදය ලබන 23 වනදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා. ඒ සඳහා වෙන් කර ඇති දින ගණන 16 ක්. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙනවා.

අයවැය විවාදය සමයේ පාර්ලිමේන්තු රැස්වීම් පෙරවරු 09 යි 30 ට ආරම්භ වන අතර පෙරවරු 10 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්ණ සඳහා වෙන් කර තිබෙනවා. විවාදය සඳහා වෙන් කර ඇත්තේ පෙරවරු 10 යේ සිට පස්වරු 05 දක්වා කාලයයි.

පස්වරු 05 හේ සිට පස්වරු 05 යි 30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ගැලරිය මහජනතාව සඳහා විවෘත නොවන බවයි. 

අයවැය විවාදයේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට නෙත් නිවුස් සූදානම්.

(Under the courtesy of nethnews.lk news web)

Continue Reading

Novels

විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහ තරගය හෙටයි

Published

on

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වීමට නියමිතයි. ඒ, ඕස්ට්‍රේලියාව 
සහ නවසීලන්තය අතරයි.

මේ අතර ලෝකයේම අවධානය දිනා ගනිමින් ඉකුත්දා පැවති දෙවන අවසන් පූර්ව තරඟයට පාකිස්තාන කණ්ඩායමේ පිතිකරු මොහොමඩ් රිස්වාන් ක්‍රීඩා කළ ආකාරය සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබෙනවා. ඔහු එම තරගයට ක්‍රීඩා කර ඇත්තේ ඩුබායි රෝහලක දැඩි සත්කාර ඒකකයේ පැය 36 ක් වෛද්‍ය පර්යේෂණයට ලක්වීමෙන් පසුව වීම විශේෂත්වයක්. ඒ මොහොමඩ් රිෂ්වාන්ගේ පපුවේ ඇති වූ දැඩි ආසාදන තත්ත්වයක් හේතුවෙන්.

ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය ඉකුත් 11 වනදා පැවති අතර ඔහු දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත්තේ ඉකුත් 09 වනදායි.

ශාරීරිකව යෝග්‍ය බව තහවුරු කර ගැනීමෙන් පසු මොහොමඩ් රිස්වාන් තරඟයට එක්වූ අතර එහිදී ඔහු පන්දු 52 දෙකකදී ලකුණු 67 ක් රැස් කළා. එහිදී ඔහු මෙම වසරේ පන්දුවාර 20 පිටියේ ලකුණු දහසේ සීමාව පසු කළ පළමු පිතිකරු බවට පත්වුණා. වසරක් තුළ මේ දක්වා එවැනි දස්කමක් දැක්වූ එකම පිතිකරු ද ඔහුයි. (under the courtesy of nethnews.lknews web)

Continue Reading

Novels

තරු මල් හැඩුවා රහසේ – 4

Published

on

By

4 කොටස

නේහා ඔෆිස් එකට ඇවිල්ලා ඉක්මනට වැඩ ටික ඉවර කරන්න පටන් ගත්තේ ලන්ච් අවර් එකේදි කොහොමහරි ඔෆිස් එකෙන් එළියට පැනගන්න හිතාගෙන. හදිස්සියේවත් සදෙව් වෙනුවෙන් නිවාඩුවක් ගන්න ඕන වුනොත් ඒක එච්චරම ගැටළුවක් වෙන්නේ නැති බව දැනගෙන හිටියත් පස්සට ඕන වුණොත් කියලා නේහා නිවාඩු ඉතුරු කරගන්න හිතුවා.

නේහා E.D. ඉන්ඩස්ට්‍රීස්වල ජොබ් එක කරන්න පටන් අරන් දැනට අවුරුදු දෙකක් වුණත් මේ අවුරුදු දෙකටම නේහා නිවාඩු ගත්තේ දවස් 3 ක් විතරයි. සෙනසුරාදා, ඉරිදා කොහොමත් නිවාඩු නිසා නේහාට නිවාඩුවල අවශ්‍යතාවයක් ලොකුවට තිබ්බේ නෑ. නේහාට කැම්පස් එකේ ලෙක්චර්ස් තිබ්බෙත් වීක් එන්ඩ් එකේ නිසා බොරුවට නිවාඩු ටික නාස්ති කර ගන්න ඕන වුණේ නැහැ. මෙඩිසින් සිලෙක්ට් වෙන්න ලකුණු ටිකක් මදිවෙච්ච නිසා නේහා එක්ස්ටර්නල් ඩිග්‍රි එකක් පටන් ගත්තා. සීයා කොච්චර කිව්වත් ආයේ දෙවැනි සැරේ ට්‍රයි කරන්න කියලා තව අවුරුද්දක් A/L වලට නාස්ති කරලා දාන්න නේහාට ඕන වුණේ නෑ. කැම්පස් සිලෙක්ට් වෙන්න බැරි වුණත් ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් මට්ටමේ හොඳ රිසාල්ට් එකක් නේහාට ලැබිලා තිබ්ඹා සීයා නේහාව රට යවලා මෙඩිසින් කරවන්න හැදුවත් නේහා ඒකට කැමති වුණේ නැත්තේ, විශීත් නැති එකේ නේහාත් ගියොත් සීයා තනිවෙන නිසා.

ඩිග්රි එක කරන ගමන් සීයාගේ කම්පැණි එකේම ජොබ් එකක් කරන්න හිතුවේ කවදාහරි නේහාගේ තාත්තාගේ බිස්නස් බලාගන්න ඕන කරන එක්ස්පීරියන්ස් ලබා ගන්න. දැනට ඒ සේරම බිස්නස් හැන්ඩ්ල් කරේ විශීගේ සීයා. ඒත් සීයාගේ පස්සෙත් ඒවා කවුරුන් හෝ ඉදිරියට ගෙන යා යුතුයි. විශී ගැන බලාපොරොත්තුවක් නම් කොහාමටවත් තබා ගත නොහැකියි. තාත්තාගෙන් මතකයක් විදියට නේහා ළඟ තිබ්බේ එච්චරයි. සීයා මෙච්චර කල් හොඳට කරගෙන ආව බිස්නස්වලට එක පාරටම එක්ස්පීරියන්ස් නැතුව අත දාන්න නේහා බයවුණා. නේහාට ඕන වුණේ තාත්තා ආදරෙන් බලාගත්තු බිස්නස් තාත්තා, සීයා වගේම හොඳින් කරගෙන යන්න. තාත්තා ගැන ලොකුවට මතකයක් නැතත් තාත්තා කියලා හිතාගෙන නේහා තාත්තාගේ බිස්නස්වලට ආදරේ කළා. එක්ස්පීරියන්ස් නැතුව බිස්නස් එක අනාගන්න නේහාට ඕන වුණේ නැහැ. වෙන තැනක ජොබ් එකක් කරනවටත් සීයා කැමති වුණේ නැති නිසා, නේහා සාමාන්‍ය සේවකයෙක් විදියට සීයාගේ කම්පැණි එකේම වැඩට ගියා. සීයාගේ කනෙක්ෂන් එක ගැන දැන ගත්තොත් වැඩ කරන තැන හරියට වැඩ කරන්න බැරිවෙන නිසා සීයාගේ කැමැත්තත් ඇතුව නේහා නෝමල් ස්ටාෆ් මෙම්බර් කෙනෙක් විදියටම අවුරුදු දෙකම වැඩ කරා. ඒකෙන් නේහාටත් ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතුන නිසා සීයාත් නේහාගේ කැමැත්තට ඉඩ දීලා ඔෆිස් එකේදි නේහාගේ ටෘෘ අයිඩෙන්ටිටි එක හැංගුවා.

දවල් දොළහා වෙන්න විනාඩි පහක් විතර තියෙද්දි නේහා සදෙව් බලන්න යන්න ඔෆිස් එකෙන් එළියට පැන ගත්තා. හොස්පිට්ල් එකට යන පාරෙම නේහා අඳුරන ආච්චි අම්මා කෙනෙක් හිටියා. නේහා උදේ ගෙදරින් එද්දිම මේ ගමන ප්ලෑන් කරගෙන ආවේ සදෙව්ගේ දවල් කෑම එක හදාගන්න. නේහා ආච්චි අම්මව අඳුරගත්තේ දිනුලි එක්ක යන දවසක අච්චාරු ගන්න ගිහින්. දිනුලිගේ නෑදෑ අක්කා කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා ඉන්දැද්දි දිනුලි නේහා එක්ක මෙතනින් අච්චාරු ගෙනිහින් තියෙනවා. නේහාත් ගොඩක් දවසට මෙතනින් අච්චාරු කනවා. අච්චාරු විකුණලා හම්බවෙන පුංචි මුදලෙන් ජීවත් වුණත් ආච්චි අම්මා කවදාවත් වංචාවෙන් වෙළඳාම කළේ නැහැ. පිරිසිදුවට බිස්නස් එක කරගෙන ගිය නිසා නේහාට වුවමනාවක් නැතත් මෙතනින් යද්දි උදව්වක් විදියට ගොඩක් දවසට අච්චාරු ගත්තා. පඩි දවසට පුංචි හරි දෙයක් ගෙනහින් දෙන්නත් නේහා පුරුද්දක් කරගෙන හිටියා. හිතවත්කම වැඩි වෙච්ච හින්දා ආච්චි අම්මා නේහාට ඉඳලා හිටලා දවසක කෙසෙල් කොලේ ඔතපු බත් මුලක් එහෙම ගෙනත් දෙනවා. නේහා වගේ කෙනෙක්ට ඊට වඩා දෙයක් දෙන්න ඇයට පුළුවන්කමක් තිබුණේ නෑ. අදත් නේහා ආච්චි අම්මාව හොයාගෙන ගෙදර ගියේ පුළුවන් නම් කෙසෙල් කොලේ ඔතපු බත් එකක් ඉල්ලගන්න කියලා හිතාගෙන. මේ වෙලාවට බත් කන්න ආච්චි ගෙදර යන බව නේහා දැනගෙන හිටියා.

නේහා ගෙට ගොඩවුණාම ආච්චි අම්මගේ මූණේ ඇඳුනේ හරිම අහිංසක හිනාවක්. ආච්චිට හිතුණේ කාත් කවුරුත් නැතුව පාළුවට තියෙන ගෙදරම එළිය වැටුණා කියලා.

”සුදු දෝණිට සෑහෙන්න දවසකින් මාව මතක්වෙලා වඟේ…”

ආච්චි අම්මා කිව්වේ අමනාපයකින් නම් නෙමෙයි කියලා නේහාට හිතුණා.

“අනේ නෑ ආච්චි අම්මේ… පහුගිය දවස් ටිකේ ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුණා. ඒකයි එළියට එන්න බැරි වුණේ…”

“ආච්චි අම්මේ… පුළුවන්ද මට උදව්වක් කරලා දෙන්න…”

“අනේ මේ දුප්පත් මට සුදු දෝණි වගේ කෙනෙක්ට කරන්න පුළුවන් උදව්ව මොකක්ඳ..?”

ආච්චි අම්මාගේ මූණේ ඇඳිච්ච බයාදුකම දැකලා නේහාගේ හිතට දුකක් ආවත් ආව වැඩේ කරගන්න ටික වේලාවකට ඒ දුක පැත්තකින් තිබ්බා.

“ආච්චි අම්මට පුළුවන්ද කෑම උයලා නම් තියෙන විදියකට මට බත් එකක් ඔතලා දෙන්න. මට නෙමේ මගේ යාළුවෙක්ට…”

“අනේ සුදු දෝණි ලොකුවට දෙයක් නම් හදාගත්තේ නෑ. මං අර එහා ගෙදර කොලුවට කියලා කොස් ගෙඩියක් කඩාගෙන ඒකට කිරි ටිකක් දැම්මා. අද උදේ එළියට බහිද්දි කාක්කෙක් අඩපු නිසා නිකමට වගේ හිතුණා සුදු දෝණිත් ඒවිදෝ කියලා. ඉතින් කීර මිටියකුත් හැදුවා. යාළුවෙකුට කිව්ව හින්දා ඒ දෙක විතරක් මදි වෙයි නේඳ..?”

“අනේ කමක් නෑ ආච්චි අම්මේ… ඒ හොඳටම ඇති… ආච්චි අම්මා එකක් හැදුවත් ඒකත් එක්ක වුණත් කන්න පුළුවන්… රසයි ගුණයි වගේම පිරිසිදුයි… මට කෙසෙල් කොලේකම ඔතලා දෙනවඳ..?”

“ඉන්නකෝ මිරිස් කරලකුයි කරවල කෑල්ලකුයි බැදලා දෙන්නම් ඩිංගිත්තක් ඉන්න පුළුවන් නම්…”

“කරදරයක් නැත්නම් පිං සිද්ධ වෙනවා…”

ආච්චි අම්මා වියපත් දෑත් ඉක්මන් කරේ නේහාට බත් මුලක් හදලා දෙන්න. නේහා වගේ කෙනෙක් එයාගේ යාළුවෙකුටත් තම දුප්පත් පැලෙන් බත් මුලක් ගෙනහින් දෙන්න තරම් තමාට නම්බු §ම ගැන හිතෙද්දි ඇස්වලට ආපු කඳුළු නේහාට නොපෙනෙන්නට පිසදමා ගත්තා.

“ඒ දරුවවත් දවසක එක්ක එන්න තියෙන විදියට කෑම ටිකක් කාලා යන්න…”

බත් මුලත් ඔතලා නේහා අතට දෙන ගමන් ආච්චි අම්මා කිව්වේ යාළුවා කවුද කියලා හිතන ගමන්.

“සනීප වුණාම මං එක්ක එන්න බලන්නම්කෝ… එයා දැන් ඉස්පිරිතාලේ ඉන්නේ… ආච්චි අම්මගේ කෑම කන්න පිරියයි… ඒකයි මං මෙහාට ආවේ…”

නේහා පරිස්සමට බත් මුල බෑග් එකට දාගත්තා.

“සුදු දෝණි නම් හැමදාම දවල්ට කෑම අරන් යන්නේ, මං නතර වෙලා ඉන්න දවස් ටිකට කෑම ටික හරි ගස්සලා දෙන්නම්…”

“ඒක ආච්චි අම්මට කරදරයක් නේඳ..?”

කරදර මැද්දේ ජීවත්වෙන ආච්චි අම්මට තවත් කරදර දාන්න නේහාට ඕන වුණේ නැහැ. ඒත් සදෙව්ගේ කෑම ප්‍රශ්නේ මෙතනින් විසඳගන්න පුළුවන් නම් හොඳයි කියලත් නේහාට හිතුණා.

“සනීප වෙලා ඉන්න මනුස්සයෙක්ට කන්න ටිකක් හදලා දෙන එක මොන කරදරයක්ද පුතේ… දවාලෙට විතරද ඕනා…”

“ඔව් ආච්චි අම්මේ… දවල්ට තිබුණොත් ඇති… උදේට මම ගෙදරින් ගෙනත් දෙනවා… හවසට කඩෙන් මොනාහරි අරන් දෙන්නම්…”

“දෝනි එනවද ගෙනියන්න… නැත්නම් මං වාට්ටුවට ගෙනහින් දෙන්නම්…”

“ඕන්නෑ ආච්චි අම්මේ මට එන්න බැරි දවසට මං සෝමදාසව එවන්නම්… එයා තමයි ළඟ නතර වෙලා ඉන්නේ… ආච්චි අම්මට පිං සිද්ධ වෙනවා…”

නේහා ආච්චි අම්මාගේ ගෙදරින් එළියට ආවේ අදිමදි කරද්දි බලෙන්ම වගේ දාහේ කොළ තුනක් ආච්චිගේ අතේ ගුලි කරලා.

නේහා අඩි ඉක්මන් කරේ ලන්ච් අවර් එක ඉවර වෙන්න කලින් ආයේ ඔෆිස් එකටත් යන්න ඕන නිසා. හොස්පිට්ල් එකට එන්න නේහාට වැඩි වෙලාවක් ගියේ නැහැ. වෝඩ් එක කිට්ටුවට එද්දි නම් මේ වෙනකං හිතේ තිබ්බ හයිය නේහාගේ හිතෙන් ටික ටික දියවෙලා යන්න පටන් ගත්තා. තාම එක දවසක්වත් සදෙව් එක්ක කතා කරලා තිබ්බේ නැති නිසා අද ෆස්ට් ටයිම් සදෙව් එක්ක කතා කරන එක නේහාට ලොකු ප්‍රශ්නයක් වුණා. වෝඩ් එක ඇතුළට යද්දි සදෙව් හිටියේ ඇඳ උඩ එරමිණිය ගොතාගෙන වාඩිවෙලා. තාමත් ඇස් බැන්ඩේජ් කරලා තියෙන එක නම් හොඳයි කියලා නේහාට හිතුණේ සදෙව්ව දැක්කම. නේහා ටික ටික ඇඳ කිට්ටුවට එද්දි සදෙව්ගේ මූණට ලස්සන හිනාවක් ආවා. ඒ හිනාවට නම් වයසක ආච්චිලත් වශී වෙයි කියලා නේහාට හිතුණා. අඩි සද්ද නොකර නේහා සදෙව් ළඟට ගිහින් ටිකක් වෙලා හිටියා. කතා කරන්නේ මොනාද කියලා නේහාට හිතාගන්න බැරි වුණා. අඩු තරමේ මේ වෙලාවේ ඕනම කෙනෙක්ගේ කටට එන “දැන් කොහොමද ඔයාට…?” කියන වචන ටිකවත් නේහාගේ ඔලුවට ආවේ නෑ.

“මිස්ට මං නිසා හරිම කරදරේ නේඳ..?”

අර හිනාවත් මූනේ තියාගෙනම සදෙව් නේහාගෙන් ඇහුවා.

“කොහොමද දන්නේ මම ආවා කියලා…?”

නේහා වටපිට බැලුවේ ළඟපාතක නර්ස් කෙනෙක්වත් ඉන්නවද කියලා බලන්න. එහෙම අහද්දි සදෙව්ගේ මූණේ තිබ්බ හිනාව තවත් ලස්සනට අළුත් වුණා.

“මට ජස්මින්ස් සුවඳක් ආවා…”

“ඉතින් ජස්මින්ස් සුවඳක් ආවම ඒ මමයි කියලා දැන ගත්තේ…?”

“මට පේන්නේ නැති නිසා මට ඕන වුණා මට උදව් කරපු කෙනා කොයි වගේද කියලා දැනගන්න…”

“ඉතින්…”

සදෙව් කතා කරද්දිත් අමුතු ලස්සනක් තියෙනවා කියලා නේහාට හිතුණා. සදෙව්ගේ ඇක්සන්ට් එක නිසා. සදෙව් සිංහල කතා කරේ නුහුරු විදියට.

“ඉතින්… මම මේ සෝමදාසගෙන් ඇහුවා ඔයා කොයි වගේද කියලා…”

නේහාට ඒ වෙලාවෙයි සෝමදාස එතන ඉන්නවා කියලා මතක් වුණේ. නේහා සෝමදාස දිහා බැලුවම සෝමදාස බිම බලාගෙන කකුලෙන් බිම හාරන්න පටන් ගත්තා.

“ඉතින්….”

“ඉතින් මෙන්න සෝමදාස කිව්වා සමාධි මිස් පිච්ච මලක් වගේ කියලා… ඔයා කොයි වගේද කියලා ඇහුවම ඕක තමයි මිනිහා කිව්වේ…”

සදෙව් බෙල්ල මුලින්ම සෝමදාසව අල්ලලා දුන්නා. නේහා සෝමදාස දිහා බැලුවේ බොරුවට බුම්මගෙන.

“හරි හරි ඒ අහිංසකයට රවන්න එපා… එයාට ඔයාව පේන විදියනේ කිව්වේ… ඔයා කියලා ගියපු විදියටම මෑන් මාව හොඳට බලාගත්තා…”

“ඒ වුණාට පැහිච්ච කතානේ කියලා තියෙන්නේ…”

“බැන්ඩේජ් කරලා තිබ්බට මෙයාට පොඩ්ඩක් හරි පේනවද කොහේඳ…” එහෙම හිතුවත් නේහා ඒක කියන්න ගියේ නෑ.

“මම රැව්වේ නෑ එයාට… රැව්වද නැද්ද කියලා ඔයා කොහොමද දන්නේ…?”

“ගර්ල්ස්ලා සාමාන්‍යයෙන් එහෙමනේ…”

කෙල්ලෝ ගැන නම් මෙයා හොඳට දන්නවා වඟේ.

“ඉතින් මං මේ සෝමදාස එක්ක කතා කර කර ඉන්නකොට මට ජස්මින්ස් සුවඳක් ආවා. මං හිතුවා ඔයා එන්නැති කියලා…”

නේහාට හිනා ගියේ ඇත්තටම නේහා යූස් කරන්නේ ජස්මින්ස් ෆේග්‍රන්ස් තියෙන පර්ෆියුම් එකක් නිසා.

“කොහොමද දැන් ඔයාට…?”

නේහා ඇහුවේ කතාව මාරු කරන්න කියලා හිතාගෙන.

“ඇඟේපතේ අමාරුව ඇරෙන්න ඉතින් ඇස් පේන්නැති එක විතරයි දැනට තියෙන ලොකුම අමාරුව… ඒක නෙමෙයි බ්‍රෙක්ෆස්ට් වලට තැන්ක්යූ… හුඟ කාලෙකින් මං කිරිබත් කෑවේ… ඇඳුම්, පිලෝස් හැමදේකටම තැන්ක්යූ වෙරි මච්… හැම දේකටම වඩා මාව පාරේ දාලා එන්නේ නැතුව බේර ගත්තට පිං සිද්ධ වෙනවා…”

ඒ ටික නම් සදෙව් කිව්වේ ගොඩක් හැඟීම්බර විදියට.

“ඔයාගේ ගෙදර කාවවත් තාම කන්ටැක්ට් කරගන්න බැරි වුණාඳ..?”

“මාව මේ විදියට බලන්න එන එක ඔයාට කරදරයක් නේඳ..?”

ඒ සැරේ නම් සදෙව් හොඳටම හිත රිදෝගෙන කියලා නේහාට හිතුණා. බලන්න එන එක නෙමෙයි ළඟ නතර වෙන්න දුන්න නම් ඒකත් කැමැත්තෙන්ම කරනවා කියලා කියන්න හිතුනත් ඒක කියන්න ගියේ නෑ.

“කරදරයක් නිසා නෙමෙයි… ඔයාගේ ගෙදර අය දන්නෙ නැද්ද ඔයාට මෙහෙම කරදරයක් වුණා කියලා…”

නේහා ඇහුවේ සදෙව්ගේ ගෙදර විස්තර ටිකක් දැනගන්න පුළුවන් වුණොත් හොඳයි කියලා හිතාගෙන.

“මගේ පේරන්ට්ස්ලා කවුරුත් මෙහේ නැහැ… මං ඉන්නේ මගේ යාළුවෙක් එක්ක… එයා ඒවි අද මාව බලන්න…”

දුක්වෙන්න ඕන වුණත් නේහා සතුටු වුණා… ගෙදර කවුරුත් මෙහෙ නැත්නම් හැමදාම වුණත් නේහාට මෙහෙ එන්න බය වෙන්න ඕන නෑ.

“මොනවද ඇත්තටම වුණේ ඔයාට…?”

**************

නැවත හමුවෙමු…

මන්දාරම් අකුරු සිත්තම  (චලනි M. අලහකෝන්)

Continue Reading

Trending

Translate
Translate