Breaking News

Sinhala News

ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

Published

on


පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට යළි රැස්වනවා. ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතයි. මේ අතර වසර දෙකකට අධික කාලයක් පුරා පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා පනවා තිබූ නීති අද සිට ලිහිල් කෙරෙනවා.

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකසභාව ඉකුත් දා ගනු ලැබූ තීරණයකට අනුවයි. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රන්නාදු.

( under the courtesy of nethnews.lk news web)

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sinhala News

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

Published

on

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට භාණ්ඩ එවීමේ දී රේගුවේ ලියාපදිංචි වී ඇති ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා රේගුව මහජනතාවට දැනුම් දී තිබේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවනු ලබන භාණ්ඩ අස්ථාන ගතවීම සහ හානි සිදුවීම පිළිබඳව ලැබෙන පැමිණිලිවල සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බව රේගුව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රේගුව සමග ලියාපදිංචි වී නොමැති ආයතන හරහා භාණ්ඩ එවීමේදී මෙම සිදුවීම් වැඩි වශයෙන් ඇතිවන බවය.

එම නිසා භාණ්ඩ මෙරටට එවීමේදී රේගුවේ ලියාපදිංචි ආයතන සමග පමණක් කටයුතු කරන ලෙස රේගුව දැනුම් දෙයි.මේ අතර මෙරටට ආනයනය කරන භාණ්ඩ රේගුවෙන් නිදහස් කිරීමේදී පවතින නීතී සංශෝධනය කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

නිදහස ජනතා සභාවේ මන්ත්‍රීවරුන් සහ කාගෝ සංගමයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රිවරයා වේ බව ප්‍රකාශ කළේය.

( Under the courtesy of adaderana.lk news web)

Continue Reading

Sinhala News

නාසා Dart මෙහෙයුම සාර්ථකයි

Published

on

ලෝකය රැකගැනීම සඳහා නාසා ආයතනය කළ සුවිශේෂී මෙහෙයුමක් සාර්ථක වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ දිනයේ මෙලෙස සාර්ථකත්වයට පත්ව ඇති බව වාර්තා වන්නේ නාසා ආයතනය දියත් කරනු ලැබූ Dart මෙහෙයුමයි.මෙහිදී කිලෝග්‍රෑම් 610ක පමණ බරකින් සමන්විත අභ්‍යාවකාශ යානයක් ග්‍රහකයක ඝට්ටනය වීමට සලස්වා තිබේ.

එමගින් නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ පෘථිවියේ ඝට්ටණය වීමේ අවධානමක් ඇති ග්‍රහක කොටස්වල ගමන් මාර්ගය වෙනස් කිරීමේ ඇති හැකියාව සොයා බැලීමය.

ඉතිහාසයේ සඳහන් වන පරිදි වසර මිලියන 65කට පමණ සිදුවූ දැවැන්ත ග්‍රහකයක ඝට්ටනයක් හේතුවෙන් පෘථිවියේ සමස්ථ ජීවයෙන් සියයට 75ක ප්‍රතිශතයක් වඳවීමට ලක්ව ඇති බවය.

ඉදිරියේදී පෘථිවිය වෙත එල්ලවිය හැකි එවැනි අවදානමකින් ගැලවීම සඳහා මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

මෙම මෙහෙයුමට අදාළව නාසා ආයතනය විසින් ගෙන ආ සජීවී විකාශය පහතින් නරඹන්න.

( under the courtesy of adaderana.lk news web)

Continue Reading

Sinhala News

උපන්දිනය දා දියේ ගිලී අතුරුදන්වූ පාසල් සිසුවා

Published

on

පයාගල, කලමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු සිය 17වන උපන්දිනදා මිතුරන් දෙදෙනෙකු සමග දිය නාමින් සිටියදී මුහුදේ ගිලී අතුරුදන්ව ඇතැයි පයාගල පොලිසිය පැවසීය.

රන්මුතු ඩෙරන් සිල්වා නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකු මෙසේ මුහුදේ ගිලී අතුරුදහන්ව තිබේ.

මිතුරන් කිහිප දෙනෙකු උපන්දින සාදයට අවශ්‍ය ත්‍යාග රැගෙන ඒමට ගොස් ඇති අතරතුර එයට සහභාගිවීමට පැමිණි තවත් මිතුරන් දෙදෙනෙකු සමග ඔහු පයාගල, කලමුල්ල සාන්ත අන්තෝනි පාර කෙලවර මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

තිදෙනා එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, අසල සිටි තරුණයෙක් වහා දියට පැන එක් සිසුවෙකු බේරාගෙන තිබුණි.

අනෙක් සිසුන් දෙදෙනා ලී කොටයක එල්ලී සිට ඇති බවත් ඉන් එක් සිසුවෙකු බේරාගැනීමේදී අතුරුදහන් සිසුවා එක්වරම දියේ ගිලී නොපෙනී ගිය බවත් බේරාගැනීමට මුල්වූ තරුණයා පැවසීය.

අතුරුදහන්ව ඇති සිසුවා කළුතර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි දක්ෂ සිසුවෙකු බවත්, ඔහු මේවර අපොස සාපෙළ විභාගයට පෙනී සිටි බව වාර්තා විය.

( Under the courtesy of adaderana.lk news web)

Continue Reading

Latest News

Translate
Translate